අරගලය Endgame එක නොවේ, තවත් එක ෆිල්ම් එකක් පමණයි

Radha Chelvaratnam
Lankaverse Magazine
5 min readJul 21, 2022

Marvel Cinematic Universe එක සහ Endgame බලා නැත්නම් මේක වැඩිය තේරෙන එකක් නෑ.

ඇත්ත පොදු සතුරා Infinity Stone එක මිස තානොස් වත්, Winter සොල්ජෙර් වත්, Wakanda වත්, වෙන මොකක් වත් නොවේ. ඒක තේරුම් ගන්න ෆිල්ම් ගානක් ගියා. Civil War එකක් කරන්න උනා, ගහගන්න උනා, අඬන්න උනා, මැරෙන්න උනා. අන්තිමේ ඔක්කොම එකතු වෙලත් Infinity Stone වල බලය එක්ක දිනන්න පුළුවන් උනේ නෑ… විශ්වයෙන් භාගයක් බිල්ලට දීලා තානොස් සටන ඉවර කරේ. ඒත් ඒක එක සටනකින් දිනන්න බැරිඋනා… ජීවිත අහිමි උනා… දිනුවත් හැමෝටම අවුරුදු 5ක් අහිමි උනා. Infinity Stone විනාස කරා කියලා කතාව ඉවර නෑ, ලෝකේ නපුර, නරක කියන එක Infinity Stone වගේ විවිධාකාර බලයන් විදිහට තියෙනවා.

මේ දැන් යන්නේ අපේ කතාවේ endgame එක නෙවෙයි. අපි ඉන්නේ තාම මුල හරියේ. මැජික් දන්නා උන්, වෙන වෙන track පැනපු උන් ඔක්කොම එකතු වෙලා තමයි Endgame එකට ආවේ. අපි තාම එතන නෑ. මොකද මතක තියාගන්න අර පොඩි එකා spider man හෙන ගේමක් ගැහුවා.මොකද මොනා කරත් fight එකකදී වයසක, පිරිමි-පැත්තට-බර-උන් ටක් ගාල මහන්සි වෙනවා, රණ්ඩුවට යනවා, කල් යන්න යන්න ego එක වැඩි වෙලා අමාරු වෙනවා. Energy එක තියෙන, ෆන් එකේ ඉන්න, මම මේක කරා, මම අරක කරා කියාල ලොකු සීන් එක අඩු, පොඩි උන් තමයි වැඩ කරලා ඒවා ගොඩ දාන්නේ. Sipderman: No Way Home එකේ Spider Man වගේ වගේ කෙළ වෙන්න හරි හිත හිත ඉන්නේ නැතුව වැඩ කරන්නේ පොඩි උන්. කලින් වැඩ කරපු Tony වගේ උන් shape එකේ පොඩි උන් ඇනුවම ගොඩදාන එක කරන්නේ. තමන්ගේ අත්දැකීම් කියල දෙන එක. අලුත් නැනෝ tech ඇඳුම් හදල දීලා උන්ට උන්ගේම වීරයෝ වෙන්න ඉඩ දෙන එක තමයි ටෝනි කරන්නේ. ඒ වගේම ඌ පොඩි එකාගේ ඇතුලේ ඉන්න වීරයාට සපෝර්ට් කරන ගමන්, උගේ පොඩි ගතිය, චිල් ගතිය නැති කරන්නේ නෑ.

Sipderman Homecoming; Tony කියන දේට ඇහුම්කන් නොදී නැවක් බේරගන්න යන Peter Parker

Tony කියන දේට ඇහුම්කන් නොදී නැවක් බේරගන්න යන Peter Parker ට Tony දඬුවමක් දෙනවා. ඒ Peter ම තමයි Endgame එකේදී පරණ වයසක පිරිමි වීරයෝ වැටිලා ඉන්නකොට තනියම හෙන ගේමක් දෙන්නේ. SPIDER-MAN කියන ආතල් එකේ කියව හිටපු පොඩි එකාත් පුළුවන් තරම් දුර Infinity Stone Gauntlet සහ බලය එක අරන් ආවට පස්සේ, MCU එකේ ගෑනු ටික බැස්ස වැඩේට.

MCU එකේ ගැහැණු Avengersලා එකතු වෙන තැන.

MCU එක පුරා පිටිපස්සේ ඉඳන් පෙපර් පොට්ස් වගේ වැඩටික බලාගත්ත, Shuri වගේ Black Panther ට වැඩ දාන්න තාක්ශනේ හදපු, පිරිමි-පැත්තට-බර උන් වැඩ අනාගත්තම විතරක් සටනට බැහැපු, biologically resellience එක වැඩි MCU එකේ ගෑනු ටික තමයි පොඩි එකා අමාරුවේ වැටුනම එකතු උනේ Infinity Stone Gauntlet එක අරං ගිහින් අන්තිම සටනේදී ටෝනි ස්ටාර්ක්ට දෙන්න. ළමයෙක් අඬනකොට ගෑනු හැමෝටම කිරි එරෙනවා.

