ප්රත්යවේක්ෂා 01: වැඩසටහන හැඳින්වීම සහ ප්රත්යවේක්ෂාවෙහි වැදගත්කම(සතිය 1: දිනය 1)
මෙම සාරාංශගත සටහන පහතින් වන ධර්ම දේශනාව ඇසුරෙහි වන අතර අතර අපි අපගේ ධර්ම ගවේෂණය කරන අතර උකහා ගත් දෑ අන් අයටද ප්‍රයෝජනවත් වන ලෙස තැබීමට මෙලෙස උත්සාහයක් ගත්තෙමු.
දේශකයාණන් වහන්සේ: ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්යය අති පුජ්‍යය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ
මාතෘකාව :ප්‍රත්‍යවේක්ශාව හැදින්වීම (රාහුලෝවාද සූත්‍රය සහ දස කුසල් ඇසුරෙන් ආරම්භය)
වැඩසටහන හැඳින්වීම:
බුදුරජාණන්වහන්සේ රාහුල තෙරුන්ගෙන් වරක් මෙසේ අසන ලදී,
ඔබවහන්සේ අත ඇති කැඩපත කුමක් සඳහා වේද ?
මෙය මුහුණ පිරික්සීම සඳහාම වේ.
එමෙන්ම ප්රත්යවෙක්ෂාව හෙවත් පිරික්සීම යන්නෙන් කුමක් අපි අදහස් කරන්නේ දැයි සිතාගත හැකිය.
නිවන් මඟ දේශනා මාලාව ඔස්සේ දේශනා 500 පමණ ගෙන ආවද මෙම වැඩසටහන එම වැඩසටහන් මාලාව හා සැසඳීමේදී ඉතා වෙනස් හා විශේෂී එකක් වේ. මෙම වැඩසටහන “නිවැරදිම වෙනසකට" යන තේමාව යටතේ ගෙන එනු ලබයි.
අපි අප දෙස විමසා බැලිය යුත්තේ වෙනස් වීම සඳහායි. නිවැරදීම වෙනසක් සිදු කරගැනීමටයි.මන්ද වෙනස වීම වැරදියටද සිදුවිය හැක. ඉතා කෙටි වූ මේ ජිවිතයේ පසුව වෙනස් වීමට තබා හෝ එම වෙනස අත්හදා බලා දැනගැනීමට වුව කාලයක් නොමැත. එනිසා තුන්ලෝකයම ගැන සොයාබලා අවබෝධ කරගත් අපගේ බුදුරජාණන්වහන්සේගෙන් දායාද කලාවූ නවාංග ශාස්තෘ සාසනයේ පිහිට පිළිසරණ ඇත.
නවාංග ශාස්තෘ ශාසනය: සූත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල
මුලිකවම අප ඉගෙනගත්/ඉගෙනගැනීමට ඇති ධර්මය ප්රත්යවෙක්ෂාවක් සිදුකරමින් සතියකට එක මාතෘකාවක් ගනිමින් ප්‍රයෝගිකව මේ ධර්මය අපගේ ජිවිතයට එක් කරගන්නා ආකාරය ගැන මෙහිදී අප කතා කරමු.
සටහන් තබමින් ඉගෙන ගත හැකිනම් ඉතා පහසුවේ. (ඊට අපගේ මේ සටහන් ඊට භාවිතා කිරීමද කල හැක)
දේශනය අතරවාරයේ අවධාරණයෙන් පවසන කරුණු මෙසේ සටහන් තබා ගත යුතුය.කෙසේ වුවද සියල්ල කටපාඩමින් මතක තබා ගැනීම අනිවාර්යය වේ.එය දේශනය අවසන් වූ විගසින් වැඩි කාලයක් නොයොදවා කිරීම ඉතාම වැදගත් වේ .
ඊට හේතුව නම් ධර්මය හරිහැටි අවබෝධ කරගැනීමට නම්,
සුතා — සද්ධර්මය මනාකොට අසා දැනගැනීමෙන්,
ධතා — එය මනාව සිත්හිලා දරා ගැනීමෙන්,
වචසා පරිචිතා — වචනයෙන් පුරුදු කරගැනීමෙන්,
මනසානුපෙක්ඛිතා — එයට සිත යොමු කරමින් නුවනින් සලකා බැලීමෙන්,
දිට්ඨියා සුප්පටිවිද්ධා — සද්ධර්මයෙන් ඉදිරිපත් කරන අදහස පිළිබඳව හරියාකාරව අවබෝධයක් ඇති කරගැනීමෙන්,
ලෙස මේ දුර්ලභ වූ තථාගත ශ්‍රාවක භාවයෙන් උපරිම ඵල නෙලාගත යුතු වීමයි.
