Stories by Rohan Weerakkody. on Medium
“හින්නි හාමිනේ “. ලොකු හාමිනේගේ කටහඩ ඇසෙන මානයේ ඇය නොවුවාය. එළුගාලේ දඩුවැට මදක් මෑත්කල කෙසග දැරියක් එළු පැටවකු පපුවට තුරුලු කර ගෙන කඩුල්ල පැන්නාය. කෙටි අත් සහිත මල් ගවුමක් ඇද සිටි ඇය පැහැපත් සමකට සහ සිත්ගන්නා උවනකට හිමිකම් කීවාය. මවගේ කටහඩේ හුරුපුරුදු අදිපති විධානය ඇය මායින් නොකලාය. ගොම්මනේ ඇසෙන පල්ලියේ තිරින්දාදියට සාලයේ ඇති දිව්‍ය හෘදයේ සුරැවමට පහන පත්තු කිරීමේ ප්‍රමාදය මවගේ හඩගෑමේ ආසන්නම හේතුව බව ඇය දන්නීය.
ගුරු භූමිකාව .
තුනේ අටේ සදළුතලයට ගොඩවදින. අවසන් හිනිපෙත්ත අසල , නීල්කමල් නොවන බාල වර්ගයේ ෆයිබර් අසුනේ හිද සිටි ඔහුගේ දෑස් යොමුව තිබුනේ වගුරු බිම ඉක්මවා පෙනෙන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගය වෙතය.
Leaving shattered dreams, The pain is deep within. It’s just like yesterday. Wasting years before I die, in this lonely world. The World You Left Behind.
ලිලී නිවසේ පරිසරයට හුරුවෙමින් සිටියාය . ගෘහනියගේ ඇනුම් බැනුම් වල කෙලෙවරක් නැත. විටෙක ඇය පහර කෑමටද ලක්වුවාය. ඒවාටද ඇය හුරුවී ඇති බව ඔහු තේරුම් ගත්තේ , විලාප තැබීමේ මැසිවිලි නැගීමේ ඇගේ ක්‍රමවේදයන් ක්‍රමවෙන් නෑසීයාම නිසාය.
11.ගැහැණු ළමයකුට ඇදිය හැකි කිසිදු මසා නිමකළ ඇදුමක් නිවසේ නොවිය. ඇය රැගෙනවිත් තිබුනේද ඇදගෙන සිටි ඇදුමට අමතරව එකම එක ඇදුමක් පමණි. ගෘහණිය ඇගේ පැරණි ගවුමක් දෙකක් කපා කුඩා සායක් සහ හැට්ටයක් දැරියට පිළියෙළ කර දුන්නාය. පොට්ටුගේ දෙකන් පෙති විද සිදුරු කර තිබුනත් ඒවායේ කරාබු නොවිය. මුක්කම් නාසයේ වම්පස පුඩුවද විද තිබිණි. දකුණු කම්මුලේ තුවාල කැළලක් විය. ඇගේ ඝන කළු කැරලි කෙස්ස බූගා නොතිබුනත් මුඩ්ඩ තෙක් කොටකර තිබිණි. එයින් ඇගේ අසරණකම ඉස්මතුව පෙනුනි. නාස්පුඩු පරයමින් හොටුදියර ගැලීම වැළකීමේ ප්‍රයත්නයක් ලෙස ඇය නිතර නාසය උඩට ඇද්දාය.වෙනත් කීමට තරම් විශේෂ ලක්ෂණයක් ඇය සතු නොවිය. ඇගේ පැමිණීමෙන් නිවසේ සිදුවූ නොසන්සුන්තාවය දිනෙන් දින පහව යන්නට විය. ඇය නිවසේ උපාංගයක් බවට පත්වෙමින් තිබිණි.