මම මේක ලියන්න හිතුනේ විශේෂයන්ම 1995/2000න් පස්සේ ඉපදුන නංගිලා මල්ලිලාට

Duminda Jayasena
Mar 13, 2018 · 3 min read

මේ ගිය සිකුරාදා හවස, අපිට මාර කරදරයක් උනේ,

පොඩි එකා park එකේ play area එකේ පැය 2ක් විතර එක දිගට සෙල්ලම් කරලා අපි මේ ඉඳගෙන රෑ කෑම කනවා. එක පාරටම ලොකු වැස්සක් පාත්වුණ ගමන් wifeඋයි පොඩි එකයි park එකේ පෙට්ටි කඩයක් අස්සේ රිංගවලා මම තෙමීගෙන ගිහින් වාහනේ තිබුන කුඩේ අරගෙන ඇවිත් ඒ දෙන්නව අරන් ගියා. එක තමයි අපිට උන ලොකු කරදරේ. අද අපි තුන්දෙනාව බෝම්බෙකට අහුවෙයි කියලා අපිට නිකමටවත් හිතුනේ නෑ.

හැබැයි මීට අවුරුදු 9ට කලින් අපි මෙතනින් පාරේ බස් එකේ ගියේ දැන් කොයි වෙලාවේ බෝම්බයක් පත්තු වෙයිද කියල හිත හිත. ඒ දවස් වල එකම පවුලේ අය එකම බස් එකේ යන්නේ නෑ බෝම්බෙකට අහු උනොත් එක්කෙනෙක් හරි ඉතුරු වෙනවනේ කියලා. අපි මේ ඉඳගෙන ඉන්න තැනට කිලෝ මීටර් 5ක් පමණ දුරින් ත්‍රස්තවාදීන් ගුවන් යානයකින් ඇවිත් බෝම්බ දාලා plane එක building එකක හැප්පුවා, මේ අවට මරාගෙන මැරෙන බෝම්බ විශාල ගණනක් පුපුරලා තියනවා, මිනිස්සු පණ පිටින් ටයර් වල දාලා පුච්චලා තියනවා, මේ ලග තියන මල් ශාලාවකට ඉස්සර දවසකට army එකෙන් lorry පිටින් ඇවිල්ලා උතුරේ මරුන කොල්ලන්ගේ කෙල්ලන්ගේ bodies බානවා. ගොඩක් පෙට්ටි seal කරලා, body එක හොයා ගන්න බැරි පෙළක් පෙට්ටි වල බරට කෙසෙල් කොට දාලා යවනවා ගෙදර අම්මට මොකක් හරි ඕන හින්දා බදාගෙන අඩන්න.

ඔය අනිත් photo එක ගල්කිස්සේ පුපුරපු bus bomb එක. මම ඉස්සර campus ගියේ train එකේ. train වල බෝම්බ පුපුරන්න ගත්ත නිසා අපේ අම්මයි තාත්තයි මට bike එකක් අරන් දුන්නා. ඔය photo එක ගත්තේ මම bike එක service එකට දාලා වෙන බස් එකක ගෙදර එනකොට. එකේ video එක තමයි මේ තියෙන්නේ:

Mount Lavinia Bus Bomb, 2008

මම මුලින්ම හිතුවේ බස් එක ඇතුලේ මිනිස්සු ඇති කියලා, හැබැයි වාසනාවකට ඒ ගොල්ලෝ බොම්බේ දැකල ඔක්කොම බැස්සට පස්සේ තමයි එක පුපුරලා තියෙන්නේ. පස්සේ දැනගන්න ලැබුනා බස් එක පුපුරනකොට ලගින් ගියපු bike එකක කෙනෙක් මැරුණා කියලා. විනාඩි 40කට කලින් බොම්බේ පිපුරාවනම් ඒ කෙනා මම වෙන්නත් තිබුනා.

