පිදුරැ තර්ක

‘ස්ට්‍රෝමෑන්’ කියන්නෙ පිදුරැවලින් තනපු මිනිස් රැවක්, ලේසියෙන්ම කඩන්න පුඵවන් ව්‍යුහයක්. ඉංග්‍රීසියෙන් ‘ස්ට්‍රෝමෑන්’ මුළාව (‘strawman’ fallacy*/මිථ්‍යා තර්කය) කියලා කියන්නෙ විවාදයකදී එක් පිලක තර්කය බිඳ දමන්න අසීරැ ශක්තිමත් එකක් නම්, ප්‍රතිවාදී පිල ඒ තර්කය සාවද්‍ය විදිහට අර්ථකථනය කරලා, දුර්වල කරලා, ඒ නව සහ දුර්වල ස්වරෑපය බිඳීමයි. මුල් තර්කය බිඳින්න අමාරැ නිසාමයි ලේසියෙන් බිඳ දමන්න පුඵවන් විදිහට එය වැරදියට නැවත විස්තර කරන්නෙ. ඊට පස්සෙයි ඒකට පහර දෙන්නෙ. ඒකයි මේ විවාද ක්‍රමයට strawman tactic කියන නම පාවිච්චි වෙන්නෙ.

‘ස්ට්‍රෝමෑන්’ මුළාව වැදගත් වෙන්නේ එය හුඟක් සුලබ සන්සිද්ධියක් වගේම හඳුනගන්න අමාරැ දෙයක් වීම නිසායි. සමහර විට පළමු පිල ‘ස්ට්‍රෝමෑන්’ තමන්ට සිදුවූ බව දැනගන්නකොට පැරදිලා ගෙදර ගිහිනුත් වෙන්න පුඵවන්. ‘ස්ට්‍රෝමෑන්’ වඩාත් ප්‍රයෝජනවත් වෙන්නෙ එය හඳුනගන්න අමාරැ තරමටමයි. මේ මුළාව සුලබයි කියන්නෙ ඇයි? දේශපාලන වාද වලදි, රේඩියො/රෑපවාහිනී වැඩසටහන් වල සුහද සාකච්ඡාවලදි, විවාද වලදි, ගෙදර දොරේ, යාඵවන් අතර මේ මුළාව අප අතින් නිරතුරැව කෙරෙනවා — සමහර විට හිතාමතා, සමහර විට නොදැන. වැදගත් සමාජයීය ප්‍රශ්නවලදි මේ මුළාව අපේ ජීවිත වගේම රටේ අනාගතය වෙනස් කරන්න තරම් බලවත්. කාටහරි පුඵවන්නම් මේ පදයට අපිට ගැලපෙන දේශීය නමක් පටබඳින්න එය ගොඩක් දෙනෙකුගෙ ඇස් ඇරෙන්න හේතුවක් වෙයි. අපේ රටේ පිදුරැ තර්ක ගොඩයි නේ. ඒ නිසා strawman පරිවරිතනයට ඩිමාන්ඩ් එක සෑහෙන. නාම-රෑප පිළිවෙල නිසා, නමක් නැතුව අදහස උපදින්න අමාරැයි. Strawman ගෙන් ගැලවෙන්න නම් අපි ඉස්සෙල්ලා එයාට නමක් දාන්න ඕන. අපේම strawmen ලට අපේම නමක්.

මම මුළපිරැවෙ අපේ රටේ සිද්දවෙන දැවැන්තම පරිසර විනාශයක් ගැන යලිත් මතක් කරන්නයි. ඒ තත්වය ඒ විදිහටම ඉදිරියට දික්ගැස්සෙන්න ‘ස්ට්‍රෝමෑන්’ tactics උපයෝගී වෙන විදිහ ගැන පෙරවදනක් දෙන්නයි.

