පරිශීලක පුද්ගලිකත්වය සහ ආරක්‍ෂාව පිළිබඳ දේශනය සහ සාකාච්ඡාව

ලංකාවේ කලාව, දේශපාලනය, ආර්තිකය, පරිසරය ගැන, සත්තුන් ගැන, අධ්‍යාපනය, තාක්‍ෂණය ගැන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනව. නමුත් පද්ගලිකත්වය සහ ආරක්‍ෂාව කියන්නේ අපි හැමෝටම පොදුවේ අත්‍යවශ්‍යම දෙයක්. මේ ගැන දේශනයක් සහ කතිකාවතක් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් 2019 ජූලි මස 17 දින සවස 5.15ට සූදානම් කරලා තියෙනව.

ආචාර්ය කසුන් ද සොයිසා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ (UCSC) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඔහු සිය පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂ විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය. ඔහු ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු සුරක්‍ෂිතතාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

ඔහු ඔබේත් මගේත් ඩිජිටල් ආරක්ෂාව ගැන මෙහිදී කතා කරනු ඇත.
නොමිලේ පැවැත්වෙන මේ වැඩසටහනට ඔබත් අදම ලියාපදිංචි වන්න. https://pretix.eu/internetfreedomSL/InternetisOurs/

ආචාර්ය කසුන් ද සොයිසා පිළිබඳව වැඩිතොරතුරු මෙතනින්.
http://www.icter.org/conference/dr-kasun-de-zoysa/

--

--