මෙය තවත් එක් ධර්මදේශනා මාලාවක් නොවන අතර මෙහි ධර්මදේශනා නැත්තේද නොවේ.මෙම වැඩසටහන පහත පරිදි වේ.
සඳුදා :
වැඩසටහනේ එක් මාතෘකාවක/පරිච්චේදයක ආරම්භය සිදුවේ.
එම මාතෘකාවට අදාලව කරුණු සාකච්ඡ කිරීම.
අඟහරුවාදා :
ඉහත මාතෘකාවම අදාලවම දිගින් දිගටම කරුණු සාකච්ඡ කිරීම.
බදාදා:
තවත් ස්වාමින්වහන්සේ නමක් සමඟ ඊට අදාලව ත්‍රිපිටකයේ, අටුවාවේ සහ වෙනත් මුලාශ්‍ර වලින් මෙය කෙසේ විග්රහ වී ඇත්ද සහ ඊට අදාල බොහෝ කරුණු සාකච්චා කරනු ලබයි.
බ්‍රහස්පතින්දා:
ඉහත දවස් කිහිපයෙදී භාවිතා වූ ධර්ම කරුණු සම්බන්දයෙන් පැන නැගුනු ගැටළු සාකච්චා කිරීම. මෙහිදී ශ්‍රාවකයිනට තම තමන්ගේ ධර්ම ගැටළුවිසඳා ගනිමින් යහපත් කල්‍යාණ මිත්‍ර සේවනයක් බලාපොරොත්තු විය හැක.
සිකුරාදා:
ඉහත දිනවලදී භාවිත වූ කරුණු පරාර්ථය වශයෙන් භාවිතා කල හැකි වන්නේ කෙසේද යන්න සිකුරාදා දිනයේදී සාකච්චා කරයි. කෙටියෙන්ම මෙය සමාජ කතිකාවත් ලෙස ගොඩනගන්නේ කෙසේද? තමන්ගේ නිවස, ගම, රට සහ එතනින් ලෝකය දක්වා වූ පරාර්ථය ගොඩනැගීම පිලිබඳවයි.
සෙනසුරාදා:
ධම්මපදය සහ නොයෙකුත් ධර්ම කරුණු උරුමයක් ලෙස දායාද වී ඇති ආකාර පිළිබඳව කෙරෙන සාකච්චාමය කතිකාවත.
ඉරිදා:
ඉගෙනගන්නා වූ ධර්ම කරුණු වල හරය පිලිබඳ මනා වූ දැනුමක් ලබාගැනීමට පිටුවහලක් වන අභිධර්මය පිලිබඳ අධ්‍යනය ඉරිදා දිනයදී සිදුකෙරේ.
ප්රත්යවේක්ෂාවෙහි වැදගත්කම:
ධර්ම දේශකයාණන් වහන්සේගේ වන කාශ්‍යප ස්වාමින්වහන්සේ උන්වහන්ස්ගේ ගුරු ස්වාමීන්වහන්සේ සමඟ වන කතාබහ.
“කාශ්‍යප මට නිතරවම වාගේ සිහිපත් වෙනවා රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස්.”
ඒ රාහුලෝවාද සුත්‍රයයි. එහිදී උන්වහන්සේ කැඩපතකින් දිස්වන්නේ කුමක්ද සහ එය භාවිතා කිරීමේ අරමුණ ඇසුරු කරගෙනත් වෙනත් උදාහරණ ගනිමිනුත් ප්රත්යවෙක්ෂාව පිළිබඳව අවුරුදු 7ක් වයසැති කුඩා රාහුල ස්වාමින්වහන්සේට උගන්වයි.
ප්රත්යවෙක්ෂාව සිදු කරන සෑමවිටම අපි කාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කල යුතු වේ.
පහත ක්‍රියාවලින් සිදුවන වළක්වා ගත යුතු දේ පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුය.
- කාය කර්ම : කයෙන් කෙරෙන ක්‍රියා
වළක්වා ගත යුතු දේ : ප්‍රාණඝාත, අදත්තාදානය, කාම මිත්‍යාචාරය - වාග් කර්ම : වචනයෙන් කෙරෙන ක්‍රියා
වළක්වා ගත යුතු දේ : මුසාවාදා, පිසුණාවාචා, පරුෂාවාචය, සම්ප්රප්ඵලාපා - මනෝ කර්ම : මනසින් කෙරෙන ක්‍රියා
වළක්වා ගත යුතු දේ : දැඩි ලෝභය, දැඩි ද්වේශය සහ මිත්‍යා දෘෂ්ටිය
(ඉහත කරුණු සියල්ල දස කුසල්ය. දස අකුසලින් නිතරම වැළකීමට ප්රත්යවේක්ෂවම සිදු කරගන්න.)