Anuradha Wickramarachchi
Equation of life
Published in
1 min readMar 12, 2018

--

Looking to the horizon

නිල් අඹර පිරි වරා
ඇත අඳුරු වැසි වලා
ඉත් සිත් කිසිත් කලා
නොගලයි නුඹ නැති නිසා

නිතැතින් දකින කොමලා
නැති අද තැවුල් නිවනා
මා කිම් කරනු සොවිනා
නගනු සිතුවිලි කවින් ගොතලා

නුඹ සොඳුරු මුව කමලා
නැත මා ඉදිරි පසිනා
හර සුන් ලොවක් මවලා
නුඹ අද පැලෙහි වසනා

එක් වුත් මෙවන් දවසා
ගෙන එයි බොහෝ කම්පා
කිම් දින දකිනු නුඹ මා
මා සිත් වසති රඟන බිඟු හා

--

--