මුහුණත් සමග තරහ ගොසින් නහය කපා ගැනීම

මා මෙම දේශපාන කතිකාවෙන් නිදහස්ව සිටින්නට උත්සහ කලෙමි. එහෙත් ඔබගේ මෙම ලිපියට පිළිතුරු දෙනු වස් මෙම ලිපය ලියමි. දුටුගැමුණු රජතුමා ගොඩ ගැසූ මිනී කඳු ගැනත්, ඔහුගේ හෘද සාක්ෂිය ගැනත්, වසර දෙදහස් පුන්සියක ප්‍රබන්ද ඉතිහාසය ගැනත් ඔබ කතා කරයී.

ඔබට සිංහල වංස කතාව “ප්‍රබන්ධයකි” (fiction), දුටුගැමුණු රජතුමා මිනීමරු දාමරික නිකම්ම නිකම් දුටුගැමුණු කෙනෙකි.

පුවඟු දිවයිනින් පැමිණි රහතුන් දුටුගැමුණු රජහට කලා යැයි කියන ප්‍රකාශය ඔබට හමුවූයේ සිංහල වංස කතාවෙන් නොවේද? එය එසේ වී නම් මෙම ප්‍රකාශය ද ප්‍රබන්දයක් විය නොහැකිද?

පුවඟු දිවයිනින් පැමිණි රහතුන් දුටුගැමුණු රජ තෙමේ කරන්නට නියමිත සාසනික මෙහෙවර දිවසින් දැක ඔහු අස්වාසලුනු වස් මෙම ප්‍රකාශය කරන්නට ඇතැයි මට සිතේ. එසේ විනා මිථ්‍යා දෘෂ්ටිකයින් රැස්කොට ඔවුන් සමුලඝාතනය කිරීමට රහතුන් මෙම ප්‍රකාශය කලා යැයි කීමට කරුණු සාධක ඔබ කියන ප්‍රබන්දයේ මම කියවා නැත. අප ඉතිහසයේ තම පිය මරා රාජත්වයට පත් ව තමා කල පවට ප්‍රතිකර්ම ඇතිදැයි විමුසු රජහට භික්ෂුන් දුන් පිළිතුර නිසාවෙන් එම රජු බුදු සස්නට කල හදීය ඔබට අමතක වී යැයි නොසිතමි.

සිංහල වංස කතාව ප්‍රබන්ධයක් නම් දුටුගැමුණු රජතුමා ප්‍රබන්ධ චරිතයකි (fictional character) . එසේ නම් රුවන්වැලි සෑය, මිරිසවැටිය, ලෝවාමහපාය ආදීවූ මේ ගොඩනැගිලි ඔබ කියන අන්දමට තැනුවේ කවුරුන්ද? මා දන්නා තරමට ප්‍රබන්ධ චරිත වලට සැබෑ ලෝකයේ ගොඩනැගිලි තැනීමට හැකියාවක් නොමැත.

සිංහ ධජයද ඉවත්කොට යුනියන් ජැක් කොඩිය භාරගමුද ?

ඔබට දුටුගැමුණු නිකම්ම නිකමෙකි, මට ඔහු තමන්ට හිමි රජ කිරුළ උදෙසා නිභයව යුද වැද රණමතින් රට එක්සේසත් කොට ඔටුනු පැළඳ වූ රජ කෙනෙක.

ඔබට දුටුගැමුණු මිනී කඳු ගොඩගැසූ මිනීමරුවෙකි, මට ඔහු සතුරා ගේ මළකුණට පවා පුද සත්කාර කල සොඳුරු මිනිසෙකි.

ඔබට සිංහලබෞද්ධයා තනි වචනයකි, මට සිංහල බෞද්ධයා යනු අනන්‍යතාවයකි.

ප්‍රභාකරන් නමැති බෙදුම්වාදී ත්‍රස්තවාදී ඝාතකයා මළ පසු ඔහුගේ මළකුණ ප්‍රදර්ශනය කරන අයුරු දැක මට ලැජ්ජාවක් ඇතිවිය. එ මම ඔබ ප්‍රබන්ධයක් යැයි කියන සිංහල වංස කතාවෙන් උගත් පාඩමක් නිසාය. මෙම පාඩම ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් මෙලෙස කවියට නැගුහ:

එළාරගේ මළකුනටත්

ගරු බුහුමන් කලේ ඉමහත්

ගැමුණු පුතාගේ මෙසිරිත්

පුරුදු කරන පුතේ උඹත්

හිටපු ජනපති තුමන් කල ප්‍රකාශයක් ගැන ඔබ දැඩි ලෙස විවේචනය කරයි. ඔහු බුදු දහමෙන් උපමා ගෙන හැර නොදෑක් වුයේ ඇයිදෑයි ප්‍රශ්න කරයි. ඔහු ජාතිවාදියකු ලෙස උගත් බුද්ධිමත් යැයි කියා ගන්නා අය හංවඩු ගසා හමාරය. ඔහු බුදු දහමින් උපහැරණ ගෙන හැර දැක්වූ කල ඔහු ආගම්වාදියෙකු ලෙසද හංවඩු නොගස්සන්නේ යැයි ඔබට සහතික කල හැකිද?

