සිංහල භාෂාවේ තීරණාත්මක මොහොතක් මේ…

මෙය මුලින්ම 2015 වසරේ පැරණි Mooniak බ්ලොග් අඩවියේ පළවුණු ලිපියකි.

මේ ලංකා දේශපාලනයේ මොහොත, සිංහල භාෂාවේ නැගීම පිළිබඳවත් ඉතාම වැදගත් මොහොතක්.. කවදාවත් නැති තරම් සිංහල බ්ලොග්, සිංහල facebook පිටු දැන් තියෙනවා…

ඉතිහාසය පුරා සිද්ද වුණු විවිධ භාෂාවේ පුනරුදයන් තිබෙනවා… මේවා අතර වැදගත්ම කාර්යක් ඉටු කල මෑත ඉතිහාසයේ අවස්ථාවන් තාක්ෂණය හා සම්බන්ධයි. ඒවා කීපයක් හඳුනගමු.

- 1737 දී පළමු සිංහල ලේටර්ප්‍රෙස් ආරම්භයත් සමග භාෂාව එකින් එක පිටපත් කිරීමේ සිට ඊළඟ විශාල පරිමාණයේ පිටපත් නිර්මාණය

- 1900 වනවිට සිංහල බෞද්ධ පුනරුදය තුල මූලික වන්නේ මුද්‍රණ තාක්ෂනය මේ සිංහල බෞද්ධ කඳවුර තුලට ලැබීමයි. පුවත්පත් විශාල පරිමාණයෙන් නිර්මාණය වන්නේ මේ සමග..

- 1980 වනවිට ලංකාවේ ලේටර්ප්‍රෙස් මුද්‍රණ තාක්ෂණය ඉතාම දියුණු තත්වයට පැමිණ තිබුණා. නිර්මාණ ලෙස සැලකුවත් අක්ෂර නිර්මාණය සහ චිත්‍රක (Graphic ) නිර්මාණ සෑහෙන දියුණු මට්ටමක තිබුණා.

- 1980 දී මුද්‍රණ තාක්ෂණය පරිගණක තාක්ෂණයට මාරුවීම තුල විශාල පෙරලියක් සිද්ධ වෙනවා. දිවයින පුවත්පත තමයි පළවෙනියටම පරිගණකයෙන් සිංහල පත්තරේ කරන්නේ. ඔව්න් ඒ සඳහා අක්ෂර යෙදුම (Font ) හදන්නේ පිටරටකින්. ගුණසිරි කොළඹගේ මහත්මය තමයි මම දන්නා විදිහට මුල්ම රටාව අඳින්නේ..

- තිබස් වගේ පෞද්ගලික ආයතන වලින් කරපු වැඩ අපිට අමතක කරන්න බැහැ.

- සිංහල පාවිච්චිය ලංකාව පුරාම පැතිරෙන්න අපි කවුරුත් නොදන්නා ලොකු සේවයක් කරන්නේ පුෂ්පානන්ද ඒකනායක. ඔහුගේ FM අභය , මලිති ඇතුළු ෆොන්ට් නිදහස් උනේ 1997 දී.. අදටත් ලංකාවේ 99% පාවිච්චි වෙන්නේ ඒවා.

- ඊළඟ වැදගත් මොහොත තමයි, යුනිකේත (UNICODE) නිසා Windows XP වලින් සිංහල පාවිච්චිය හැකි වීම. 2002 වෙනකොට ලංකා ලිනක්ස් භාවිත කරන්නන්ගේ එකමුතුව (LKLUG ) මේ සඳහා මූලික වැඩ කටයුතු කලා.ඔව්න් අද ක්‍රියාකාරී නොවීම පාඩුවක්. ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ භාෂා තාක්ෂණය පිළිබඳ ආයතනයත් තවමත් ක්‍රියාකාරී වැදගත් ආයතනයක්.

