01 — තාත්තා

කාර්යාලයට පැමිණ පැයක් ගතවෙන්නත් කලින් ගෙදරින් කෝල් එකක්. වෙනදා මේ වෙලාවට කතා කරන්නේ තාත්තා උනත් අද අම්මාය.

පුතේ…. තාත්තාට ටිකක් සනීප නැහැ වගේ. ඉක්මනට එන්න. අපි කළුබෝවිල හොස්පිටල් එකට යන ගමන්. ඔයා එතැනට එන්න.

උනේ මොකක්ද වෙන්නෙ මොකක්ද අයිඩියා එකක් නැතත් ඔරායන් සිටියෙන් එලියට දිවගොස් ත්‍රීවීලරයකට නැග්ගේ අක්කාට කෝල් කරන ගමන්ය. මල්ලිට නොකිව්වේ අපි තුන්දෙනෙකුම එකපාර දුවගෙන එන එක තේරුමක් නැති නිසාය. මම එද්දි තාත්තා හොස්පිටල් එකට ඇඩිම්ට් කරන ගමන්ය. තාත්තා නාන වෙලාවේදී ඇගේ එක පැත්තක් පණ නැතිව යනවා දැනුනු නිසා එතැන තිබූ තාප්පය අල්ලාගෙනම අම්මාට කතා කර ඇත. අතපය වාරු නැතිවූ තාත්තා අසල්වාසීන්ගේ උදව්වෙන් අම්මා හොස්පිටල් එකට අරගෙන ඇවිත්ය.

පුතේ මේ ෂර්ට් එකේ බොත්තම් වැරදියට දාලා තියෙන්නේ මේක ගලවලා හරියට දාන්න තාත්තා කීවේ අපැහැදිලි ස්වරයකිනි. සමහර අංශබාග රෝගීන්ට කට පැත්තට ගොස් කතාකරන්නට බැරි වී, සිහිකල්පනාව නැතිවිය හැකිඋවත් තාත්තාට ඒ කිසිවක් බලපා නැත.

අක්කාත් හිච්චි බාප්පාත් හොස්පිට්ල් එකට එනවිට තාත්තා 5 වාට්ටුවට ඇතුලත් තිබුණි.

ඒ වන විටත් හිච්චි බාප්පා නැෂනල් හොස්පිටල් එකට ඇඩ්මිට් නොකිරීම පිළිබදව අම්මාට දොස් තියන්නට පටන් ගෙන තිබුණි. කෙසේ වෙතත් අම්මා මුලින්ම පණිවිඩය කියා ඇත්තෙත් බාප්පාටය නමුත් එවෙලේ ඔහු කියා තිඛෙන්නේ හෝමාගම හොස්පිටල් එකට ඇඩ්මිට් කරන ලෙසය. ඔහුගේ ඔෆිස් එක කලුබෝවිලට ඉතාමත් ළග වුවත් අම්මා තනියම තාත්තාවත් ත්‍රීවිලරයක දමාගෙන කොට්ටාවේ සිට කලුබෝවිලට එනවිටත් කාර් එකේ ආ හිච්චි බාප්පා ආවේ ඊටත් සෑහෙන්න පරක්කුවෙලාය.

තාත්තා ටිකක් එහාට ෙමහාට පෙරලෙන නිසා දෙපැත්තෙන් උස්සන්ට පහත් කරන්නට හැකි යකඩ බාර් සහිත ඇදක් ලැබිනි. තාත්තාගෙ රුධිර පීඩනය මීටරයකින් මනින්න බැරි තරමට වැඩිය. පේ‍රෂර් බලන්නට නර්ස්ලා ඇවිත් ඔලුවෙ අතගහගන්නවාය.

image credit: http://blog.doctoroz.com/dr-oz-blog/act-fast-to-save-yourself-from-a-stroke

තාත්තට අංශබාගෙ හැදිලාය. CT scan එකකින් හෙලිඋන පරිදි තාත්තාගේ අංශබාගයට හේතුව ආඝාතය හෙවත් stroke එකකි. ආඝාතයක් කියන්නේ රැධිර නාලයක ලේ ගමනාගමනය ලේ කැටියක් සිරවී නතරවීම(ischemic stroke) හෝ එම රුධිර නාලය පුපුරා යාමය (hemorrhagic stroke). ලේ කැටියක් සිරවී සිදුවූ ආඝාතයක් නම් පැය තුනක් ඇතුලත දෙන ඉන්ජෙක්ෂන් කීපයකින් සතියක් වැනි කෙටි කාලයකින් සනීප වෙන්නට හැකියාවක් තිඛෙනවාය. හෝමාගමට ඇතුලත් නොකර කලුබෝවිලට ඇතුලත් කර ඇත්තේ හෝමාගම ඉන්ජෙක්ෂන් නොමැති බව ආරංචි වූ නිසාය. කෙසේ උවත් තාත්තගේ මොලයේ වම්පැත්තේ රුධිර නාලයක් පුපුරලාය (hemorrhagic stroke). ඉන්ජෙක්ෂන් ගැහුවොත් ලේ ගැලීම වැඩිවෙනවාලු. ඒ නිසා ඉන්ජෙක්ෂන් ගහන්නට බැරිය. ඒ අනුව ආඝාතය සිදුවී තිඛෙන ස්ථානය අනුව ඔපරේෂන් කරන්නටත් බැරි බව දැනගන්නට ලැබුණි.

image credit: http://dysphagia.ie/index.php/dysphagia-management/articles/dysphagia_and_malnutrition_in_stroke_patients

මේ ආකාරයේ hemorrhagic ආඝාතයකින් සනීප වෙන්නට ගතවන කාලය පුද්ගයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් දින වකවානු කීමට අපහසු බව ඩොක්ටර්ස්ලාගෙන් දැනගන්නට ලැබිනි. මුත්‍රා කිරිමට අවශ්‍ය බව කීවද මුත්‍ර පිටකරගැනීමට නොහැකි නිසා මුත්‍රා එකතුවීමට කැතීටරයක් දමා මුත්‍රා බෑගයකට එකතුවීමට සලස්වන ලෙස දොස්තර නියම කර තිබුනි.

තාත්තා වෙලාවට පේ‍රෂර් ඛෙහෙත් බිව්වානම් මේ කිසිවක් සිදු නොවන්නේය. නමුත් තාත්තා යනු නාහෙට අහන්නේ නැති චරිතයකි. ඛෙහෙත් ගන්නට අම්මා බල කලද තාත්තා ඛෙහෙත් නොබී ඉන්නේ තමාට අසනීපයක් තිඛෙන බව පිළිගන්නට සහ ඒ බව තමාට නොදැනෙන නිසාය.

මේවා ගැන මේලෝකෙ අවබෝධයක්/අත්දැකීමක් ලබා නොතිබුනත් තාත්තාගෙ ළග සිටීමේ පළවෙනි මුරය නිතැතින්ම වැඩිමහල් පුතා වූ මගේය.

— — -මතු සම්බන්දයි — — -