Uva Startup Hub යනු කුමක්ද?

ගොඩක් දෙනා අහන ප්‍රශ්ණයක් තමයි මේ. අපි මේ වෑයම් කරන්නේ ශ්‍රී ලංකාවේ පළමු වතාවට කොළඹින් පිටත Startup Community එකක් හදන එක.

මොකක්ද Startup එකක් කියන්නේ?

Startup එකක් කියන්නෙත් සරළ විදියටම කිව්වොත් තවත් එක් ව්‍යාපාරික මොඩලයක් තමයි. වෙනසකට තියෙන්නේ මේ වර්ගයේ ව්‍යාපාර වේගයෙන් වැඩි දියුණු වෙන එක.

USH වැඩිපුරම අවධානය යොමු කරන්නේ IT/ICT අංශ සදහා යොමු වන ව්‍යාපාර හා ව්‍යවසායකයන්ට අත හිත දෙන එක. මීට අමතරව පහත සදහන් කරුණු සදහාද අවධානය යොමු වනවා.

1. තොරතුරු තාක්ෂණ අාශ්‍රිත රැකියා බිහි කිරීම හා අධ්‍යාපනය ලබා දීම.
2. ඌව පළාතේ බිහි කරන නව තාක්ෂණික ව්‍යාපාර සදහා අායෝජකයින් ආකර්ශණය කර ගැනීම.
3. අන්තර්ජාතික මට්ටමේ ව්‍යවසායකයින් ආකර්ශණය කර ගැනීම හා ඔවුන්ට ඌව පළාතේ ආයතන ආරම්භ කිරීමට සහයෝගය ලබා දීම.

මේ අප බලාපොරොත්තු වන අරමුණු වලින් ඉතාම ස්වල්පයක් පමණයි.

මෙම මස 25 වන දින අප මෙහි සමාරම්භක සමුළුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමග එක්වී පවත්වනවා. එහි දේශකයන් පිළිබද විස්තර අපගේ නිල facebook පිටුවෙන් (https://www.facebook.com/uvastartups) ලබා ගත හැකියි.

ඉතින් මේ මහගු අවස්ථාවට ඔබටත් ආරාධනා!!!

දිනය — 2016–09–25
වේලාව — උදේ 9.00 සිට
ස්ථානය — Hotel Lavenra , Bindunuwewa (කලින් Prince Hotel)

සැ.යු — සීමිත අාසන සංඛ්‍යාවක් ඇති නිසා පහත සබැදියෙන් ගොස් ලියාපදිංචි වී ඔබේ EMail ලිපිනයට නොමිලේ ලැබෙන ටිකට්පත රැගෙන ඒම අනිවාර්ය වේ.

(https://www.eventbrite.com/e/uva-startup-hub-tickets-276648…)

නැතිනම්

USH<Space><First Name><Space><Last Name> ලෙස යොදා 0719400440 ට SMS කරන්න.

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.