ශ්‍රී ලාංකීය වෛද්‍ය තාක්ෂණ අඳුරේ පහන් දැල්වීම

Damith Rushika Kothalawala
DevOps SriLanka
Published in
4 min readAug 5, 2020

--

ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන රොහලේ විකිරණ අංශයට යන ඔබට අද දින (2020 අගෝස්තු 05) දැකිය හැකි වන්නේ X-කිරණ ඡායා පිටපත් ලබා ගැනීමට අවැසි රෝගීන්ට වෙනත් රෝහලක් වෙත යායුතු බව පවසන දැන්වීමකි. මන්ද යත් X-Ray Film තොග දැන් එම රෝහලේ නැත.

සත්‍යවශයෙන් ගතහොත් වෛද්‍යවරයෙකු විසින් නියම කරන ලද X-Ray පිටපත් උපරිම 2 වාරයකට වඩා බාවිතා කරන්නේ ද නැත. නමුත් දෙවරක් බාවිතා කර විසි කරනු ලබන එම පිටපතක් සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් 300ක් පමණ අපේ බදු මුදල් වියදම් කරනු ලැබේ. X Ray පිටපත් 100 ක් වුවත් රුපියල් 20ක් වැයවෙන CD එකක දැමීමට හැකි වීම මා දකින්නේ බදු මුදල් ඉතිරියක් ලෙසටය.

මෙතෙක් ගම්පහ මහ රෝහලේ X-කිරණ පිටපත් නොමැතිව වාට්ටු සඳහා X-කිරණ වාර්තා යොමු කරනු ලැබුවේ CD පිටපත් සහ රෝහලේ වාට්ටු 6කට පමණක් සීමාවු එක් පිටපතක් රුපියල් ලක්ෂ 1 1/2 + සේවා ගාස්තු අයකල වෙන රටක නිමැවූ මෘදුකාංගයක් මගිනි.

උක්ත පද්ධතියෙන් බැහැර වෙනත් වාට්ටු වලට CD තැටි වල දමා යැවූ X-Ray ජායාරුප බැලීමට පරිගණක ලබා දී තිබූ අතර ඒවායේ බොහෝවිට CD තැටි ධාවක (CD ROMs) හරි හැටි වැඩ කරන්නේ නැත. වැඩ කලත් මුද්දර size රූප බැලීමට සිදුවේ. මෙහිදී සමහර තරුණ දොස්තර වරු/වරියන් එම රූපය තම ජංගම දුරකතනයෙන් සේයාරුවක් රැගෙන zoom කර බැලීමට පුරුදුව ඇති බව එක් වෛද්‍යවරියක් මාහට පැවසීය.

නව පත්වීමක් ලැබ ගම්පහ රෝහලට පැමිණි විශේෂඥ වෛද්‍ය තුෂාර ද අල්මේදා මහතා දිනක් මා අමතා පැවසුවේ මෙම අපහසුතාවය වලකා ගැනීමට හැකි මෘදුකාංගයක් තිබේද යන්න සොයා බලන ලෙසයි.

මෙහිදී මම විකිරණ අංශයේ විකිරණශිල්පිනී දීපිකා මහත්මිය දුරකතනයෙන් අමතා දැනට පවතින තත්ත්වය ගැන යම් අවබෝධයක් ලබාගත්තෙමි. පසුව සති 2ක් තිස්සේ කරන ලද පර්යේෂණ අවසානයේ අවශ්‍ය තාක්ෂණික පද්ධතිය පිළිබඳ මූලික සැලසුමක් සාදා 2020 ජූලි මස 28 දින එහි ගොස් ස්ථාන 4ක අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ලදී.

අන්තර්ජාලය ලබා දීමේ මුඛ්‍ය අරමුණ වනුයේ ඒ මාර්ගයෙන් විසිරී ඇති වාට්ටු ජාල ගත කිරීමයි.
සාමාන්‍ය Fibre හො Network Cable මාර්ගයෙන් රෝහල ජාලගත කිරීමය මාස ගනනක් ගතවන නමුත් External Antenna සමඟ උක්ත ජාලගත කිරීමට Dialog Axiata ආයනතයට ගතවූයේ දින 2ක කාලයකි. (අන්තර්ජාල / සියලු පිරිවැය මවිසින් දරණු ලැබේ). මෙහිදී මෙම කාර්ය සඳහා කාර්යමණ්ඩලය සහ මූලික ගෙවීමෙන් නිදහස් කරදුන් Dialog Axiata ආයනයේ මාන්ඩලික ප්‍රධාන තාක්ෂණ නිළධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා සහ එම කාර්ය මණ්ඩලය කෘතඥවෙමි.

