ආයතනයක ඇරඹීමේ සිට දියුනුව,ස්තාවර වීම්,පරිහානිය යන අවධියන් කලමනාකරන ක්ශේත්‍රයේ විස්තර කරනු ලබන්නේ ‘bath tub curve’ සන්කල්පය මගින් හෝ ‘product lifecycle’ යන සන්කල්පයන්ට සමාන කරමිනි. සාමාන්‍යයෙන් අවුරුදු තිහකට වඩා පැරනි හා ක්‍රමවේදයන් නිරන්තරයෙන් ඵලදායී ලෙස අලුත්වීම්වලට ලක් නොවූ ආයතනයන් මෙබදු අවදානමකට ලක් විය හැකි ඝනයට වැටේ.(මෙම උපකල්පන විවිධ හේතු මත වෙනස් විය හැකි බව සලකන්න)

කෙසේවෙතත් මා මෙම් ලිපියෙන් ඉදිරිපත් කීරීමට උත්සාහ කරනු ලබන්නේ බොහොමයක් කලමනාකරුවන්,ආයෝජකයින්, ආයතන ප්‍රධානීන් හා අයිතිකරුවන් ඒතරම් තැකීමක් නොකරන ආයතනයක බිදවැටීමට හේතුවන කාරනා කිහිපයකි.

ඕනෑම ආයතනයක් ආරම්භයේදී සේවකයින් ඔවුන්ගේ ඇරඹීමේදී ඇතිවන උද්‍යෝගමත්භාවය නිසා තමාට පැවරෙන ඕනෑම රාජකාරියක නොපැකිලව නියැලේ.ක්‍රමක්‍රමයෙන් සයිලෝ යන සන්කල්ප ආයතනයේ මුල්බැසගැනීමට පටන් ගැනේ. ඇරඹීමේදී පුද්ගලයින් අතර පමනක් ඇතිකරගනු ලබන්නාවූ සයිලෝ ක්‍රමක්‍රමයෙන් සේවක කන්ඩායම්, දෙපාර්තමේන්තු දක්වා පැතිරේ.සයිලෝ සන්කල්පය යටතේ පුද්ගලයින් හෝ පුද්ගල කන්ඩායම් තමන්ට අයිති හා අයිති නැති රාජකාරි වශයෙන් සේවාවන් බෙදා ගනියි.මුලදී මෙම role and responsibilities කලමනාකාරීත්වයේ මැදහත්වීමෙන් සිදුවුවත්,ක්‍රමක්‍රමයෙන් මෙය පාලනයෙන් තොර වේ. පසුකාලීනව තමන්ට හෝ තම සේවා කන්ඩායම්වලට කරදරක් වන ක්‍රියාවන් පවා කලමනාකාරීත්වයේ අනුමැතියෙන් හෝ දැනුවත්කිරීම්වලින් තොරව සයිලෝ සන්කල්පය යටතේ ප්‍රතික්ෂේපකිරීමට පෙලබේ.වෙනත් ආකාරයෙන් කිව හොත් තමන්ගේ වැට තමන්ට කැමති ආකාරයෙන් සකසා ගැනීමට පෙලබේ.