තේරෙනවනේ…මේ අපේ එන්ඩ් ගේම් එක නෙවෙයි. අපි තාම පොඩි උන්ව වත් ගෑනුන්ව වත් trust කරලා infinity gauntlet එක වගේ බලය අතට දෙන්න සූදානම් නෑ. ඒ වගේම ENDGAME එකේ වගේ ගෑනු තමන් ගැන තාම විශ්වාස කරන්නෙත් නෑ… මොකද එහෙම තනියම ගෑනු-led ස්ටෑන්ඩ් එකක් කරන්න තරම් super-hero ගෑනු අපිට මදි, ඉන්න අයත් පිරිමි-පැත්තට-බර අයගේ spaces වල, සංවිධාන වල, අදහස් වල, strategy වල හිර වෙලා. (Progressive Womens Collective)ඒ වගේම endgame එකේ වගේ ගෑනු තමන්ව විස්වාස කරන තැනකට කොහොමවත් අපේ සමාජයේ progressiveම කියන අයවත් ඇවිල්ල නෑ. (Point, ඇයි NPP එක හරිනිට වෙනුවට අනුර දැම්මේ.)

තමන් ගැන විතරක් හිතපු, තමන්ට විතරයි ලෝකේ බේරගන්න පුළුවන් කියල හිතපු, self-centerd, arrogant මුල්ම Ironman ෆිල්ම් එකේ හිටපු Iron Man නෙවෙයි, Endgame එකේදී Infinity Gauntlet එකෙන් ලෝකය බේරාගන්න්න ජීවිතේ දෙන්නේ. තමන්ගේ ගෑනිට ගරු කරන, වටේ ඉන්න මිනිස්සුන්ට ගරු කරන මුළු universe එකක ඉන්න, එක එක track පැනපු super hero ල එකතු කරපු, තමන්ගේ legacy එකට වඩා ඊලඟ පරම්පරාව (තමන්ගේ ළමයා විතරක් නෙවෙයි, Spider-Man කියන තරුණ වීරයා සහ Peter Parker කියන චිල් කොල්ල ) ගැන හිතපු ‘තමන්ට තමයි ලෝකේ බේරගන්න පුළුවන්’ කියන saviour complex එක අතහැරපු Tony Stark තමයි Endgame එකේ ජය මාර්ක් කරේ.

මේ කතාවේ හැටියට, අරගලකාරයෝ කියන්නේ superheros ල තමයි. අපිට එක එක Super-powers තියෙනවා. අපි හිතන් හිටියට අපි විතරයි superheros ල කියල තව ගොඩක ඉන්නවා. කතාව ඉස්සරහට යන්න යන්න අලුත් වීරයෝ හම්බෙනවා. හැබැයි මතක තියා ගන්න, එලියට පෙන්නේ superhero identity එක සහ වැඩ උනාට හැමෝම මිනිස්සු. සමහරවිට බෙදිලා රණ්ඩු වෙනවා Capatain America Civil War වගේ, Hawkeye වගේ ගෙදර දරු පවුලක් ඉන්නවා, තෝර්ට වගේ පවුල් ප්‍රශ්න තියෙනවා, Lokiට වගේ පොඩිකාලේ ප්‍රශ්න නිසා හරි වැරදි අතර අතරමන් වෙනවා.

කොච්චර වීරයෙක්, දුෂ්ටයෙක් උනත් , මිනිහෙක්. Marvel Multiverse එකේ What If එකේ Thanos හොඳ bartender කෙනෙක් සහ හොඳ මිනිහෙක්, T’Challa ගේ මග පෙන්වීම නිසා.

What If එකේ Thanos හොඳ bartender කෙනෙක්

ENDGAME සහ tony ගේ මරණය

Tony ගේ මරණය කියන එක මට දැනුනේ neurotic, saviour complex එකෙන් පිරුණු superhero protagonist ලගේ අවසානය විදිහට. Tony Stark ගේ funeral එක සහ Tony Stark Has A Heart කියන්නේ ඒකෙ literal statement එක.

