අලුතින් බදවා ගන්නා ඉන්ජිනේරුවන්ගේ ප්‍රායෝගික දැනුම මදි !!
විධායක අධ්‍යක්ශතුමාගේ මේ මතය හා තීරනයත් සමග මා අනුයුක්තව සිටි ආයතනයේ ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ කන්ටේනර් ඔෆිස් දෙක අතුරු සිදුරු නැතිව පිරී ගියේ නවක සහෝදර ඉන්ජිනේරු මහතුන්ගෙන් පමනක් නොව ඔවුන්ගේ සතුට,සොම්නස,අල්ලාප සල්ලාපයන්ගෙනි.
වාර්ශික විනෝද චාරිකාවද ආරම්භවන කාලය වන විට අප එක පවුලේ සාමාජිකයින් මෙන් සුහදව සිටියෙමු.
විනෝද චාරිකාව යෙදී තිබුනේ වැවක් අසල පිහිටි හෝටලයකයි.
දවසේ විනෝද වැඩසටහන් අවසන් කල අපට හවස් වනවිට මහත් කම්මැලිකමක් දැනුනි.
රාත්‍රී සාදය ආරම්භ වීමට කාලය ඇති නිසා වැව වටෙන් ගිහින් හොටෙල් එකට එමු.යෝජනාව මාගේ මතකයේ හැටියට විදුලි ඉන්ජිනේරු මහතාගේ වූ අතර ඒ වන විට වෙලාව පහ හමාරට වන්නට ඇත.අපගේ කන්ඩායම හත් දෙනෙකුගෙන් පමන සමන්විත විය.
සභාවේ ඒකමතික තීරනයට අනුව වැවේ දකුනු පසින් සුබ මොහොතින් අප ගමන් ආරම්භ කලෙමු.
කිලෝමීටරයක් පමන ගිය තැන කැලෑව ආරම්භවන මායිමේ අලියකු අතු කඩා කමින් සිටි අතර ඌ තරමක් ඈතින් සිටි බැවින් අපේ ගමනට ඉන් බාදාවක් නොවීය.
දෙවනුව හමු වූයේ ජලයෙන් වටවුනු දූපතකි.සාමාන්‍ය පෙල සිතියම් හා භූගෝල දැනුම භාවිතා කරමින් දූපත මගහැර අප ඉදිරියට ගමන් කලෙමු.
ක්‍රමක්‍රමයෙන් අප ගමනාන්තය කරා ලගාවෙමින් සිටි අතර හෝටලය අපට පෙනෙන මානයේ විය.වේලාව හත හමාරට ආසන්නව තිබුනු අතර රාත්‍රී සාදය සැලසුම් කරමින් සිටි අපගේ සහෝදර සේවක මහතුන්ගෙන් විටින් විට දුරකතන ඇමතුම්ද ලැබෙමින් පැවතිනි.
අවාසනාවක මහත!!
අවුරුදු දොලහක් පාසල් ගොස් සිටි මුත්,වැවකට ජලය ලැබෙන්නට ඇලක් ඇති බව අපට නොහැගුනු ඒ අනපේක්ශිත මොහොත.
අවසානයේ ඒ මහා ඇල රාජයා දැන් අප ඉදිරිපිට.
දැන් අප කුමක් කරම්දෝ යන පැනය අප සැම සිත් තුල රැව් දෙන්නට විය.
එහා පැත්තට පීනමු.කරුවලේම එකෙක් යෝජනා කලේය.උගේ කටහඩ මැකෙන්නටත් පෙර "අපට පීනන්න බෑ’ යන අදෝනාව කිහිප දෙනෙක්ගේම මුවින් නික්මිනි.
කෝටුවක් අරගෙන දාලා බලපන් කොච්චර ගැබුරුද කියලා.මහදැනමුත්තෙකු ඉදිරිපත් විය.ඇලට දැමූ කෝටුවට සිදු වුන දෙයක් සොයාගැනීමට නොහැකිවුන කල සියලුදෙනාම ඇලෙන් එතෙරවීමේ අදහස අතහැර දැමූහ.
ප්ලෑන් බී ක්‍රියාවට නැගිනි.ආපසු හැරුනු සියලු දෙනාම පැය දෙකක් තිස්සේ පැමිනි මේ දුර නැවත අදුරේම තරනය කරන්නට පටන් ගත්තෙමු.
කෑලි කැපිය හැකි අදුරේ කැලයෙන් කඩා ගත් පොලු කැබැලි පමනක් අතැතිව අප ඉදිරියට ගමන් ගත්තෙමු.