විල්පත්තුව ❤. පරිසරයට ආදරේ අයගේ තර්කය මෙහෙමයි. “විල්පත්තු වනාන්තර පද්ධතිය ජෛවිවිධත්වයට හා මානව පැවැත්මට අතිශයින්ම වැදගත් පරිසර පද්ධතියක් නිසා එය ආරක්ෂා කළ යුතුයි. එහි නිවාස තැනීම වෙනත් ස්ථානයකට මාරැ කර වනාන්තර පද්ධතිය සුරක්ෂිත කළ යුතුයි”. දැන්, මේ තර්කය අපිට බිඳින්න ඕන (කියලා හිතමු. මේක පරීක්ෂණයක්); ඒ නිසා එය පැති කිහිපයකින් පරීක්ෂා කරමු.

1. ස්ථානය
‘විල්පත්තු වනාන්තර පද්ධතිය’ 
- හ්ම්ම් එහෙම එකක් තියනවා. ඒ පැත්තෙන් තර්කය කඩන්න අමාරැයි!
විල්පත්තු වනාන්තර පද්ධතිය කියන්නේ වනාන්තර, වන රක්ෂිත, යෝජිත රක්ෂිත, අභයභූමි ගණනාවක එකතුවක්!

2. ජෛවවිවිධත්වය 
- මෙතනිනුත් තර්කය කඩන්න අමාරැයි!
විල්පත්තු වනාන්තර පද්ධතිය සත්ව හා ශාක විශේෂ 1,000 කට කිට්ටු සංඛ්‍යාවකට වාසස්ථානයක්. ශාඛ විශේෂ අතරින් 33ක්ම ලංකාවට ආවේනිකයි. ඒ වගේම ලෝකෙ තියන ජෛවවිවිධත්ව උණුසුම්ලක්ෂ්‍යය අතලොස්සෙන් එකක් වන බටහිරඝාත්-ශ්‍රී ලංකා උණුසුම්ලක්ෂ්‍යයයේ වැදගත්ම කොටසක් විල්පත්තුව. දැන් මොකද කරන්නෙ!

3. මානව පැවැත්මට අතිශයින්ම වැදගත්
- හ්ම්ම්?? එහෙම එකකුත් තියනවද… මේ පරිසර හාල්පාරැවන්ගෙ ටොන්පචයක් වෙන්නැති. බලමු.

විල්පත්තු වනාන්තර පද්ධතිය පිහිටලා තියෙන්නෙ හරිම අපූරැ විදිහට. ශ්‍රී ලංකාවෙ බටහිර වෙරළබඩ පිහිටන විශාලතම නොකැඩුනු වියළි කලාපීය සදාහරිත වනාන්තරය (ස්තුතිය Don Supz, Shashikalana Rathwaththa). ඊට පහළින් තියෙන්නෙ අපේ රටේ තෙත් කලාපය. අපේ රටේ එකම තෙත් කලාපය පිහිටන්නෙ විල්පත්තුවට යටින්. හ්ම්ම ඒ මොකද? අහම්බෙන් ද එහෙම?

ලංකාවේ ඉතිරි හරිය ඔක්කොම එක්කො වියළි කලාපීයයි, නැත්නම් අතරමැදි කලාපීයයි. ඒ ඇයි. අපි පුංචිම පුංචි දූපතක්. අපිව වටකරන් ඉන්නේ අවුරැද්දෙ වැඩි කාලයක්ම හැම පැත්තෙන්ම උණුසුම් දියවැල් ඇදෙන ලවණාධික මහ මුහුදක්! හරියටම කිව්වොත් මහාද්වීපික ඩෙසිකේටරයක අපි ඉන්නේ. බෙංගාල බොක්කේ කරවල වාඩියක ලුණු දාල වේලෙන හාල්මැස්සෙක්ගේ දෛවයයි අපිට ඇත්තේ.

