Pandula Paranagama
Aug 28, 2017 · 1 min read

හිතට හොරෙන් සැම විට සක්මන් කරනා

මණරම් සුසිල කේෂ වැටි දිලෙනා

ඔබේ මුහුණ කවදාවත් අමතක නොවනා

මගේ වෙන්න කියා මා හැමදා පතනා


එදා ඉවසුම් නැතුව ඔබගෙන් ප්‍රේමය ඇයඳූ

වරදට අද පසුතැවී කඳුලු වැගිරූ

තවමත් ඒ ආලය හද තුල දැරූ

එනකම් සිටියෙමි බලා මම තනිව අදුරූ


වෙන පෙමක් පාතා යන්නට බැරිවා

ඔබ මගේම වෙයි කියා හිත්මින් සිටියා

මංගල සලු ඔබ දවටන බව දන්නා

ඔබ මගේ නොවෙයි කියනා වග දැනුනා


සත් වසරක ඔබට මුනිවත රැක්කා

ඔබගේ හදේ ඉඩ මට නැති බව දන්නා

නොඅයදිමි සමා කල පෙම් වලට මා

සසරේ දිනක ඔබ මගේ බව දන්නා


පණ්ඩුල

)

Pandula Paranagama

Written by

Software Engineer - Peace Enthusiast - Geek - Potter Head - Music Lover - Fictionist