තොරතෝන්චියක් නැතිව නාදවන දුරකතන වලට සවන් දීමට තරම් ආත්ම ශක්තියක් තවදුරටත් නොම විය.අවවාදාත්මක ලිපි,සුදු කොඩි සියල්ල අප ඉදිරියේ මැවී මැවී පෙනෙන්නට විය.
දඩස් යන ශබ්දයක් සමගම අලියකුගේ කුන්චනාදයක් කන අසලම රැවු දෙන්නට විය.
මට මතක මා කටු පදුරක් මැද්දෙන් එය කඩාගෙන දිවූ බවක් පමනි.මුලු සිරුරම කටු වලින් සීරී ලේ ගලන බවක් දැනේ.
අප වැවට ඇතුල් වනවිට සැරිසරමින් සිටි අලියාගේ සිරුරේ දඩස් යන ශබ්දයෙන් හැපී තිබුනේ අප අතර ඇස්කන්නාඩි පැලද සිටි මොරටුව විශ්වවිද්‍යාලයේ සිටි දක්ශතම ඉන්ජිනේරු සිසුවෙකු වූ මිතුරෙකි.
කලබල වූ අලියාගේ කුන්චනාදයට බියවුනු අප අලියාගෙන් ඉවතට දුවන්නට විය.
කොරේ පිටට මරේ ආවා සේ අප ඉදිරියේ තිබුනේ අලින් ගම් වැදීම වැලැක්වීමට තනා තිබුනු විදුලි වැටකි.
එක පසකින් අලියා,අනික් පසින් විදුලි වැට.පනිමු පනිමු.එකෙක් කෑගැසීය.එපා එපා ඕකෙ වෝල්ට් තිස්තුන්දාහයි.කලබල වුනු අපේ විදුලි ඉන්ජිනේරු මහතාට ඕම්ගේ නියමයත් පැටලී ඇති සැටියකි.
මග හිටියොත් තෝ නසී.ගෙදර ගියොත් අබු නසී.
වැදුනොත් වැදිච්චාවේ කියා පරෙස්සමින් දනගසාගෙන අප විදුලි වැටේ කම්බි අතරින් රින්ගා එලියට ආවෙමු.
සමහරු ඔලුව බේරාගන්නට ගොස් පසුපසට විදුලිය නොවැදී බේරුනේ අනූ නමයෙනි.
යන්තම් අලියාගෙන් බේරි අලි වැටෙන් එලියට පැන ගත් අප සැනසුම් සුසුමක් හෙලුවෙමු.ඒ සැනසුම පැවතියේද තප්පර කිහිපයකි.අලි වැටට එපිටින් මහ උස තාප්පයකි.එය ලොකු වී මෝලක උස තාප්පයක් වන්නට ඇතැයි අප විශ්වාස කලෙමු.මිනිසුන් දෙතුන් දෙනෙකුගේ උස ඇති තාප්පයෙන් එපිට කුමක් තිබෙන්නේද යන්න සොයා බැලීමත් ඉතා අපහසු කාර්යයකි.උසම එකාගේ කරේ නැගුනු බර අඩුම එකා යන්තම් තාප්පයේ එල්ලී මේක වී මෝලක් වී මෝලක් යයි කෑ ගැසීය.මුරකාරයින් ලග තුවක්කුත් තියනවා.විදුලිය වැදී හෝ අලියාගෙන් මැරුන් කමුද.වෙඩි වැදී මුරකරු අතින් මිය යමුද.හෝටලයේ සාදය සැලසුම් කරන් උන්ගේ දුරකතන වල කන්දොස්කිරියාව එන්න එන්නම වැඩිවෙනවා මිස අඩුවක් පෙනෙන්නටද නැත.ඔන දෙයක් වෙච්චාවේ කියා තාප්පය උඩින් එබී අය්යේ අය්යේ යැයි මහ හඩින් කෑ ගැසුවෙමු.අපගේ වාසනාවට එක් මුරකරුවකු අප දැක අප සිටි තාප්පය දෙසට පැමිනි අතර අප ඔහුට සියලු විස්තර නොවලහා කිව්වෙමු.වාසනාවට ඔහු අපව විශ්වාස කර අප තාප්පයෙන් මෙපිටට ඒමට හා හෝටලයට ඇරලීමට තරම් කාරුනික විය. යන්තම් පන බේරාගත් අප හෝටලයේ සහෝදර සේවකයින්ගේ ලුනු ඇබුල් හා පිලිගැනීම මැද හෝටලට පා තැබුවෙමු.

Show your support

Clapping shows how much you appreciated ආලකමන්දාව’s story.