- මේ එක්කම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය 2007–2012 කාලයේ ඉතා විශාල වැඩ කොටසක් කරනවා. ICTA ආයතනය සමගත් ඔව්න් ඉතා ලඟින් වැඩ කල බව මගේ අවබෝධයයි. නමුත් 2013 වෙනකොට බ්ලොග් සංසදයත් මේ වැඩවලින් ඉවත් වෙන්නේ, ඇයි කියල මම දන්නේ නැහැ. අන්තර්ජාලයේ සිංහල පාවිච්චිය වැඩි වෙන්න පැහැදිලිවම ඔව්න්ගේ ක්රියකර්රෙත්වය වැදගත් වුණා. ඒ වගේම බූන්දි (boondi.lk ) කියන්නේ සිංහල භාෂාවේ විශේෂ සන්ධිස්ථානයක්.

- Google ආදාන මෙවලම් (Google Input Tools ) වලට පෙර LKLUG එකෙන්ම Transliteration වලට අවශ්‍ය වැඩ කරලා තිබුනා. නමුත් Google මෙවලම් මෙය වඩා පහසු (User Friendly ) හා කාර්යක්ෂම කිරීම නිසා අපට මෙය වැදගත් සන්ධිස්ථානයක්.

එතකොට මේ දේශපාලන මොහොත කොහොමද සිංහල භාෂාවට අදාල වෙන්නේ?

මේක ඉතාම වැදගත්, ලෝකය පුරා සිදුවෙන සමාජ, ආර්ථික හා දේශපාලන වෙනසක් මීට අදාළ වෙනවා.

1. තාක්ෂණයේ දියුණුව පිළිබඳව මූවර් නීතිය අනුව සාම වසර දෙකකදීම පරිගණක උපාංග වල බලය දෙගුණ වෙනවා. මෙය පහුගිය වසර 30ටම සැබෑවක්. ආසන්න වශයෙන් වසරකට වරක් උපාංගවල මිල හරි අඩකින් අඩු වෙනවා. 1991 ඉපදුනු මම දැක්ක ජංගම දුරකථන වෙනස් වුනු හැටි.. මේ අනුව දැන් හොඳ අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් android දුරකතනයක් ලංකාවේ ගන්න පුළුවන් රුපියල් 5000කට. තව අවුරුදු 3කින් 1000කට වගේ පුළුවන්. ලංකාවේ රස්සාවක් කරන හැමෝටම මේ එක්ක ජංගම දුරකතනයක් ලැබෙනවා.. හැබයි ඒ කට්ටිය හැමෝම ඉංග්‍රීසියේ කෙල පැමිණි අය නෙවෙයි.

2. ලෝකයේ ජනප්‍රිය අන්තර්ජාල තාක්ෂණ ආයතන ආසියාව දිහාවට හැරෙනවා. Google Android One ඉන්දියාවේ ආරම්භය, මාර්ක් සකර්බර්ග් ඉන්දියාවේ ජනපති හමුවීම, UBER , Amazon වගේ සේවා ඉන්දියාවේ පටන් ගැනීමත් එක්ක අපේ කලාපය හැමෝගෙම මුල් තැන. ලංකාව ගත්තොත්, ඉක්මන් (Ikman.lk ) කියන්නේ ලංකාවේ සමාගමක් නෙවෙයි. විශාල ස්විස් සමාගමක ලංකාවේ නම ඉක්මන්. තව lamudi, kamudi කියන්නෙත් ලොකු වෙනත් සමාගම්. ශ්‍රී ලංකා Matrimony කියන්නෙත් ඉන්දියාවේ සමාගමක්.

3. දැන් බහුතරයක් Google සේවා සිංහලෙන් ලබාගන්න පුළුවන්. facebook සිංහලෙන් තියෙනවා. එහෙම උනත්

4. ලෝකයේ ආණ්ඩු ගොඩක් පහුගිය අවුරුදු කීපය ඇතුලේ අන්තර්ජාලය නිසාම බිඳවැටුන.