ලංකාවට මෝසම් දියවැල් නිසා ලැබෙන වැස්ස මාස පහකට විතර සීමා වෙනවා. ඉතිරි වැහි ලැබෙන්නේ විටින් විට ලැබෙන වාසුළි හැරැනාම රට ඇතුලෙම පවතින ජලචක්‍රය ක්‍රියාත්මක වීමෙන්. ඒ කියන්නේ අපේම මාතෘභූමියෙ පිහිටෙන්. අභ්‍යන්තර ජල චක්‍රය කියන ‘මහා පෙළහරට’ සදාහරිත වනාන්තර, කඩොලාන පද්ධති, විල්ලු, ජලාශ, කඳුකරය, ජලපෝෂක ප්‍රදේශ වගේ අංගෝපාංග ගණනාවක් අවශ්‍යයි. ඉනුත් සදාහරිත වනාන්තර විශේෂයි. එක් පැත්තකින් ඒවා ජලචක්‍රයේ අංගයක්. අනිත් පැත්තෙන් ජලශෝෂක ඉන්දියන් සාගරයේ බලපෑමට විරැද්ධව රට අභ්‍යන්තරය වියළීමෙන් ආරක්ෂා කර තෙත්ව තබාගන්නවා.

ඇයි ශ්‍රී ලංකාවෙ තෙත් කලාපය හරියටම විල්පත්තුවට පහළින් තියෙන්නෙ කියලා දැන් ආයෙත් අහලා බැලුවහම පිළිතුර පැහැදිලියි. අහම්බෙන් නොව, විල්පත්තු වනාන්තර පද්ධතියේ පිහිටෙන්මයි තෙත් කලාපය ඔතන පිහිටනේ.

ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප පිහිටීම (සිතියම අන්තර්ජාලයෙන් [FAO සංවිධානයෙන්]}

ඇයි ලංකාවේ නැගෙනහිර දිශාවේ තෙත් කලාපීය පාදයක් නැත්තේ? සමහර විට නැගෙනහිර වෙරළ කලාපයේ විල්ලු ගොඩක් පිරිච්ච සදාහරිත වනාන්තරයක් තිබුනානම් … ඔව් සමහර විට එහෙමනම් ලංකාවේ නැගෙනහිර දිශාවේත් තෙත් කලාපීය පාදයක් තියෙන්න තිබුනා (සමහර විට එහෙම තියෙන්නත් ඇති එක කාලෙක.. කොහොමටත් එහෙම තෙත් කලාපයක් ඒ පැත්තෙ නැති නිසායි පුරාණ රජවරැන්ට ඒ පැත්තෙ ඔච්චර වැව් බඳින්න උනේ. තෙතමනය නැතුව ශිෂ්ඨාචාරයක් නෑ. හොඳ වෙලාවට විල්පත්තු වනාන්තර පද්ධතිය නිසා බටහිර පැත්තෙ වියළීමක් නෑ. වැව් බැඳපු යෝධයින් කරන වැඩ විල්පත්තුව කරනවා. විල්පත්තුව නැති දාට තෙත් කලාපයක් නෑ, තෙත් කලාපයක් නැතිදාට ගංගා ඇල දොල කොහෙන් පටන් ගන්න ද? ඒවා නැතුව ශිෂ්ඨාචාරයක් පවතීද (ඒත් අපි එච්චර දුර යන්න අවශ්‍ය නෑ අපේ මාතෘකාව යටතේ. එහෙම ගියොත් බල්ලාගේ කතාවෙන් පොල් ගහට යනවා. අපි අයෙමත් බලමු අර පරිසරවේදීන් කියන මහඑපාකරපුඋන්ගෙ තර්කෙ බිඳින්න. පස්සෙ කාලවල වෙන දේවල් ගැන දැන් හිතන්න කාටද වෙලාව තියෙන්නෙ).

හ්ම්ම් බැලින්නම් මෙතනිනුත් තර්කය කඩන්න අමාරැයි!

4. නිවාස තැනීම වෙනත් ස්ථානයකට මාරැ කර
- හාහ්. වෙනත් තැනකට කිව්වෙ අර යුද්දෙන් අවතැන්වූවන්ට මහවැලි කලාපවල වෙන්කරපු තැන් ද? ඔව්. ආ එහෙමද? හ්ම්ම් (එහෙනම් මේ පැත්තෙන් තර්කය බිඳින්නත් අමාරැයි නෙ!)

