රාජා බවතු දම්මිකෝ

සිරි පාද අඩවියේ මිනිස් පහසක් කලාතුරකින් ලැබෙන අරණ්‍ය සේනාසනයක වාසය කරන තපසතුමකුගේ කුටියේදී …

ආයු බො වේවා ආයු බො වේවා !

අනාගතය පැහැදිලි ජයක් ලබනවා ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න ඕනේ නැහැ කියලා නේද ඔබතුමා සිතන්නේ ?

එහෙමයි එහෙමයි තාපසතුමනි

කව්ද මාත් එක්ක සටනට එන්නේ ? වික්‍රමසිංහ නේද ?

නැත ඔහු මෙම අවස්ථාව මග හරි . ඔහු පැමිනෙන්නේ නැත . නායකයෙක් පැමිණෙයි . ඔහු සියල්ලෝම එකතු කර ගනී .

මෙවර ඔබතුමා සිතන තරම් තරගය ලෙහෙසි නැත . ජයග්‍රහණය හිමි නොවේ නමුත් පැහැර ගත හැක .

මොනවා එහෙනම් කව්ද මාත් එක්ක හැප්පෙන්න එන්නේ ?

මුන්ට මෙච්චර කරලත් මාව හොද නැද්ද ? වික්‍රමසිංහයා නෙවේනම් කව්ද එන්නේ ?

නායකයෙක් .ඔව් නායකයෙක් .

කව්ද මාත් එක්ක හැප්පෙන්න එන්නේ මොකාද ඌ ?

නායකයෙක් නායකයෙක් . ඔබතුමා නොහිතන නායකයෙක්

ඉගියක් ලබා ගන්න අවශයි .

පෙන්නුම් කරන ආකාරයට නායකයෙක් . ස අකුරෙන් නම පටන් ගන්නේ ?

ඒ කියන්නේ ප්‍රේමදාසගේ කොල්ලා වික්රමසිංහ ගෙදර යවනවා ?

නැත නැත . එසේ නොවේ .

මෙවර ඔබට ජය හිමි නොවුනත් බලය යොදා එය තබා ගත හැක .

නමුත් ස අකුරෙන් බිහිවෙන නායකයෙක් ඔබව පරාජය කරනවා නිසැකයි. මෙවර නැතත් අනාගතයේ එය සිදුවේවි .

නැවත වාහනයට නැගී ගමන් ඇරබුවත් සිතේ සැනසීමක්නම් අහලකවත් නොවිය . කමක් නැහැ එන හැටියක් බලමු . මෙච්චර කාලෙකට මෙතුමා කියපු දෙයක් වැරදුනේ නෑ . මතකනේ අර අම්මණ්ඩි කම්කරු එක දීලා පස්සේ ආපහු ගන්නවා කියලත් කිව්වනේ .අනික

ගෑණිව බැලන්ස් කරන හැටිත් කියලා දුන්නනේ .

ඒ වුනාට බන් නම කියවුනේ නැනේ මොකාද මට අරින්න එන්නේ කියලා ?

රත්නපුරයේ සිට අගනුවර බලා ගමනාගමනයේ යෙදෙන විට වෙනදා මෙන් ලොක්කා කිසිම කතාවක් නැතිව සිටීම ගාමාට ලොකු අවුලක් විය . වෙනදා නිතරම කියවන පලමඩුල්ල මැණික් මුදලාලිගේ දුවගේ පලහිලව්ව මෙවර නොකිමෙන්ම ලොක්කා සිටින්නේ එසේ මෙසේ අවුලක නොවන බව ඔහුට පසක් වීමට වැඩි කාලයක් ගත නොවිය .

නිහඩ බව බිදින්නට සිතා ගාමා, සර් අපි තේ එකක්වත් බීල යමුද ?

ගාමිණි මට මල්ලිලට කොන්ෆෙරන්ස් දාපන් ..

