සාමාන්‍ය පෙල හදාරන වයසේදී අපට පුදුමාකාර පරිසර කැක්කුමක් වැලදී තිබුන අතර ඒ නිසාම අප “පේරාදෙනිය උද්හිද උද්‍යානයට අනුබද්ධ “යොවුන් ගවේශණ සංගමයේ” සාමාජිකයින් වීමු.

එහි සාමාජිකයින්වූ නිසාම අපට ඕනෑම වෙලාවක “පේරාදෙනිය උද්හිද උද්‍යානයට” ඇතුලු වීමට අවසර පතක් ලැබී තිබුනු අතර විවිධ පරිසර වැඩසටහන් වලට සහභාගී වීමටද අවස්තාව ලැබී තිබුනි.

ආචාර්ය සරත් කොටගම මහතා එකල දැවැන්ත පරිසරවේදියකුගේ චරිතය හෙබවූ අතර ඔහු අප අතරේ වීරයකු විය.

ඔහු ප්‍රධාන දේශකයා ලෙස සහභාගී කරගනිමින් පරිසර දේශනයක් පැවැත්වීමට අප සැලසුම් කලේ පරිසරය පිලිබද ඇති ඉවසිය නොහැකි කැක්කුමට වඩා පිරිමි පාසලක ගැහැනු පුලුටක්වත් දකින්නට නොමැතිව වේලෙමින් සිටි අපට ඉදහිටවත් සිසිල් දිය පොදක් ලැබේවා යන ප්‍රාර්ථනය ඇතිවය.

දේශකයාට ආරාධනා කිරීමටත් පෙර ආරාධනා කලයුතු කාන්තා පාසල් ලැයිස්තුගත කල අපේ සමීප මිතුරන් කිහිප දෙනෙකුත් ඒ අතර විය.

සාමාන්‍යයෙන් අප ප්‍රතිපත්තියක් වශයෙන් කාන්තාවන් සම්බන්ද ගනුදෙනු වලදී පාසලේ අභිමානය සුරැකීම සදහා ප්‍රමුඛත්වය දුන් පිරිසක් වූවෙමු.සරලව ප්‍රකශ කලහොත් එවන් කටයුතුවලදී පාසලේ අභිමානය පිලිබදව වඩාත් පරෙස්සම්වූ පිරිසක් වූයෙමු.

කෙසේ වෙතත් දින ගනනාවක කල මහත් පරිශ්‍රමයකින් අනතුරුව සියලුම සංවිධාන කටයුතු අවසන් වී දේශනයට නියමිත දිනය උදා විය.සිසුන් සියයකට වඩා සහභාගී වන පැය තුනක පමන දේශනයක් සදහා අතරමග විවේක කාලයක් හා සිසිල් පැන් සංග්‍රහයක්ද අත්‍යවශය විය.

කිසිදු ආදායම් මාර්ගයක් නොතිබුනු අපට දෙමව්පියන් දෙන කීය කීය හෝ එකතුකර සාදාගත් අරමුදල මේ සංග්‍රහය සදහා ප්‍රමානවත් නොවූවත් සිට්‍රික් අම්ලය,ලුනු,අයිස් කියුබ් හා අඩුවට ලබාගත් පලතුරු වලට පින්සිදුවන්නට එය ගැටගසාගැනීමට තරම් ප්‍රමානවත් විය.

ලොකු ප්ලාස්ටික් භාජන දෙකක් සකසාගත් අප උදෑසන සිටම දහදිය පෙරාගෙන බීම සැකසූ අතර අපට සහයවීමට එකෙකුවත් නොඑන්නේ මන්දැයි විචිකිච්චාවක් ඇතිවුනත් අප ඒ වන විට සිටි තත්වයේ හැටියට අපට ඒ පිලිබද විමසීමට තබා බීම සාදන කාමරයෙන් පිටතට ඒමටවත් සුදුසු පෙනුමක් හෝ වාතාවරනයක් නොවීය.

පලයන් ගිහින් බලපන් මුන් මොකද කරන්නේ කියලා,එකෙකු කෑ ගැසීය.අප සිටින කාමරයට එපිටින් වූ තිර රෙදි අතරින් ප්‍රධාන ශාලාව මැනවින් දිස් වෙයි.ඒ අතරින් රින්ගා බැලූ අපට දිස් වූයේ මනරම් දර්ශනයකි.

කිරි කොකුන් සේ හැද පැලද,ටයි පටි වලින් සැරසුනු අපේම ඇඹලයන් කිහිපදෙනෙකු කාන්තා පාසල්වල සිසුවියන් අතරට ගොස් උකුලු මුකුලු කරන ආකාරයයි.

මෙම දසුන දුටු අපගේ ඇඩ්රනලින් මට්ටම ලෙල්ලට නැග තිබුනු අතර,මුන්ට අමතක නොවන රැග් එකක් දිය යුතුය යන්න අපගේ ඒකමතික තීරනය විය.

කෙමෙන් කෙමෙන් විවේක කාලය ලගා විය.සීනි වල රස වැටුනු ඇඹලයන් සේ කිරි කොකුන් ටික කෙල්ලන්ට බීම සංග්‍රහ කිරීමට trey අතැතිව පෙල ගැසී සිටියහ.

බීම වීදුරු පුරවන අප අතින් වැරදීමෙන් සමහර වීදුරු වලින් භාගයක්ම සිට්‍රික් කුඩු වලින් පිරවිනි.සමහර වීදුරු වලින් භාගයක්ම ලුනු කුඩු වූ අතර,සමහර වීදුරු ජලයෙන් පමනක් පිරවිනි.ඒ අතර රසවත් බීම වීදුරු මෙන්ම අයිස් පමනක් පිරවූ වීදුරුද නොතිබුනාම නොවේ.

සමනලුන් රෑන මල් වටේ කැරකෙමින්,ඔවුනට රසවත් බීම වීදුරු වලින් සංග්‍රහ කරන අයුරුත්,අතරින් පතර කෙල්ලන්ගේ මුහුනු ඇඹුල්වී යන ආකාරයත් සමහරුන් නිහඬව ලුනු ඇඹුල් රස විදගත් අයුරුත්,සමහරුන්ගේ රැවුම් ගෙරවුම් සියල්ල අප තිර රෙදි අතරින් නරඹමින් සිටියේ අපේ එවුන් ගැන ඇතිවූ අනන්ත හා අපරිමිත වූ අනුකම්පාවෙන් හා දයාවෙන් යුතුවය