නුඹ නැති අවුරුදු

Anuradha Wickramarachchi
Equation of life
Published in
1 min readMay 5, 2017

මොලවා ලිප් ගිනි

දල්වා ගිනිකෙළි

පූජා මල් පැණි

අවුරුදු සැණකෙළි

ඒ සොඳුරු මනලොල්

නිති පැතූ කෙලි ලොල්

කණු කැවුම් පැණි මුල්

නැතිය අද ඇති තැවුල්

ඔබ හැර ගිය ඒ

සඳෙහි ම හදේ

සතුටක් නැත ම ලයේ

සැමරුමට කාලේ

ලිප් ගිනි අවුලා

රස කැවිලි කවලා

සිවු හද පිනවා

සතුටු බස් වනලා

ගිය වස් මේ සමේ

විඳින කල ඒ සඳේ

නොසිතු ම හදේ

නුඹ නැත්ය මෙ සඳේ

මුළුතැන් ගෙයි හිරුය

නැති අද ලෝ අඳුරුය

නිහඬය අප පුරය

කිම් කරනු සෝ ලය

--

--