5.දැන් මගේ අවසාන කරුණ, මේ මොනවා උනත් අන්තර්ජාලය ලංකාවේ ජනගත වුනේ මේ මැතිවණය එක්ක. කොටින්ම අන්තර්ජාලය වගකීමෙන්පාවිච්චි කරන්න කියල පත්තරේ දැන්වීම් දැම්ම. ‘අන්තර්ජාලයෙන් ඔබේ නිවසට’ කියල රූපවාහිනියේ වැඩසටහනක් තිබුන 2000 ගණන් වල, වතන ඉඳන් අද වෙනකොට Facebook වල බලය සහ මිනිස්සුන්ට ඒ ගැන තියෙන අවශ්‍යතාව උනන්දුව වැඩිවෙලා.. මේ පාර මැතිවරණයේදී Facebook මූලික උණා.. ලංකාවේ දැනට ලක්ෂ 200ක් වෙන ජනතාවෙන් අන්තර්ජාලයේ ඉන්නේ ලක්ෂ 15ක් විතර, නමුත් පවුලේ කට්ටියට ඒවා කියවන්න දෙන්න ඒ තරුණ තරුණියන්ට පුළුවන් වුනේ බහුතරයක් දේ සිද්ධ උණේ සිංහලෙන් නිසා. මෙච්චරකල් ඉංග්‍රීසි බහුතරයෙන් වැහිලා තිබුණු මගේ wall එක සිංහලෙන් පිරුණා… අපේ අම්මත් අහන්න ගත්ත ‘ඉන්ටෙර්නෙට් එකේ මොනාද තියෙන්නේ මේ ගැන? ’ කියල. ලංකාදීප පත්තරේ වෙනම පිටුවක් තියෙනවා facebook memes වලට.

1,2,3,4 එකට එකතු කරලා, බෙදල , වැඩිකරලා හිතල බැලුවහම මට තේරෙනවා මේක, කලින් මම පෙන්නපු ඔක්කොම ඉතිහාසයේ මොහොතකට වඩා සිංහල භාෂාවට සහ ලංකාවේ ව්‍යාපාර වලට වැදගත් කියලා..

මොකද තව වෙන්න ඕනේ ?

ඇත්තටම තවමත් සිංහල සම්පූර්ණයෙන්ම හොඳින් භාවිත කරන්න බැරි අඩුපාඩු තියෙනවා.

1. Unicode ෆෝන්ට් නැතිවීම

2. වෙබ් ෆොන්ට් නැතිවීම

3. හොඳ Keyboard එකක් driver එකක් නැතිකම.

4. නිදහස් තාක්ෂණයේ අඩුකම

5. රේපය හා රකරංශයේ ගැටලුවට හොඳ විසදුමක් නැතිකම.

6. ජංගම දුරකථන සඳහා හොඳ යතුරු පුවරුවක් නිර්මාණය නොවීම.

7. සිංහල ෆොන්ට් නිර්මානය ගැන දැනුම නැතිවීම

8. සිංහලෙන් දැනුම අන්තර්ජාලයට එක නොවීම

9. සිංහලට පරිවර්තනය කල අන්තර්ජාල සේවා වල දුරස්ථ භාෂා විලාසය

මොකද කරන්නේ අපි?

Bhasha ආයතනය පමණයි මම දන්නා හැටියට ලංකාවේ දැනට මේ ගැන කටයුතු කරන පෞද්ගලික ආයතනය… මම හොඳින්ම දන්නවා බොහෝ ඉන්දීය ආයතන

නමුත් දුක නම්, මේ සම්බන්ධයෙන් වැඩ කල ක්‍රියාකාරීන් දැන් නොමැති වීමයි. සිංහල යුනිකෝඩ් සමූහය දැන් වැඩ නැහැ.. බ්ලොග් සංසදය ක්‍රියාකාරී නැහැ.. ලංකා ලිනක්ස් භාවිතාකරන්නන්ගේ එකමුතුව දැන් නැහැ… ICTA ආයතනය Font නිර්මාණයෙන් පසු නව වැඩපිළිවෙලක් ගැන කතා නැහැ..

- පැතුම්

Like what you read? Give Pathum Egodawatta a round of applause.

From a quick cheer to a standing ovation, clap to show how much you enjoyed this story.