නිවසේ වු දරුවෝ ඇය සමග පයුරු පාසාණමක් නොතිබුනත් මුලින් තිබු අපහසුතාවයෙන් මිදුනෝය. ඇයද ඔවුනට හුරුවෙමින්,එකිනෙකා නමින් හදුනා ගනිමින් සිටියාය. ගෘහණියගේ හදුන්වා දීමට අනුව ඔවුහු “ බේබිලා “ වුහ. බේබිලා හදුනා ගැනීමට, බේබි යන්නට ඉදිරියෙන් එකිනෙකාගේ නම යොදා ඇමතීමට ඇයට නියම විය. නිවසේ වු දරුවෝ නිරන්තරයෙන් විවිධ ක්‍රීඩාවන්හි යෙදුනෝය. ඔවුහු එළිමහන් ක්‍රීඩාවල යෙදෙනවිට ඇය පිළිකන්නේ සැගවී බලා සිටියාය. ඔවුහු අපේ කාබරයට වී ගෘහස්ත ක්‍රීඩාවන්හි යෙදෙනවිට ඇය පිළිකන්නෙන් පැමිණ විවෘත ජනේලයේ හිඩැස තුලින් බලා සිටියාය. සමහර අවස්ථාවල දරුවන් ඇය බලාසිටිනු දුටුවත් ඇය එකතුකර ගැනීමට සිහිනෙනුදු නොසිතුවෝය. වැඩිහිටියන් නිවසේන් බැහැර වු අවස්ථාවල
12. ගේට්ටුවේ කොක්ක වැටෙන හඩ ඇසුනි. ගේට්ටු පලුව ඇරෙන මලකඩ කෙදිරියට ඔහු සවන් දුන්නේය. කාන්තා කටහඩ කිපයක් ඉස්තෝප්පුව දෙසින් ඇසේ. අම්මාගේ පාගැටෙන හඩ කාඹරය පසු කරනු ඔහුගේ සවන් වැකුණි. අපේ කාඹරයේ දොර රෙද්ද මැත්කල ඔහු, සාලයට එබිකම් කලේය. අවුරුදු එකොලහක දොළහක වයස් ප්‍රමානයේ ගැහැණු ළමෝ දෙදෙනෙක් සහ මැදිවියේ කාන්තාවක් සාලයේ අසුන්ගෙන දොඩමළුව සිටියෝය. ටික වේලාවකින් මවද හැදැපැලද ඔවුන් සමග නිවසින් පිටවියනු ඇසිණි. අම්මා සමග කොහේදෝ ගමනක් ගිය ඔවූහූ නැවත පැමින දිවා ආහාරය ගෙන පස්වරු හතරට පමන පිටවී ගියෝය . සවස තේ පානය සදහා මුලුතැන්ගෙට පිවිසි ඔහුට අම්මා මුනගැසුනි .
“ ඇයි , ඔස්ටින් අංකල්ගේ ඇන්ටියි ලමයිනුයි ආවේ “. ඔහුගේ පැනයට පිළිතුරු දීමට මව උනන්දු වුයේ නැත . “ නෝනිව කොන්වන්ට් එකට දාගන්න . ඒ ගොල්ලො ප්‍රින්සිපල් මදර්ව අදුරන්නේ නැති නිසයි , මාත් එක්ක ගියේ . ඒරියා එකෙන් පිට ලමයිව ගන්නෙ නැති නිසා , මම අපේ ගෙදර එඩ්‍රස්එක දුන්නා “. එම කාරනයේදී තමාගේ ඇති වැදගත්කම ඇය මුහුණෙන් සහ අභිනයෙන් ප්‍රකට කලාය . “ ඔය එක්කම ලිලීවත් ඉස්කෝලෙට දැම්මොත් හොදයි නේද ?” ඔහු එසේ පැවසුවේ දෙගිඩියාවෙනි. දැඩි නිහැඩියාව අපහසුතාවයකට හැරෙමින් තිබිනි . මුලුතැන් ගෙයි සිටියේ දෙදෙනා පමණි .
“ එ යැයිව ඉස්කෝලෙ යැවුවම , උබද ගෙදර වැඩ කරන්නෙ ?, උබේ පණ්ඩිතකම වැඩියි . මෙතන වැඩ කෙරෙන්න ඕන මට ඕන විදියට “. එසේ කියමින් ඇය ගසා බසා මුලුතැන් ගෙයින් පිටවී ගියත් , ඔහු පසුකර යන ඇගේ මුහුනේ වූ පස්චාත්තාපය වැසැංගිය නොහැකිවිය. හෘදසාක්ෂිය අවදිකල තම පුත්‍රයාත් , ගබඩා කාඹරයේ අඳුරු මුල්ලක වකුටුවී තනියෙන් දොඩවන කාලවර්ණ දැරියත් , ඇයව දැඩි අපහසුතාවයකට පත්කරන්නට ඇත .