source google maps

පසුව කරන ලද පර්යේෂණ ආශ්‍රයෙන් ගොඩනගනු ලැබු නව මෘදුකාංගය සමඟ X-කිරණ යන්ත්‍රයේ දත්ත ගබඩාව සමඟ සම්බන්ධ කරනු ලැබීය. මෙහිදී ප්‍රධාන විකිරණශිල්පි නාලක මහතා සහ එම පිරිස දෙන ලද සහාය ඇගයීමට කැමැත්තෙමී.

දැන් අනෙකුත් වාට්ටු (විකලාංග වාට්ටු 3ක්) වල ඇති පරිගණක මගින් නව පද්ධතිය ස්ථාපිත කලද X-Ray පිටපත් මෙන් රෝගියා ගාවට Desktop පරිගණක ගෙනයා නොහැක. මෙයට විසඳුමක් ලෙස TAB පරිගණය යොදාගැනීම යෙහෙකි යැයි සිතුනත් දැනට වූ වියදම සහ මාගේ ආදම් මට්ටමෙන් ඒවා ගැනීම සිහිනයක් වී තිබුනි. මෙහිදි මා කල කෙටි දැනුම් දීමෙන් DevOps Sri Lanka (devops.lk) හී කාරක මණ්ඩලය මගින් Samsung Tab A 10' පරිගණක දෙකක් ලබා ගැනීමට අවැසි මුදල් දින දෙකක් තුළ මවෙත ලබා දුනි.

පසුව 2020 අගෝස්තු මස 3 වැනි පෝ දා අභිනව මෘදුකාංගය සහ රොගියා වෙත ගෙනයා හැකි Tab 2 ක් රොහල් විකලාංග වාට්ටු සතු කරන ලදී.

Donation of the Tabs on Behalf of DevOps Sri Lanka Community
Desktop Version
Dr. Thushara De Almeida & Ward 20 Doctor with Desktop System
MDM Locked Samsung TAB A 10' Donated by DevOps Sri Lanka Members
Ward Doctor Checking X-Rays via TAB

පසුව ලියමි.

පද්ධතිය පිළිබඳ Architecture Diagram හෝ වැඩි විස්තර ලබා දීම කල නොහැක්කේ සෞඛ්‍ය දත්ත පද්ධති පිළිබඳව ලෝකයේ ඇති රෙගුලාසි නිසා බව කරුණාවෙන් සලකන්න.

පද්ධතියේ මෘදුකාංග 100% විවෘත්ත කේත බාවිතයෙන් මවිසින් සම්පාදනය කරනු ලැබූ අතර නිතර යෙදන වියදමකට ඇත්තේ Dialog ආයතනය මගින් ලබාගත් අන්තර්ජාල සබඳතා සඳහා පමණි.

මෙම පුණ්‍යකර්මයට ඔබට දායක විය හැකිද ?

  1. වාට්ටු සඳහා Digital යටිතල පහසුකම් ලබාදීම (Broadband Connectivity). සාමාන්‍යයෙන් මසකට රුපියල් 900 + බදු වැයවේ.
    මෙය පළමු ප්‍රමුඛතාවයි.
  2. ටැබ් පරිගණක ලබා දීම. මෙහිදී TAB පරිගණක සතු RAM / CPU සහ ප්‍රමාණය වැදගත් වන අතර. දැනට Samsung TAB A අඟල් 10 TAB පරිගණක බාවිතා කරනු ලැබේ.
    මෙය දෙවන ප්‍රමුඛතාවයි.

දැන්වීමයි: මෙම ව්‍යාපෘතියට අදාල සියලු තොරතුරු යාවත්කාලීන කිරීම් 2020 ආගෝස්තු 11 වැනිදා සිට https://link.medium.com/XgypJE22M8 හී පමණක් සිදු කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.

--

--

Damith Rushika Kothalawala
DevOps SriLanka

Views expressed are personal, FBCS, Principal Cloud Architect @ Oracle, Founder of DevOps Sri Lanka, Social Worker