අනිත්‍යය

සය අවුරුද්දකට කලියෙන් නුඹ උර රුවාගෙන අත්තම්මා කැටුව,අම්මයි මමයි එක බස් එකේ සීට් තුනක ගිය හැටි අද වාගේ මතකයි,

කල් ගතවෙන කොට අත්තම්මා මගහැරී නුඹව ඔඩොක්කුවේ තියාගෙන අම්මයි මමයි සීට් දෙකකට කොටු උනා,

තව තව නුඹ ලොකු වෙනකොට ලෝකයා විසින් නුඹටත් ඉබේටම තනි සීට් එකක් වෙන් කලා,

මේ ජීවන ගමනේ තව දුර යන කල අප මෙතෙක් ආ ගමන් මග, අප අතහැර,මුල සිට නුඹට ආයෙත් අරඹන්නට සිදු වන බව තේරුම් ගන්නට නුඹ තවම පොඩි වැඩි වුනත් ,

මේ සසර කතරේ මංමුලාවී අතරමංව ඇවිදින නුඹට,මට අනියත බව වටහාගන්නට,මෙය කමටහනක්ම වේවා!

Like what you read? Give ආලකමන්දාව a round of applause.

From a quick cheer to a standing ovation, clap to show how much you enjoyed this story.