10. අලුත් ජිවිතයට පොට්ටු ( ලිලී ) හුරුවෙමින් සිටියේ ඉතා සේමිණි. ගෘහණියගේ ඉල්ලීම්, අණකිරීම් ඇයට තේරුම් ගියේ මද වශයෙනි. අණකිරීම් වලට වැඩ කිරීම ඇය ට නුහුරුය. භාෂාවද අන්ඩර දෙමළයක් වන්නට ඇත. අණ දෙන ස්වරයද නුරුස්නා සහගතය. ඇය බිම බලාගෙන හෝ අහක බලාගෙන සිටියාය. මෙම හැසිරීම ගෘහණිය කෝපගැන්විය. ආහාර ගැනීමට පවා ඇය උනන්දුවක් නොදැක් වුවාය. අධික බඩසාය වලකා ගැනීමට පිගානකට බෙදා තිබු ආහාර වේලෙන් ස්වල්පයක් මැසි, කෝදුරු වර්ගයා පලවා හැර කටේ ඔබාගත්තාය. ඇය මුළුතැන්ගෙයි වැඩට යොදාගැනීම, බල්ලකු නාවන්නට ඇදගෙන යන්නාසේ විය. තිරිසනෙකු සර්කස් භුමිකාවකට පුහුණු කරන්නාසේ වන මේ නොනවත්වා කෙරෙන ක්‍රියාකාරකම ඔහු නිරන්තරයෙන් අන්අයට නොදැනෙන්නට නිරීක්ෂණය කරමින් සිටියේය. පවසන දෑ සහසුද්දෙන්ම නොතේරුණත්, පවසන ස්වරයෙන්, අංග චලනයන්ගෙන් තේරුම් ගැනීම සාමානයෙන් ඕනෑම කෙනෙකුට පිහිටන දෙයකි. ලිලී, පවසන දේ හෝ හිසෙන් හෝ හස්ත මුද්‍රාවෙන් පවසන දේ නොතේරිමට තරම් බුද්ධි හීනතාවයකින් නොපෙළෙන බව ඔහු ට වැටහීමක් විය. තමන් අකමැති දේ නොකිරීමට තිබෙන, ඇගේ සිතේ තද ගතිය ඔහු තේරුම් ගත්තේය. අම්මගේ වචන වලින් කියන්නේ නම්, මැය ඇට්ටර මුරණ්ඩු එකියකි. මේ කුඩා, කැහැටු, අදුරු සමක් සහිත ළදැරිය තමාට අඩම්තේට්ටම් කරමින් අකමැති දේ කිරීමට බලකරන්නිය දෙස බලන දෑසේ පෙරලා අභියෝග කිරීමේ ලක්ෂණ තිබෙන බව ඔහුට පෙනුනි. ඇය බුද්ධිමත් බව ඔහු තේරුම් ගත්තේය. පිළිකන්නෙන් ඇසෙන ලිලීගේ මොරගෑමට ඔහු එතරම් උනන්දුවක් නොදැක්විය. තමා ඇතුළු සියල්ලෝ සතියකට දෙවරක් වත් එසේ මොර දීමකට ලක්වන බව ඔහු දන්නේය. විටෙක ලිලීගේ බෙරිහන් දීමේ තානය වෙනස් වේ. එසේ වන්නේ සතා පුහුණු කිරීමේ යෂ්ටියේ වෙනස් වීමෙන් බව ඔහු අත්දැකීමෙන් දන්නේය. එවන් අවස්ථා ඔහුගේ මතකයට නැගේ. මව ඔහු දකිනවිට ආවේශය මර්දනය කර ගන්නී, පොල්පිති කෑල්ල වනමින් මැදහත් නොවන ලෙස ඔහුටද අනතුරු අගවයි. කෙසේ වුවද ඔහුගේ පැමිණීමම ඇය විපතින් ගැලවීමට මග පෑදේ. කදුළු නලියන කෘතඥපුර්ණ දෑසින් ඇය ඔහු දෙස බලාසිටි අවස්ථා තිබිණ. ඒ, නිවසේ වු චරිත ඇය හදුනා ගනිමින් සිටි අවධිය විය.
