දකිමි ඔබ වත

Girl:

දකිමි ඔබ වත

හිමි නැති සද

වෙමින මම ලත

දුක පිරි හද

Boy:

නොවන් දුක් ප්‍රිය

අහිමි නොම විය

වරක් අසමිය

තවත් වරමක් දෙනුද සොඳුරිය

Girl:

ඔබ ඇසූ කල

සසල විය හද

නැත කිසිත් නල

ඇසුනි නුඹෙ නද

Boy:

ඇසුව නොව ප්‍රිය ඇසුනි මට

දකින සැම කල සුවකි මට

ඔබගෙ සුන්දර වත මට

සැපකි දකිනා විට මට

Girl:

නොම විය ම පිළිතුර

ඇසූ පළමු වර

විය හද විපිළිසර

නැතැයි කියූ හර

Boy:

නුඹගෙ පිළිතුර

නැතිය මට දුන් හර

කැමති නම් ම සොඳුර

දෙදෙන විද ගමු අනග හී සර

Girl:

විසිරුණු ම සිත

එකතු කල නුඹ

මැළවුණු ම වත

පුබුදු කල නුඹ

Boy:

මසිත තනි බව

නැසූ නුඹෙ සුව

නැතුව බැරි බව

දැනේ මා හට අමර සර සුව

Girl:

අසමි නුඹෙ බස්

කියනු මෙලෙසත්

අසනු මැන වස්

මසිත සනසත්

Boy:

රුව නුඹේ රන්

දකිමි මනරම්

කරමි මම පෙමි

ලොවට රහසින්

Girl:

නික්ම යන්නට

ම හද පිරිවර

සිතුනි ඔබ හට

දෙන්න අවසර

Boy:

ඔබෙ අවසර

ගෙනෙන සුරපුර

සිතෙහි මනහර

නටති පෙම් බර

Girl:

නොනිමි සසරේ

පතමි මෙලෙසේ

ඔබෙ ආදරේ

ම හද පහසේ

Boy:

මෙන් ලො සසරේ

අනන්තය අදරේ

පෙමින් පිරි සයුරේ

තුටින් ගෙවමුය දිවිය සොඳුරේ

-නිමි-

Girl verse credits: Vijini Mallawaarachchi
Image source: https://i.ytimg.com/vi/TL447OGvDwY/maxresdefault.jpg

--

--