මේ ආකාරය කලමනාකාරීත්වයේ පාලනයෙන් තොරව ඇතිකරගනු ලබන සයිලෝ ආයතනයෙන් පරිබාහිර කටයුතු කෙරෙහි දක්වා පැතිරෙයි.මෙහි දරුනුම අවස්තාව වන විට මෙම තත්වයන් ආයතනයේ සැපයුම්කරුවන්, සේවාදායකයන්, මිලදීගන්නන් දක්වා පැතිරී යන අතර ප්‍රශ්නය නැවත නිවැරදි නොකලහැකි තත්වය දක්වා දුරදිග යයි.සමහර අවස්තාවන්වල මෙසේ ඇතිකරගනු ලබන සයිලෝ නිසි දැනුවත්කිරීම්වලින් තොරව හෝ අනිත් පුද්ගලයින්ගේ හෝ දෙපාර්තමේන්තුවල අදහස්,යෝජනා,වගකීම් පිලිබදව සලකාබැලීමකින් තොරව බලාත්මක කරවන නිසා දෙපාර්තමේන්තු හෝ සේවකයින් අතර ගැටුම් ඇති වේ.අවසානයේ සුලු කටයුත්තක් පවා සරලව කරගැනීමට නොහැකි තරම් ක්‍රියාවලින් සන්කීර්න තත්වයට පත් වේ.සමහර ආයතනයන්හි ඇතිකරගනු ලබන සයිලෝ නිසා එක් දෙපාර්තමේන්තුවක සිට තවත් දෙපාර්තමේන්තුවක් දක්වා මීටර් කිහිපයක දුරක් ලිපි ලේඛන ගෙනයාම අදාලනැති රාජකාරියක් ලෙස සලකන අවස්තා මම මාගේ රාජකාරි කාලයතුලදී අත්දැක තිබේ.මෙම තත්වයන් නිසා සැපයුම්කරුවන්,සේවාදායකයින් අධික අපහසුතාවයන්ට පත්වෙමින් සමහර ආයතනයන් අතර ගනුදෙනු සම්පූර්නයෙන්ම නතරකිරීම දක්වා මේ ප්‍රශ්නය දුර දිග යයි. ඔබ කලමනාකරුවකු,ආයෝජකයකු, ආයතන ප්‍රධානියකු හෝ අයිතිකරුවකු නම් ඔබගේ මට්ටමේදී ඔබ කලයුත්තේ එදිනෙදා පැනනගිනා සුලු ප්‍රශ්න කලමනාකරනය සදහා මැදිහත්වීම නොවේ.මෙබදු ප්‍රශ්න දෙස අහස් දැක්මකින්(global view) යුතුව ආයතනයේ නිර්මානය වෙමින් පවතින සයිලෝ සන්ස්කෘතිය කලමනාකරනය කිරීමයි.ඔබට සහායවීමට හැමවිටම තත්ව සන්රක්ශන දෙපාර්තමේන්තුවක් සිටියි.ආයතනයක,දෙපාර්තමේන්තුවක හෝ පුද්ගලයින්ගේ roles and responsibilities සකස් කිරීම හෝ වෙනස් කිරීම සිදු කල යුත්තේ ඔබ මිස අන් අය නොවේ.එම වගකීම හැමවිටම අන් සතු නොකල යුතුයි.නව වගකීම් හෝ වෙනස්වීම් හැමවිටම ක්‍රමානුකූලව සියලුම සේවකයින් දැනුවත්කල යුතුයි.සැපයුම්කරුවන් හෝ සේවාදායකයින්ට සුලු හෝ බලපෑමක් සිදුවියහැකියැයි සිතිය හැකි නව වගකීම් හෝ වෙනස්වීම් කලමනාකරන කිරීම හැමවිටම ඔබේ වගකීමක් ලෙස සලකා කටයුතු කල යුතුය.මක්නිසාද යත් ඔබේ ආයතනයේ පැවැත්ම රදාපවතින්නේ ඔවුන් මත වන බැවිනි.තත්ව සන්රක්ශන දෙපාර්තමේන්තුව සතුව පවතින process,flow chart,work procedures,roles,responsibilities සැකසීමේදී හෝ අලුත් කිරීමේදී ඔබේ දායකත්ව හැමවිටම අවශ්‍ය වනු ඇත.ඒවා නිවැරදිව යාවත්කාලීනවනවාදැයි පරීක්ශාකිරීම අත්‍යවශය වේ.එසේ නිවැරදිව සයිලෝ කලමනාකරනයකිරීම ආයතනය වෙනුවෙන් ඔබ කරනු ලබන මහගු සේවයක් වනවා ඇත.

එසේ නොමැතිනම් ඔබේ සැපයුම්කරුවා හෝ සේවාදායකයා ‘ඔබ හෝ ඔබේ සේවයද අපට අදාල නොවේ,එය අපේ විශයපතයට අයිති නැති කරුනකි’ යනුවෙන් කියනු ලබන දිනය වැඩි ඈතක නොවනු ඇත.

A single golf clap? Or a long standing ovation?

By clapping more or less, you can signal to us which stories really stand out.