විල්පත්තු වනාන්තර පද්ධතියෙ දැන් පදිංචි කරන්නෙ යුද්දෙන් අවතැන්වූවන්. විල්පත්තු වනාන්තර පද්ධතිය ඇතුලෙ වගේ නෙමෙයි මහවැලි කලාපවල වෙන් කරලා තියෙන්නෙ මිනිස් වාසයටත් දියුණුවටත් සුදුසුයි කියලා අධ්‍යයනවලින් නිගමනය කරලා බලලා වෙන් කරපු ඉඩම්; ඒවා විල්පත්තුවට වඩා වගාබිම් විදිහටත් සුදුසුයි, වෙනත් කර්මාන්තවලටත් සුදුසුයි; විල්පත්තු පද්ධතිය තරම් පාරිසරිකව සංවේදීත් නෑ; ඒ නිසා මිනිස්සුන්ටත් හොඳයි, පරිසරයටත් හොඳයි; නීත්‍යානුකූලභාවයෙනුත් අවුල් අඩුයි.

දැන් මොකද කරන්නේ? තර්කයේ කොටස් ඔක්කොම හයියයි, කඩන්න බෑ. කඩන්න නම් ඒ තර්කය වගේම වෙනත් තර්කයක් පිදුරැවලින් හදන්න ඕන. හදලා ඒකට ගේම දෙන්න ඕන. හැමෝම හිතයි අපි ගැහුවේ අර පොර තර්කෙට කියලා!

මෙන්න අපිම හදන පිදුරැ තර්ක 4ට පිදුරැ පිළිතුරැ:

1. “විල්පත්තු ජාතික වනෝද්‍යානයේ” වනාන්තර විනාශයක් නෑ!

(පරිසර වේදියා: යාඵවා, පොඩ්ඩක් හෝව්..අපි කිව්වෙ නෑ ජාතික වනෝද්‍යානයක් ගැන. ඇයි මේ නොමඟ යවන්නෙ?)

2. මොන ජෛවවිවිධත්වයක් ද මේ! විල්පත්තු ජාතික වනෝද්‍යානයේ තුත්තිරි ගහක්වත් කපලා නෑ!

(පරිසර වේදියා: මූ ඒකමනෙ කියවන්නෙ. දැන් මන් සැරයක් කිව්වෙ වනෝද්‍යානයේ වනාන්තර විනාශයක් එහෙමටම නෑ තමයි. ප්‍රතිවිරෝධියා: ආ ඒකනෙ! ඒකනෙ! දැන්වත් පිළිගන්න!)

3. පරිසරවේදීන් හිතන් ඉන්නෙ මිනිස්සුන්ගෙ මස්කාලා හරි පරිසරේ ආරස්සා කරන්න!

(පරිසර වේදියා: එහෙම නෙමෙයි මල්ලි අපිත් කැමතියි ඕගොල්ලො ඔය කොටිවලස්සු ගොඩේ ඉන්නවාට වඩා මනුස්සවාසෙක ඉන්නවානම්. ප්‍රතිවිරෝධියා: බොරැ කියන්නෙපා ජාතිවාදියා!)

4‍‍. අපෙ පරම්පරා දොළහක කට්ටිය මුතුබෙල්ලො බාලා කැලේ ගෙවල් හැදුවෙ. ගස් ඩෝසර් කරන්න අපිට අයිතියක් නැද්ද? පරිසර හම පොරවගත්ත ජාතිවාදියා!

මාධ්‍යය ඇතුඵ ලාංකිකයින්: කැඩුවා නේද අර කඩන්න බැරි තර්කය!

පරිසරයට ආදරේ අපි: නෑ, ඒ කැඩුවේ අපේ තර්කය නෙමෙයි, පිදුරැ තර්ක.

අපේ තර්කය තවමත් ශක්තිමත්. අපිට ඕන අපේ රටට තෙත් කලාපයක්, අපිට ඕන ඔක්සිජන්. හැමෝටම යහතින් ඉන්න සෙෘම්‍ය රටක්, සතාසිවුපාවාට ගහකොළට මනුස්සයාට සහජීවනයක්. අපේ තර්කය පැරදුනේ නෑ. අපේ තර්කය පැරදුනදාට ඔයගොල්ලන්ට කෑගහන්න ඔක්සිජන්වත් නෑ. #savewilpattu

Strawman fallacy explained:
https://www.youtube.com/watch?v=KpaINEdEd8I