හිසේ සහ ගතේ වු හොරි, දද, වන සදහා කඩිනම් ප්‍රතිකාර ලබාදෙන ලදී. ඇගේ පිරිසිදු කමේ උපරිමය රැකගැනීමට ගෘහණිය වගබලා ගත්තාය. එය හුදෙක් දැරිය කෙරෙහි ඇතිවූ සත්ව කරුණාව නිසා නොව, නිවසේ සියල්ලන්ගේ සහ විශේෂයෙන් තම දරුවන්ගේ ශරීර සුවතාවය නිසාද වන්නට පුළුවන. ලිලී නිවසේ ඇති උපකරණ, විශේෂයෙන් මුළුතැන් ගෙයි ආම්පන්න හදුනා ගනිමින් සිටියාය. උදුන් දෙකේ නවීන භූමිතෙල් උදුන දෙස ඇය විමතියෙන් බලා සිටියාය. එය ඇල්ලීමට, දැල්වීමට ඇයට තහනම් විය. ගෘහණිය උදුන දල්වනු ඇය ඉතා උනන්දුවෙන් බලා සිටියාය. විදුලි උපකරණ කිසිවක් අත ගැටෙන මානයේ නොවිය. ඒවා බිත්ති අල්මාරියේ ඉහල රැක්ක වල තිබෙනු ඇය දැක ඇත. ඇයට දැල්වීමට උපදෙස් ලැබී තිබුනේ පෝරනුවේ දර ලිප පමණි. වංගෙඩිය, මෝල්ගහ, මිරිස් ගල, හිරමනය ඇයට හුරුපුරුදු අම්පන්නය. සහල් සහ කරවල ගබඩා කිරීම සදහා පත දැව පට්ටගමක් මුළුතැන්ගෙයි විය. එයට නිවැසියෝ “හාල් පෙට්ටිය “ යයි කීහ. එය වැඩිවී සිටීමටද භාවිතයට ගැනුනි. පෝරනුව යට මැටි වලං නවා තිබිණි. ජල කරාමයක් සහිත ලොකු පිගන් මැටි බෙසමක්ද විය. එහි පිගන් හෝ වලං සේදීමට තරම් ලිලී උස් නොවුවාය. මසක් දෙකක් ගතවන විට මේ සියල්ල ලිලීගේ මතකයේ කිසිදා නොමැකෙන ලෙස තැන්පත් විය.
9. මුළුතැන්ගෙය දෙසින් මවගේ පා ඇට කැඩෙන හඩත්, මිත්තනියගේ කෙදිරිලි හඩත් පොට්ටු ශ්‍රවනය කලාය. කලක සිට තම පැදුරේ රාත්‍රීය ගතකරන කුඩා සොහොයුරාගේ සුවද ඇය ඉව කලාය. කරුවලත් හිස්බවත් මිස අන් කිසිවක් නොවිය. මහා ඝෝෂාවක් සේ ඇසෙන ගැහෙන හදවත හෝ දෑසින් වැටෙන කදුළු ගංගාව වලකා ගන්නට ඇයට වෙරක් නොවිය. කදුළු වියලෙනවා හැරෙන්නට පිසදමන්නට කෙනෙක් එතෙක් නොසිටියෙන් ඇයට වෙනසක් නොදැනුනි. විශාල හිස් අවකාශයක කුඩා කළු තිතක් ලෙස ඇය පැදුර මත හිදින්නි, තම අනාගත ඉරණම අවට ලෝකය භාරගත් බවවත් නොදැන, පාර සොයාගත නොහැකිව සිවිලිමේ වසා සිටි එලිය විහිදුවන කණාමැදිරියා දෙස අදුරට හුරුවූ දෑසින් අරමුණකින් තොරව බලා සිටියාය.
නොසලකා හරිනු ලැබූ ජනවර්ගයකට අයත් මේ කළු දළ පොහොට්ටුව, තම ලබැදියන්ගෙන්, හැදි වැඩුණු පරිසරයෙන් විතැන් කර එකවර මහා සමාජයට ඇද දැමීමෙන් සිදුවන ජීවිත විපර්යයාසය නොතේරීම ඇයට යම් සහනයක් වන්නට ඇත. අදුර කොදුරන හඩට ඇය සවන් දුන්නාය. ගෘහස්ත නිශාචර කෘමීහු තාවකාලික නිහඩතාවයක් රැක්කාහ. ඇගේ සිතිවිලි වලට බාධා නොකරන්නේමැයි ඔවුහු එකගතාවයකට පැමිණියා සේය. ඇගේ අනුදැනුමකින් තොරව හෙට දිනයේ අලුත් ලෝකයක් ඇය වෙනුවෙන් විවෘත වන්නට නියමිතව තිබිණි. ගග ගලායන සිහින් කෙදුරුම ඇගේ සවනට වැකුණි. ගං ඉවුරේ නුග සෙවන යට බලු රැල පොර කෑහ. දවුල් හඩක් ඈතින් ඇසේ. අප්පාගේ දෙස් දෙවොල් සහිත සිහිවිකල් රාත්‍රී අදෝනාව අගුවෙන් ඇසේතැයි ඇය සවන් දුන්නාය. ගමන් වෙහෙසත්, සාංකාවත්, බියත් ඇය කොට්ටයට හිස තැබූ ඇසිල්ලේ මර නින්දකට යොමු කළේය. හැකරැල්ලන්, කැරපොත්තන්, ගෙම්බන්, මීයන්, තමන් සමග වාසයට පැමිණි අලුත් නේවාසිකාව සමග ඉඩකඩ බෙදාහදා ගත්තෝය.
