Binance එකෙන් P2P Crypto මිලදී ගන්නේ කොහොමද?

Nisal Chandrasekara
4 min readNov 3, 2020

How to safely Buy USDT / BTC / ETH in Sri Lanka with Binance P2P

Binance P2P in Sri Lanka — Sinhala Advertisement Banner

P2P කියන්නෙ මොකක්ද? —

Binance P2P හරහා Crypto මිලදී ගන්නේ කෙසේද යන්න දැනගැනීමට පහත Video එක බලන්න.

https://www.youtube.com/watch?v=Si_KLSbNSZ8

නැතහොත් පහත සවිස්තරාත්මක මාර්ගෝපදේශය කියවා මිලදී ගන්නා ආකාරය දැනගන්න.

පියවර 1

Binance app එකට Log වෙන්න

  • ඔබට දැනටමත් Binance ගිණුමක් තිබේ නම් “Login” මත Click කර පියවර 4 වෙත යන්න.
  • ඔබට දැනට Binance ගිණුමක් නැති නම් වම් පස උඩ ඇති “Register” මත Click කරන්න
Binance App එක සඳහා Register වීම

පියවර 2

ඔබගේ Email එක සහ Login Password එක ඇතුලත් කරන්න. Binance Terms කියවා “Register” Click කරන්න.

පියවර 3

ඔබගේ Email එක සහ Password එක ඇතුලත් කර “Log in” Click කරන්න.

පියවර 4

Log in වූ පසු වම් පස උඩ ඇති User icon එක මත Click කර Identity Verification එක සම්පූර්ණ කරන්න.

පියවර 5

Binance App එකේ මුල් පිටුවට ගොස් “P2P Trading” Click කරන්න. P2P නොපෙන්වයි නම් “Trade” ටැබ් එක වෙත් ගොස් “P2P” තෝරන්න

P2P පිටුවේදී, “Buy” Click කර ඔබට අවශ්‍ය Crypto එක තෝරන්න.

(උදා:- USDT)

දකුණු පස ඉහලින් අවශ්‍ය මුදල් වර්ගය (LKR) තෝරන්න.

ඉන්පසුව විකුණුම්කරුගේ Username, Orders ප්‍රමාණය, Completion Rate සහ විකුණුම් මිල සසඳා කොල පැහැති “Buy” බොත්තම Click කරන්න

පියවර 6

ඔබට අවශ්‍ය Crypto ප්‍රමාණය හෝ වියදම් කිරීමට බලාපොරොත්තු වෙන සාමන්‍ය මුදල් (Fiat/LKR) ප්‍රමාණය ඇතුලත් කරන්න. ඉන්පසු ගෙවීම් මාධ්‍ය තෝරා “Buy USDT” Click කරන්න

මෙහිදී ඔබට විකුණුම් කරුගේ බැංකු ගිණුමේ විස්තර දැක ගැනීමට හැකි වෙයි. එම ගිණුමට කෙලින්ම මුදල් බැර කරන්න. මෙය දී ඇති කාල සීමාව තුල සිදු කල යුතු වෙයි.

මුදල හුවමාරු / තැම්පතු කල පසු “Transferred, next” මත Click කර “Confirm” බොත්තම Click කරන්න.

සටහන: මෙහිදී ඔබ “Transferred, next” මත Click කල විට Binance මගින් විකුණුම්කරුට කිසිම මුදලක් බැර නොවන අතර විකුණුම්කරු විසින් සපයා ඇති බැංකු ගිණුම් වෙත ඔබගේ Online Banking ගිණුමකින් හෝ යම් ක්‍රමයකින් මුදල් බැර කල යුතු වෙයි.

එමනිසා මුදල් බැර කල නොමැති කිරිම විටෙක “Confirm” යන්න Click කිරීමෙන් වලකින්න. මෙය P2P පරිශීලක ගනුදෙනු ප්‍රතිපත්තිය උල්ලංගනය කරයි.

පියවර 7

දැන් status එක “To be released” නම් වේ.

විකුණුම්කරු විසින් Cryptocurrency මුදාහැරිය විටදී, ගනුදෙනුව සම්පූර්ණ වෙයි. ඔබට Spot Wallet එකට Crypto මාරු කිරීමට “Transfer to Spot Wallet” යන්න භාවිතා කල හැකියි.

සටහන:

  1. ඔබ “Transferred, next” මත Click කර මිනිත්තු 15කට පසු ඉහල ඇති “Chat” icon එක මගින් විකුණුම් කරු සම්බන්ධ කර ගත හැකි වේ.

නැතහොත් “Appeal” මත Click කර අභියාචනයක් දැමිය හැක. ඔබේ ගනුදෙනුව සැකසීමට Binance පාරිභෝගික සහායක කණ්ඩායම ඔබට සහාය වනු ඇත.

  1. මේ වන විට ඔබට Binance P2P මගින් මිලදී ගත හැකි Crypto වර්ග වනුයේ BTC, ETH, BNB, USDT, EOS සහ BUSD වේ. ඔබට වෙනත් වර්ගයක් වෙළදාම් කිරීමට අවශ්‍ය නම් Spot Market එකෙන් කල හැක.
  2. ඔබට මීට අමතරව ප්‍රශ්න තිබේ නම් Binance සහයක කණ්ඩායම හෝ Telegram හි ඇති Binance Sri Lanka සමූහය සමඟ සම්බන්ධ විය හැක.

වැදගත් යොමු

--

--