නවතම වැඩි දියුණු කිරීම් මගින් ඔබට වඩාත් බලවත් DApp සෑදීමට ඉඩ සලසයි

Aman Ashraf
Oasis Foundation Sinhala
4 min readSep 19, 2021

--

පැරාටයිම් සහ DApp සංවර්ධකයින් සඳහා ප්‍රබල නව මෙවලම් කට්ටලයන් ගෙන එන පළමු විශාලතම යාවත්කාලීන කිරීම දැන් Oasis ජාලය තුළ සජීවීව පවතී.

වගකීමෙන් මිදීමේ ප්‍රකාශනය: මෙම ලිපිය Oasis Network ප්‍රජාවේ සාමාජිකයන් හට කරන ලද ප්‍රජා පරිවර්තනයකි. නිවැරදි පරිවර්තන සැපයීම සඳහා දැඩි පරීක්ෂාවන් සිදු කරනු ලබන නමුත් වැරදීම් සහ මග හැරීම් වලට භාජනය විය හැකිය. පරිවර්තනය කරන ලද තොරතුරු වල නිවැරැදිභාවය,විශ්වාසනීයත්වය හෝ පරිවර්තනය වූ කාලවකවානුව සඳහා Oasis ජාලය වගකිවයුතු නොවේ.

මුල් ප්‍රකාශනය ඉංග්‍රීසියෙන්: New Upgrades Let You Build More Powerful DApps

අද දින, වගකීමකින් යුත් දත්ත ආර්ථිකයක් ඇති කිරීමේ සහ එදිනෙදා භාවිතා කරන්නන් අතට බලය ලබා දීමේ අපගේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යන Oasis ජාල සංවර්ධනයේ තීරණාත්මක සන්ධිස්ථාන දෙකක් ප්‍රකාශයට පත් කිරීමට අද අපි සතුටු වන්නෙමු. මෙම වැඩිදියුණු කිරීම් මගින් Oasis ජාලයේ සම්පුර්ණයෙන්ම නව සංවර්ධකයින් සූදානම් කරයි, එබැවින් ඔබ සංවර්ධකයෙකු නම්, බලවත් යෙදුම් නිර්මාණය කිරීමට හා යෙදවීමට ඔබට මෙවලම් හා විශේෂාංග කට්ටලයක් දැන් අත්කර තිබේ.

අපගේ පළමු සහ ප්‍රරධානම වැඩි දියුණු වූ mainnet කිරීම දැන් සජීවී වේ.

කේත නාමය Cobalt , පළමු සහ ප්‍රරධානම mainnet වැඩි දියුණුව Oasis ජාලය ලැබූ වැදගත්ම සන්ධිස්ථානයක් වේ, එය ජාලයේ පරිපූර්ණ විමධ්යගත මූල්ය (DeFi) හැකියාවන් අගුළු ඇරීමට පදනම සකසන බැවිනි.Cobalt යනු එම ඇදහිය නොහැකි නාමය අපට ලැබෙන්නේ Oasis ප්‍රජාව විසින් ය.ජාලය වැඩිදියුණු කිරීම සඳහා නම් කිරීමේ යෝජනා ක්‍රමයට ඡන්දය දුන් ඔවුන් Cobalt ලෙස තෝරාගත්තේ එහි තේරුම රෝස පැහැයක ගත් නිසාය. එය Oasis පදනමේ අත්සන් වර්ණය වන නිල් පැහැයට හොඳින් ගැලපෙන බව අපට පෙනේ.

මෙම වැඩිදියුණු කිරීම මගින් වැඩි ආරක්‍ෂාව හා කාර්ය සාධනය මෙන්ම ශක්තිමත් කළ පාලන යාන්ත්‍රණ සහ වැඩි විමධ්‍යගතකරණය ඇතුළු තවත් විශේෂාංග රැසකින් සමන්විත වේ.

  • නව ජාල Node වල bootstrap කරනය වේගවත් කිරීම සඳහා සැහැල්ලු සේවාලාභීන් සහ මුරපොලක්.
  • විවෘත ඇතුළත් වීමේ ප්‍රතිපත්තියක් සහිත ParaTimes සඳහා ආරක්ෂාව සපයන අහඹු Beacan ආධාරකයක්.
  • පරිපාලක යෝජනාවන් ඉදිරිපත් කිරීම, යෝජනා වල වලංගු කරුවන් ඡන්දය ප්‍රකාශ කිරීම සහ වැඩි දියුණු කිරීමේ යෝජනාවක් සම්මත වූ පසු, පාලනය අඩු ආකාරයකින් උසස් කිරීම සිදු කිරීමට ක්‍රමයක් ඇති, යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීම සඳහා සරල මාර්ගගත රාමුවක පාලනයක් මගින් සපයයි.
  • Consensus ස්ථරය සහ පැරාටයිම් අතර Rose හුවමාරු වේ.සංකේත තබා ගැනීමට සහ මාරු කිරීමට හැකි සම්මුති ස්ථරයෙන් ParaTimes හට තමන්ගේම ගිණුමක් ලැබෙන බව ද මෙයින් අදහස් කෙරේ.
  • ParaTime පාලන ක්‍රමයන් පුළුල් කරමින් ස්වයං පාලන ParaTimes සඳහා එක් මාවතක සැකසේ.
  • Validators සංචිතය 80 සිට 100 දක්වා වැඩි කෙරෙන අතර, Oasis consensus ස්ථරය තවදුරටත් සුරක්‍ෂිත කිරීමට සහ විමධ්‍යගතකරණය වැඩි කිරීමට ද මෙය උපකාරී වේ.

