නෙත්හි අන්දරය

වැනි නිල් මිනි නෙත් හා මා ගැටෙන කල

මෙන් දිලිසෙති දියමන්තිය නෙත් කමල

බැරි දැරුමට ඒ සුකොමල නෙත් යුගල

උනි කඳුලිනි බරින් පෙම්ව හද මඩල


නෙත් නෙත් දෙස එක් ව කියන කතන්දර

හිත් පත්ලෙහි සඟවනු බැරි හැඟුම් බර

ඇගෙ නිල්මිණි මට ගෙන එන පෙම් අඹර

එහි පියඹමි රැගෙන හැඟුම් පෙම් මිහිර


ලෝ වැනි නුඹ මා හද තුල ලැගුම් ගෙන

මට පවසන හෙට දිනයකි පිරි පෙමින

නොදැක කෙලෙස එක මොහොතක් එවන් පන

නෙත් මානයෙ ඔය නෙත් මිස නොවෙන් වෙන


නෙත් දල්වා කියවෙන මේ අන්දරය

කියනු බැරිය පමණක් කව් කතන්දර

එනු සොඳුරිය විඳුමට ඒ හැඟුම් බර

නෙත් නෙත් දෙස බලා කියන කවි මිහිර


One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.