උබලට මාව ඇහෙනවද ? මේ පාරත් ගේමක් ගහන්න වෙනවා . කොමසරිසව උස්සලා හරි මට මේ පාරත් දිනන්න වෙන්නේ

ඕවා ගණන් ගන්න එපා අය්යේ වැඩිය . වික්‍රමසිංහය අය්යව පරද්දනවා කියලාත් කිව්වා නම් මිනිහට මොලේ අමාරුවක් තියෙනවා දැනුත් මට කිව්වා අය්යට කියන්නලු දැන්ම ඉලෙක්ෂන් තියන්න එපා කියල මොකද නැත්නම් උට සජිත්ට දෙන්න වෙයිලු පක්ශේ ඉලෙක්ෂින් එකෙන් පස්‌සෙ .

වැරදිලාවත් ස ගැවුන එකේවත් එන්න දෙන්න එපා . ගෝටා ලිස්ට් එකක් හදපන් එන්න පුළුවන් ඔක්කොමලා දාලා . එකේවත් තියන්න එපා ඔක්කොමල ටකල් කරපන් . හෙට හතට මම එනවා . දෙන්නම වරෙන් රෙඩ් ට කියපන් සැප ගත්තා ඇති තව වැඩ තියෙනවා කියලා . ඌ කොහෙද දැන් තාම චීන කෙල්ලත් එක්ක එහේද ?

දන්නේ නැ අය්යේ අන්තිමට දාපු sms එක තම ගියේ නැ .

මොකද්ද යකෝ කියන්නේ තොපිට තේරෙන්නේ නැද්ද මට කෙලවුනොත් තොපි ඔක්කොටම කෙල වෙනවා කියලා . කාලකන්නි දැන්ම මේක සෙට් කරපන් මගේ යකා අවුස්සනේ නැතිව .

අරලිය ගහ මන්දිරයේ පිහිටි දේශපාලන වටමේසයේදී …

කෝ ලිස්ට් එක තියෙනවද ? කියපන් බලන්න නම් ටික

සජිත්

සම්බන්දන්

සරත් සිල්වා

සෝමවංශ

මේ එළියේ ඉන්න කට්ටිය

මොකද්ද යකෝ කියන්නේ මේක ඇතුලේ තවත් ඉන්නවද මට අරින්න බලාගෙන

කව්ද උන් ටික

සිරිපාල

සිරිසේන

දෙන්නා පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ ලේකම්ගේ සීන් එකයි සිරිපාලට ගැනිව සෙට් කරලා වැඩේ මීඩියා වලට දුන්නේ සර් කියලා උන්දෙන්නම දන්නවා . අනික සිරාට ඇටැක් කලේ කවුද කියලත් උන් දෙන්නම දන්නවා.

හැබැයි එලියට බහින්නේ නම් නැහැ ඒක ශුවර් .

සෝබිතත් මේකට දාමුද මම දැක්කා ලගදි වොයිස් කට් එකක් .

ගෝටා සරත් ට දීපු ගේමට සරත් තාම අවුලෙන්ද ඉන්නේ ? මට වෙලාවකට හිතෙනවා රෝ එකේ එවුන් අපිව අන්දුවද කියලා . මට මකරිත් කිව්වේ සරත් ළමයි දෙන්නට පොරොන්දු වෙලා හිටියලු ලබන මාසේ ඉදං ඇමෙරිකාවේ ගිහින් ඉන්නවා කියලා දිගටම .අපේ එවුන් මොනවද කියන්නේ ?

මටත් එක හිතෙනවා අය්යේ . මොකද මිනිහා මොනවා කලත් එච්චර ගේමක් දෙන්න එන්නේ නැහැ . අපි ඉස්සර වුන වැඩිද මන් දන්නෙත් නැහැ .

ඒවා ගැන හිතන්න දැන් වෙලාවක් නෙවේ දැන් . අපි බලමු කව්ද මේ පාර ගේමට එන්නේ කියලා යැයි මෙතෙක් වේලා දරුණු නිහඩතවයක සිටි බැරා තෙපලීය .

Show your support

Clapping shows how much you appreciated THIMIRA’s story.