8. “ අප්පා එක්කගෙන ගියා. වැඩකටද දන්නේ නැහැ”. වැඩිමහල් දියණිය වු සෙලවී පිළිතුරු දුන්නාය. සැමියාත් වැඩිමල් පුතුත් දිනපතා වැඩක් සොයා පිටවීම ඇයට පුදුමයක් නොවිය. එහෙත් අද පොට්ටු ද ඔවුන්ට එකතු වී සිටීම ඇය චකිතයට පත් කළේය. වෙනත් ඇසියයුතු කෙනෙක් නැත. කළහැකි දෙයක්ද නැත. ඉන වටා සාරි පොටේ දවටාගෙන පැමිණි දිවා දානය ඇය මැටි වළදකට හිස් කලාය. කඩමලු පැදුරක් එලූ ඇය ( පැදුර එලුවේ පිලේද, අලින්දයේද, සාලයේද, කබරයක දැයි නිවැරදිව සටහන් කල නොහැක්කේ ඒ සියල්ල මුළුතැන්ගේ හැරුණු විට කුඩා කොටස් දෙකකට සීමාවූ නිසාය.) ඇලුමිනියම් පිගන් තුනක් එහි තබා කෑම බෙදුවාය. දරුවෝ වහ වහා ආහාර බුදින්නට වුහ. පිටතට ගිය අය තම තමන්ගේ දිවා ආහාරය සොයා ගන්නා බැවින් ඇයට එය මද අස්වැසිල්ලක් විය. අදුරු මුල්ලේ වැතිර සිටි ගැහැණිය කෙදිරිගානු ඇයට ඇසුනි. උදැසන පිසූ කැද මුට්ටිය, ලිපේ දර අවුළුවා රත් වන්නට තැබුවාය. ඇකයේ උන් අතදරුවාගේ කටට ලොට තනය එබූ ඇය දරුවා ඇකයේ හොවා ගෙනම ලිප්බෝක්කේ ඇනතියා ගත්තාය. දෙමළ, මලයාලම්, කන්නඩ භාෂාවන්ට නෑකම් කියන බසක් වැහැරූ යාපනය ප්‍රදේශයේ සිට පැමිණි අඩු කුල ජනවර්ගයකට අයත් තෙවැනි පරම්පරාව ඇය නියෝජනය කලාය. කතරගම වාර්ෂික මංගල්‍ය සමයේ උතුරේ සිට පැමිණෙන වන්දනාකරුවන් අතර සිටින තම නෑයන් දැන හදුනා ගැනීමට ඉතාමත් කලාතුරකින් ලබන අවස්ථාවක් හෝ දෙකක් ඇගේ ජීවිත කාලය තුල ලැබුණු බව ඇයට මතකයට නගා ගත හැකිය. වත්මනේ උද්ගතවී ඇති ජීවිත සටන හමුවේ, අතීතයත්, වත්මනත්, අනාගතයත් තම ජිවිතයෙන් වියැකී ඇති බවවත් ඇය නොදත්තාය . අතීත සිදුවීම් ජවනිකා ලෙස ඉදහිට පැමිණ ඇගේ සිතිවිලි කලබන අවස්ථාද නැතුවා නොවේ. ලිප්බෝක්කේ ලැග සිටින අසනීපයෙන් පෙලෙන නැන්දනියට සුනුසහල් කැද දීමට ඇය අතදරුව බීම තබා දනිස් ඇට කඩමින් නැගී සිටියාය.