ජයග්‍රහණයක් කියන්නේ කාගේම හරි පරාජයක් නේ. Tony ගේ Funeral එක පුරාම ඉන්නේ දින්නත් පැරදුනු උන්, ඒ ජයග්‍රහණය හින්ද වෙනස් උණු උන්, හොඳට සහ නරකට. යාලුවෙක් නැතිවීමට අමතරව තියෙන්නේ අවිනිශ්චිත බව, Infinity Stone Gauntlet එක වගේ තව අපි නොදන්න හතුරෝ කොච්චර ඇතිද? අපි නොදන්න වීරයෝ කොච්චර ඇතිද? ඒ වීරයන්ට කොච්චර ප්‍රශ්න ඇතිද?

අවසන් සටහන

Tony ගේ මරණෙන් පස්සේ පටන් ගත්ත PHASE 2 New Generation එකේ superheros ලා ඔක්කොම වගේ චිල්. Ms Marvel, Hawkeye, Spiderman, Shang-Chi. Savior Complex එක පස්සේ ඒවි, ඒත් තරුණ, පිරිමිකම-ඔලුවේ-තියාගත්ත නැති පිරිමි, ගෑනු, සමනල්ලු එකතු උනාම ඊළඟ ෆයිට් හොඳට හැදෙයි. Marvel එකට comic, චිත්‍රපටි, series සහ තව වැඩ ගොඩක් කරන්න උනා Ms Marvel එක ඇතුලේ මුස්ලිම් කෙල්ලෙක් superhero කෙනෙක් කරන්න.

මේ අරගලයේ පරණ සංවිධාන, පක්ෂ, 83, 71, 88, 89 කාලේ තැලිච්ච වීරයෝ රඟපෑවට ඇත්තටම මේ ෆිල්ම් එකේ වීරයෝ post-90 generation එක. ඇනලොග් එකෙන් ඩිජිටල් එකට පැනපු අපි සහ ඉන්ටෙර්නෙට් එකත් එක්කම හැදුනු 2000+ GenZ එක තමයි මේ අරගලය සාමකාමී ෆන් එකක් විදිහට ගෙනිච්චේ. meme හැදුනු නිසා, ආර්ට් හැදුනු නිසා තමයි මේක මේ තරම් අඩුවෙන් ලේ හැලිලා ඉවර උනේ.

බයවෙන්න කිසිම දෙයක් නෑ, 2000න් පස්සේ ඉපදුන උන්ට ඉංග්‍රීසි හරියට පුරුදු කරොත්, උන්ට internet වලට තියෙන අයිතිය තහවුරු කරොත්. උන් මේවා ඔක්කොම පෙරලනවා. අපේ generation එකට අර මුල් කාලේ IronMan එකේ Tony වගේ නොවී අපි ගැන තියෙන අධිතක්සේරුව සහ savior complex එක අතහැරලා පොඩි උන්ට, ගෑනුන්ට, සමන්ල්ලුන්ට පියාඹන්න ඉඩදෙන්න පුළුවන් නම්, මේ අරගලයේ ඇත්ත කතා නිදහසේ කියන්න පුළුවන් නම්, වැඩේ ඉක්මන් වෙයි.

Lankaverse කියන්නේ දකුණු ආසියානු දැනුම, අදහස්, සංස්කෘතිය, පුරාවෘත්ත, මිත්‍යා, ආගම්, කතා, සින්දු, චිත්‍රපටි වලින් හැදුනු, අපේ අතීතය හා අනාගතය ගැන කතා කියන්න, කතා කරන්න පුලුවන් පොදු වේදිකාවක්.දැන්වීම් ප්‍රචාරක ආයතන වලින්, රූපවාහිනියෙ පත්තර වල, දේශපාලන වේදිකාවල විකුණන, අපිව බෙදන, අපේ කම වෙනුවට ඇත්තටම අපේම ලාංකික කතාවක් හදාගන්න, අන්තර්ජාලය එක්ක හැදුනු වැඩුණු අපිට පුළුවන්. මේ පොදු වේදිකාව ඇතුලෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ, ලංකාව කියන දූපතෙන් එහා ලෝකය තේරුම් ගන්නත්, අලුත්, නිර්මාණශීලී විදිහට ප්‍රශ්න විසඳලා, නව අදහස් ඇතුලෙන් අපිට ඕන ලංකාව ගොඩනගන්න උදව් වෙන්න. අපේ ලෝකය අපි අපිට දැනෙන දේ හරහා තේරුම් ගන්නවා. පොප් කල්චර්, ෆිල්ම්, සින්දු හරහා අපිට තේරෙන විදිහට අපි අපිට ඕනේ ලෝකය හදාගන්න ඕනේ කරන දේවල් අපි කතා කරනවා. ඔබත් ලියන්න කැමති නම් lankaverse@proton.me වෙත ඊමේල් කරන්න.

--

--

Radha Chelvaratnam
Lankaverse Magazine
0 Followers
Writer for

A free netizen of the world. Native of the beautiful land of Sri Lanka