යුද්දේ නිසා අපිට ගොඩක් දේවල් අහිමු උනා. යුද්දෙට ගෙදර හිටපු කොල්ලෝ තුන්දෙනාම යවලා අදටත් උන්ව මතක් කර කර හැමදාම අඩන අම්මලා තාත්තලා අපි අතර ඉන්නවා. උතුරේත් දකුණේත් අම්මලා තාම බලන් ඉන්නවා අතුරුදහන් වුන පුතා කවද හරි කොහේ හරි ඉඳලා ගෙදර එයි කියලා.

යුද්දේ විතරක් නෙවෙයි අපේ රටේ දරුණු කැරලිත් උනා. 71, 83 කැරැල්ල කියලා අහලා ඇතිනේ. මම මේක ලියන්න හිතුනේ විශේෂයන්ම 1995/2000න් පස්සේ ඉපදුන නංගිලා මල්ලිලාට. ඕගොල්ලෝ යුද්දේ විදිහට දැක්කේ අපි දිනන කෑල්ල විතරයි. ඒක ads වලින්, news වලින් අභිමානවත් කරලා කීවට යුද්දේ නිසා අපේ කලින් පරම්පරාව පුදුම දුකක් වින්දේ. මම ඔගොලන්ගෙන් කාරුණිකව ඉල්ලනවා අපේ මේ ඉතිහාසය ගැන, ඇයි යුද්දේ/කැරලි පටන් ගත්තේ කියන එක ගැන කියවලා දැන ගන්න කියලා. ඇත්තටම යුද්දෙට පාදක උන දේවල් 1919 තරම් දුරකට යනවා. මේ ගැන වැඩි විස්තර internet එකේ ඕන තරම් තියනවා.

මේවා school එකේ හරියට උගන්නපු නැති එක හරිම වැරදියි. අපේ හිටපු රජවරු ගැන හොදට වර්ණනා කරලා තිබුනට නිදහසෙන් පස්සේ අපි කරපු වැරදි නිසා අපේ රටේ ඇතිඋන විවිද සිද්දීන් ගැන, අපි මොනවද එකෙන් ඉගන ගත්තේ, ඒ වගේ දේවල් ආයේ වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැනත් මීට වඩා අපිට දැනුමක් තිබුනානම් අපේ රට මේ වගේ තත්වයකට පත් නොතිබෙන්නට තිබුනා.

ඕගොල්ලෝ කියවලා බැලුවහම තෙරයි මේ ගිය සතියේ Kandy වුන සිද්දියට ගොඩක් ලගින් යන දේවල් වලින් තමයි LTTE war එකත් පටන් ගත්තේ කියලා. ලෝකේ කිසිම රටක් මරාගෙන සාර්ථක වෙලා නෑ. US, යුරෝපේ වගේ රටවල් දෙවන ලෝක යුද්දෙන් පස්සේ ඉගෙන ගත්ත පාඩම් නිසා තමයි ඒ ගොල්ලෝ අද ඉතාමත් හොද තැනක ඉන්නේ.

මේකට කරන්න ඕන දේ බුදු හාමුදුරුවො පැහැදිළව කියලා තියනවා. එක තමයි මධ්‍යම ප්‍රතිපදාව. අන්ත වලට සීමා නොවී මැදුම් පිළිවෙතක් අනුගමනය කරන්න. අන්තවාදීන්ට ඕන මගුලක් කරන්න දීලා බලාගෙන ඉන්නත් එපා, එහෙම උනොත් විල්පත්තුව වගේ වෙයි. හැබැයි අන්තවාදය නවත්වන්න Kandy වල උනා වගේ තව අන්තවාදයක් ගොඩ නගන්නත් එපා, ඒ දෙවිදිහෙන්ම අන්තිමට ඉතුරුවන්නේ විනාශය පමණයි. හදිස්සි වෙලා, හැගීම්බර වෙලා වෛරයෙන් ප්‍රශ්න විසදන්න බෑ, අපි බුද්ධිමත්ව මේ ප්‍රශ්න ටික විසදගමු.

Duminda Jayasena

Written by

Co-Founder of codeartlove.com , www.bcloud.lk , www.promopage.lk , Designer, Developer, Entrepreneur. www.dumijay.com

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade