Appmaker එක්ක විනාඩි 5න් Android Application එකක් හදමු

Ideamart කියන්නේ API management platform එකක්.අපිත් එක්ක දැනට ලංකාව තුල සහ ලංකාවෙන් පිටත රටවල් කීපයක Operatorsල සෑහෙන ප්‍රමානයක් එකතු වෙලා ඉන්නව

Ideamart මගින් අලුතෙන්ම හඳුන්වාදෙන platform එක තමයි Appmaker.

මොකද්ද මේ Appmaker?

Appmaker කියන්නෙ සරලවම form එකක් fill කරල ඉතා ඉක්මනින් Android app එකක් හදා ගන්න පුලුවන් සේවාවක්.මේ සඳහා ඔබට කිසිම Android Programming දැනුමක් අවශ්‍ය නෑ.විනාඩි 5ක් වගේ කාලයක් අතුලත form එකක් පුරවල Android Application එකක් හදා ගන්න පුලුවන්

Appmaker එක්ක Android Application එකක් හදමු

අද අපි කතා කරමු Appmaker තුල කොහොමද ඔබේ පලවෙනි Android Application එක හදන්නේ කියල.

3.මම මේ Tutorial එකෙදි USE කරන්නෙ RECIPE Style එක

4.අලුත් Page එකක් add කරමු

Pages Create Page වලට ගිහිල්ල ඔයගෙ Page එක Add කරන්න, Page එකේ Category, Name, Banner Images සහ Content එක update කරන්න

5. Application එකේ Logo එක, Look & Feel එක වෙනස් කරමු

Application logo එක 250 x 150 px විය යුතු අතර මෙය ඔබට ඔනෑම format එකකින් upload කල හැකිය

Application එකේ App background සහ Navigation Colors මෙන්ම font styles වෙනස් කිරීමේ හැකියාව ඇත

6.Push Messages වල භාවිතය

අපි ඔක්කොම smart phone වල use කරන feature එකක් තමයි push notifications සේවාව.Appmaker platform එකෙන් push notification ඔයාට කැමති text එකක් ලින්ක් එකක් ඉතා පහසුවෙන් ලබා දෙන්න පුළුවන්

7. App එක publish කිරීම

Appmaker එක්ක Android app build කිරීමේ final step එක තමයි App එක publish කිරීම.මුලින්ම ඔයා ගිහිල්ල Pages → App Details වල තියෙන contact, policy සහ about us details සම්පුරණ කරන්න ඕනෙ

දැන් Publish → Submit for Approvals වලට ගිහිල්ල Basic Details සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ඉල්ලල තියෙන images ටික PNG format එකෙන් දීල තියෙන Resolution වලින් upload කරන්න

  • HI-RES Icon- 512 x 512 pixels, PNG format
  • Feature Graphic — 1024 (width) x 500 (height) pixels, PNG format
  • Splash Screen — 2732 x 2732 pixels, PNG format

Application එකේ keyword එකයි port එකයි select කරන්න

ඊට පස්සෙ එන operator configuration menu එකෙන් operator select කරල ඔයාට කැමති subscription plan එක select කරල application එක Approvals වලට submit කරන්න

Ideamart Admin ල application එක check කරල පැය 24ක කාලයකින් ඔයගෙ application එකට approval දෙයි.ඒත් එක්කම ඔයාගේ Android application එක Google Playstore එකට submit කිරීමේ පහසුකමත් එකෙන් ඔයාට ideamart එකෙන් ලබා දෙනව

Appmaker ගැන ප්‍රශ්න / යෝජනා / චෝදනා තියෙනවා තියෙනවනම් අපිට call එකක් දීල හරි email එකකින් හරි කියන්න