Your Smile

Anuradha Wickramarachchi
Equation of life
Published in
1 min readMay 5, 2017

දිටිමි සොඳුරු මියුරු දසුන් දිවිය පුරා

නැත කිසිවන් සම කෙරුමට නුඹගේ සිනා

අසා ඇතිමි සුමුදු වදන් දෙකන් පුරා

මිහිරි නුඹගේ වදන් හමුවේ නැතිය කලා

දැනී ඇතත් නොයෙක් හැඟුම් මහද පුරා

නැතිය මෙලෙස ගැඹුරු ලෙසින් කිසිම ලෙසා

නුඹගේ දෙනෙත් විදහා එන කොමල කතා

නගයි හදෙහි හැඟුම් පෙමින් ලොව නහවා

--

--