වත්මන් ජනපතිඳුන් රුපවාහිනියේ බෞද්ධාගමික වතාවත් වල නියැලෙන අයුරු දෑක එතුමන්ට සහයෝගය දුන් කාලාකරුවන් කි දේ ඔබට අමතක යැයි නොසිතමි.

මහින්ද රාජපක්ෂ කිවේ සත්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදය පවතින නිසාවෙන් ජනතාව විසින් ඔටුනු පැළඳ වූ රජ තෙම, ජනතාව විසින්ම ඔටුනු ගැලවූ කල ඔටුන්න පසෙකලා සිනාමුසු මුහුණින් නික්ම ගියහ. ඔහු හමුදා කුමන්ත්‍රණ කොට බලයේ සිටින්නට තැත් කලේ යැයි ඇතැමෙක් කියයි. මෙහි සත්‍ය අසත්‍ය බව මා නොදනී. මා දන්නේ මා දුටු දේ පමණි.

මහින්ද රාජපක්ෂයන් ජනපති ලෙස පත් වූ පසු ජනපති නිල නිවෙස බාරදීමට අකමැති ව ජනපති නිවෙසෙන් නික්ම නොගිය ජනපතිවරිය ඔබට මතකද ?

මහාවංසයේ එන නන්දි මිත්ත පුරාවෘතය වෙතට බිඳකට ඇස යොමුකරන්න. එහි “ සෑ ආදියෙහි අසත්කාර කරන දෙමළුන් (දැක)…” ලෙසට සඳහන් වේ. මේ අසත්කාරය කුමක්ද ? කාලිංගයේ මාඝ ගේ ආක්‍රමණයෙන් පසු බුදු පිළිමවලින් ශිව ලිංග නෙලූ බවට ත්, දාගැබ් විනාස කොට එහි පාදම මත කෝවිල් ඉදිකෙරු බවටත් දෙමළ ජාතික ඉතිහාසඥ කර්තිගේසු ඉන්ද්‍රපාලයන් (Karthigesu Indrapala) පරිවෙශනීය සාක්ෂි ඉදිරිපත් කරයි. මේ අසත්කාරය කිම්දැයි ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි. දුටුගැමුණු රජ තෙමේ යුද වැදුනේ “යහපාලනය” ඇතිකිරීම ලනු විනා, මිනීමරා මිනීකදු ගොඩ ගැසීමට නොවේ.

අද මහින්ද පාක්ෂිකයින් ජාතිවාදීන් ය, මෛත්‍රී පාක්ෂිකයින් ඊලාම්වාදීන් ය. මෛත්‍රී පාක්ෂිකයින් ගේ ඇසින් ඔවුන් දේශප්‍රේමි වන අතර මෛත්‍රී පාක්ෂිකයින් පරගැති දේශ ද්‍රෝහින්ය. මෛත්‍රී පාක්ෂිකයන් තමා උගත්, බුද්ධිමත්, ශිෂ්ට සම්පන්න මිනිසුන් වන අතර මහින්ද පාක්ෂිකයින් නුගත්, වැඩවසම්, අශිෂ්ට අසමත්ජාතින් ලෙස දකී.

සිංහලයින් බේද බින්නව දෙපිරිසකට වී දෙමළ අන්තවාදී, ජාතිවාදී, බෙදුම්වාදී ත්‍රස්තයන් අපට කරන්නට යෙදුන හදිය අද අප විසින් අපටම කරගෙන යමින් පවතී.

දුටුගැමුණු රජතුමා බටලන්දේ වධකයාට සම නොකරන ලෙසටත්, ජාතික විරුවන් ගේ චරිත දේශපාලුවන්ගේ වුවාමනා එපාකම් වලට ඝාතනය නොකරන ලෙසටත් කරුණාවෙන් අයැද සිටිමි.

එස්. මහින්ද හිමියන් ගේ කවි පන්තියකින් මම නිහඬ වෙමි.

තෙද වික්මයෙන් පෙර සිංහලයා මෙ දිවේ

අඟලක් නෑර සම් ම්ස් රිහිරිනී තෙමුවේ

සතුරෙක් කෙරෙන් සැඬ පලි ගෑනුමකට නොවේ

මෙම එක් කිරුළ වෙත බැඳි සිත නිසාම වේ

ඔබට තෙරුවන් සරණයි !

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.