ෆැන්ටම් ස්ටාර්ටර් KYC අනුමත කරගන්නා ආකාරය

Sachintha
4 min readOct 13, 2021

--

ෆැන්ටම් ස්ටාර්ටර් KYC අනුමත කරගන්නා ආකාරය

FantomStarter යනු ෆැන්ටම් අවකාශයේ ව්‍යාපෘති දියත් කරන ප්‍රධානම වෙබ් අඩවියයි. ඉදිරියේදී එහි ඉතා ඉහල ප්‍රතිලාභ ලබාදෙන ව්‍යාපෘති දියත් කිරීමට නියමිතය. තවත් සුවිශේෂී කාරණයක් වනුයේ මෙය ෆැන්ටම් ව්‍යාපෘති සදහා පමණක් සීමාවූ වෙබ් අඩවියක් නොවේ. මෙහි එතිරියම්, පොලිගන් මෙන්ම බී.එස්.සී. ව්‍යාපෘති දියත් වීමට නියමිතය.

නමුත් මෙහි ආයෝජනයට ප්‍රථම ඔබ ඔබේ KYC එසේත් නොමැතිනම් ගනුදෙනුකරු හදුනා ගැනීම‍ට අවශ්‍ය ලිපි ලේඛන ලබා දී එය අනුමත කරගත යුතුව ඇත.

මෙම ලිපියේ අරමුණ එය කරණා ආකාරය විස්තර කිරීමයි!

ප්‍රථමයෙන් ඔබ Fantom Network RPC එකට සම්බන්ධ විය යුතුයි.

  1. Network Name: Fantom Opera
  2. RPC URl: https://rpc.ftm.tools/
  3. ChainID: 250
  4. Symbol: FTM
  5. Block Explorer URL: https://ftmscan.com/

දැන් “ start investing with us!”(අප සමග ආයෝජනය කරන්න) යන යෙදුමට පිවිසෙන්න.

පළමු පියවර: ඔබගේ එක සම්බන්ධ කරන්න හෝ Fractal පිවිසුම් දත්ත යොදාගන්න.

ඔබට Fractal ID නොමැතිනම් ඔබගේ ඊම්ල් ලිපිනය යොදාගෙන ඒ සමග සම්බන්ද වන්න. ඔබගේ ඊමේල් ලිපිනය යොදා සම්බන්ද වූ පසු ඔබට තහවුරු කිරීමේ පණිවුඩයක් ලැබෙනු ඇත. ඊමේල් ගිණුමට පිවිසීම මගින් ඔබ එය තහවුරැ කල යුතය.

කොන්දේසි සමග එකග වන්න.

දෙවන පියවර : තහවුරු කර ගැනීමේ පියවරයන්හි ආරම්භය

ඔබ දැන් මීලග පියවරට පැමිණ ඇත. තහවුරු කර ගැනීම සදහා පහත උපදෙස් පිළිපදින්න.

තෙවන පියවර : හදුනාගැනීමේ ලියකියවිලි ඉදිරිපත් කිරීම

ඔබට මෙම පියවරයන් සදහා ඔබගේ පදිංචිය සහතික කිරීමේ ලියකියවිලි, හැදුනුම්පත්, ඔබගේ Wallet සමග ඔබගේ ජායාරුපයක් ලබා දීමට සිදුවනු ඇත.

පළමුව ඔබගේ රට පහත මෙනුවෙන් තෝරාගන්න

ඔබගේ ලිපිනය යොදන්න.

දැන් ඔබට ඔබගේ පදිංචිය සහතික කිරිමට සිදු වනු ඇත.

දැනුම්දීමයි: Fractal ID විසින් ඔබගේ හැදුනුම්පත සහ පදිංචිය සනාථ කිරීමේ ලිපි ලේකන ඉල්ලා සිටුනු ලැබේ.

පදිංචිය සහතික කිරීම සදහා බිල්පතක්, බදු ලේඛනයක්, බැංකු ගිණුම් විස්තරයක්, ණය ප්‍රකාශනයක් වැනි දෑ යොදාගත හැක. අනුමත ලිපි ලේකන මෙම වෙබ් පිටුවේ දක්වනු ලැබේ.

සිව්වන පියවර: ERC 20 Wallet ලබාදීම.

පහත මෙනුවෙන් ETH/ERC-20 තෝරාගන්න. ඉන්පසු ඔබගේ Ethereum/ERC-20 wallet address යොදන්න.(මෙය සහ ෆැන්ටම් wallet address එක සමානය).

මේ සදහා ඔබ whitelist වූ wallet එක ඇතුලත් කරන්න එසේ නොකළහොත් ඔබට public sale සමග සම්බන්ද වී එහි ආයෝජනය කිරීමට නොහැකිවනු ඇත.

පස්වන පියවර : අනන්‍යතාව ඔප්පු කිරීම

මෙහිදී ඔබට ඔබේ හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය(කැනඩාව, ඕස්ට්‍රේලියාව හා ඇමෙරික එක්සත් ජනපදය පමණි) හෝ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති.

දැන් සෙල්ෆි ජායාරුපයක් ලබා දෙන්න

ඔබට මේ සදහා ඔබගේ කරවෙන් මේ මොහොතේ පින්තුරයක් ලබාදීම හෝ පෙර ලබාගත් ජායාරුපයක් ඉදිරිපත් කල හැක.

ඉහත සියල්ලෙන් පසු ඔබගේ verification ක්‍රියාවලිය අවසන්. දැන් ඔබට ඔබට පහත තිරය දර්ශනය වනු ඇති.

Fractal ID විසින් ඔබගේ දත්ත පරික්ෂාකොට ඔබගේ අනන්‍යතාවය තහවුරු කරනු ඇති.

දැන් ඔබ ආයෝජනයට සුදානම්!

--

--