Ind

දේශපාලන ශබ්දකෝෂයේ ‘වම’ සහ ‘දකුණ’ කියන බෙදීම ගැන බොහෝදෙනෙක් දෝෂසහිත එල්බගැනීමක ඉන්නව. මගේ තේරුම්ගැනීම අනුව, ‘වම’- මූලිකවම සාමූහික දේශපාලනයක් හරහා අප වටා ලෝකය වඩා යහපත් තැනකට ඔසවා තැබීමක් විශ්වාස කරද්දි, ‘දකුණ’- පුද්ගලවාදී, පුද්ගල අවශ්‍යයතා සමාජීය අවශ්‍යතාවලට වඩා ප්‍රමුඛය කියන ආස්ථානයේ සිටීම කියලයි හිතන්නෙ.

‘දකුණ’, මිනිසාගෙ ස්වභාවික නැමියාවට වඩා ලංවෙන විට, ‘වම’, ‘ශිෂ්ඨාචාර ගත මිනිසාගෙ’ ආශයන් පිළිඹිබු කරනවා.

දේශපාලන නැමියාව අතින්, ‘වම’ කෙරෙහි මගේ ඇති නැඹුරුව එන්නෙ, තනි පුද්ගලෙයකු වශයෙන් ‘මිනිසා’ කෙරෙහි ඇති විශ්වාසයට වඩා ‘ශිෂ්ඨාචාරගත මිනිසා’ පිළිබඳ ඇති විශ්වාසය තුලින්.

එතැනදි හුදු තනි පුද්ගල ආශයන් වන, ‘වර්ගවාදය’, ‘අධි-පරිභෝජනවාදී ජීවන රටාව’, ‘ආධානග්‍රාහි මතවාදී එල්ඹගැනීම්’ ප්‍රතික්ශේප කිරීම අනිවාර්යක්.

ඒ සියල්ලටම වඩා, ‘දේශපාලනිකව’ ‘ඒ’ තැන සිටීම නිසා ඇති සැහැල්ලුව මිල කල නොහැකියි.

* ‘දේශපාලනය’ කියන ‘Political’ කියන වචනයේ වැරදි සිංහල පරිවර්තනය නිසා, ටෙක්ස්ට් එකේ අර්ථයට වෙන හානිය නොසලකා, වෙනත් සිංහල වචනයක් ගැන නොදන්නා නිසා එයම යොදන ලදී.

--

--