චරිත දෙකක්

මලී

හලෝ මලී කොහමද අලුත් ජීවිතේ ?

වැඩක් නැහැ මට මුළු ජීවිතේම එපා වෙලා මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද ?

දවස නිමා කරන්නට පෙර දහසකුත් එකක් රාජකාරි නිමා කරන්නට තිබ්බත් පරණ යාලුවෙකුට කරදරයක් වගේ දෙයක් වෙලා වගේ කියලා හිතුන නිසා මුණු පොතේ දෙබසකට මම ඇයත් එක්ක මුල පිරුවා

ඔයා දන්නවනේ රවී මම එයත් එක්ක සමබන්දයක් පටන් ගත්තා ටික කාලෙකට කලින් .
ෂා නියමයිනේ ඌ හොද කොල්ලනේ !
පිස්සුද අනේ එයා ඒක නැවැත්තුවා මීට අවුරුදු දෙකකට කලින් . අයෙත් අපි පටන් ගත්තා එයාට මාව ඕනෙම කියලා . යන්තම් මම හිත හදා ගත්තා විතරයි එයා ගැන හිතලා මම අයෙත් එයාට කැමති වුනා . එයාලගේ ගෙදරින් අපේ ගෙදරත් අවා . ඊලගට තමයි අයෙත් ප්‍රශ්න එන්න පටන් ගත්තේ . ගෙදරින් අපු බලපෑමට මෙයාට අයෙත් මාව එපා වුනා . ඊට පස්සේ මම හිතුවේ එයා මාව එයා ලගට ගනී කියලා මොන ප්‍රශ්න ආවත් . බලාගෙන ඉදලා බැරිම තැන මම එය ඉන්න පළාතට මාරුවක් ගත්තා . දැන් එයා මාව මග අරිනවා කතා කරන්නෙම නැහැ . මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ සොරි අනේ ඔයාගේ වෙලාවත් කෑවට මට මේක කාට හරි කියන්න ඕන වුනේ .

අවුලක් නෑ මලී මට එහෙම කරදරයක් නැහැ . ඔයා ඕක ගැන වැඩිය හිතන්න එපා . ඒත් එයාගේ ගෙදරින් ඔයාට අකමැති මොකද ?

එයාලා කතෝලික අය බුද්ධාගමේ කෙනෙක් බදිනවට කැමැති නැහැලු !

මොන බම්බුවක්ද රවියා දන් නැද්ද ඔයාගේ අගම මේක පටන් ගන්න කලින් .

දන්නවා අය්යේ !

ඔයා ඔවා ගනන් ගන්න එපා කොහම හරි හිත හදා ගන්න බලන්න මලී .

මනී

ඔයාට සුබම සුබ උපන්දිනයක් අය්යා ! 
තැනක් යු වේවා!
කොහමද මනී ඉතින් ? ලගදි මැරී කරනවද ?

මූනූ පොතේ සදහන් වුනු සුබ පැතුමට පොඩි කල්ලකුත් දාලා මම කාලෙකින් කතාවකට මුල පිරුවා ඇයත් එක්ක

පිස්සුද අය්යේ ඒක ඉවරයි . එයා හරිම නපුරුයි කෝල් එකක් වත් දුන්නේ නැහැ මාසෙකින් .

කුණු හොයන්න ඕන කමක් නැටි නිසා මම කතාව නවත්වන්න බලාගෙන සොරි නංගි මම දන් නැනේ . මම පොඩ්ඩක් බිසී පස්සේ සෙට් වෙමු කියලා කැපෙන්න ගියේ .

අයියේ මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ?

ඔව් කියන්න නංගි

මම හරිම අවුලෙන් ඉන්නේ . මුලින්ම එයාට මම එපා වුනා . ඊට පස්සේ අයෙත් මාව ඕනා වුණා . මේ විදිහට තුන් පාරක් කලා . හැමදාම මම එයාව විශ්වාස කළා . අන්තිමට එයාලගේ ගෙදර අයට මාව ඉන්ට්‍රඩුස් කළා කොන්වෝකෂන් එකේදී . එයාලගේ අම්ම මාව දැකලා කතා කළා හොදට . මගෙන් ඇහුවා අම්මයි තාත්තයි කෝ කියලා . මම එයාල දෙන්නව ඉන්ට්‍රඩුස් කලාට පස්සේ තාත්තගේ ගම අහලා . එක කියපු ගමන් එයාවත් ඇදගෙන මට රවාගෙන ගියා අය්යේ .

මොන බම්බුවක්ද මල්ලි දන් නැද්ද ඔයාගේ ගම මේක පටන් ගන්න කලින් .

දන්නවා අය්යේ !

ඔයා ඔවා ගනන් ගන්න එපා කොහම හරි හිත හදා ගන්න බලන්න කියලා පුරුද්දට වගේ කියලා දැම්මා.

ඔයා ඔවා ගනන් ගන්න එපා කොහම හරි හිත හදා ගන්න බලන්න කියලා පුරුද්දට වගේ කියලා දැම්මත් මම දන්නවා ඒක කියන තරම්ම ලේසි නැ කියලා . ආදරේ ජිවිතේ කියන්නේ විදින්න තියෙන දෙයක්ද විදවන්න තියෙන දෙයක්ද කියලා හිතන ගමන් එයාගේ අලුත් ප්‍රොෆයිල් පික් එකට ලයික් එකක් දැම්මා.

Show your support

Clapping shows how much you appreciated THIMIRA’s story.