Cobalt mainnet වැඩි දියුණුකිරීම පිළිබඳව වැඩි විස්තර සඳහා එහි සියලුම ප්‍රධාන අංගයන් වන යාන්ත්‍රිකයන් සහ සංවර්ධකයින්ගේ තාක්‍ෂණික සහායද ඇතුළත්ව නිල Cobalt වැඩිදියුණු කිරීමේ යෝජනාව බලන්න.

ඊට අමතරව, සංවර්ධකයින්ට දැන් Oasis-Eth ParaTime හරහා බලවත් DApp සංවර්ධන පරිසරය භුක්ති විඳින්නට හැකිය, තවද එය Ethereum සමග මුළුමනින්ම පසුපසට අනුකූල වේ.මෙම වැඩිදියුණු කිරීමත් සමගම Oasis ජාලයේ සංවර්ධකයින්ට යෙදුම් සෑදීමට සුදුසුම පරිසරය බවට පත්වන අතර, Ethereum වලට වඩා 99% අඩු ගණුදෙනු ගාස්තු මෙන්ම තත්පරයකට ගනුදෙනු 1,000 ක් ඇතුළත්ව සමස්ත අංගයන්ගෙන් ප්‍රතිලාභ ලබයි.

Parcel SDK දියත් කිරීම

Parcel SDK අපගේ beta inaugural හි සජීවී බව ප්‍රකාශ කිරීම සතුටට කරුණකි. පාර්සල් යනු පුද්ගලිකත්වයේ ප්‍රථම දත්ත පාලන SDK වන අතර එමගින් වසර ගණනාවක පෞද්ගලිකත්වය පර්යේෂණ සහ ප්‍රවීණතාවය පහසු භාවිතයට සග පහසු විසඳුමක් බවට පත් කෙරේ. පරිශීලක තිරයේ විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ බලවත් දත්ත පෞද්ගලිකත්වය සහ පාලන විශේෂාංග ඇතුළත් කිරීම සඳහා තම යෙදුමේ හැකියාවන් පුළුල් කිරීමට බලාපොරොත්තු වන සංවර්ධකයින් වෙනුවෙන් ය.

සෑම පුද්ගලයෙකුටම පෞද්ගලිකත්වය ලබා දීමේ දැක්මකින් Oasis ආරම්භ කරන ලද අතර එය ආරම්භ වූයේ අප ආදරය කරන සහ දිනපතා භාවිතා කරන යෙදුම් වලට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දෙන අතරම පරිශීලකයින්ගෙ ඉතාමත් සංවේදී දත්ත ආරක්ෂා කර ගත හැකි නව තාක්‍ෂණික පන්තියක් ගොඩනැගීමෙනි. යෙදුම් සංවර්ධකයින් මෙම ඉලක්කය සාක්‍ෂාත් කර ගැනීමේ මූලික අංගයක් වන අතර සංවර්ධකයින්ට ලෝක මට්ටමේ මෙවලම් සහ ඒපීඅයි විසඳුම් අවශ්‍ය වන අතර එමඟින් විශාල වටිනාකමක් සහ සුළු ඒකාබද්ධ පිරිවැයක් අවශ්‍ය බව අපි තේරුම් ගනිමු. එබැවින් සංකීර්ණ පෞද්ගලිකත්‍ව විසඳුම් සහ එදිනෙදා යෙදුම් සංවර්ධකයා අතර ඇති පරතරය අවම කිරීම සඳහා Parsel SDK වැඩි දියුණු කරන ලදි.

පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරන පරිසරයක් තුළ දත්ත විශ්ලේෂණය කිරීමට සහ කලින් නියාමනය කළ හෝ භාවිතා කිරීමට අවදානම් සහිත දත්ත අගුළු ඇරීමට සංවර්ධකයින්ට හැකි වේ. Parsel අතිශය බලවත් මෙවලමක් වන අතර SDK දැනටමත් වෙනත් සංවිධාන අතර Binance, BMW සහ Nebula Genomics සමග සහයෝගිත්වයෙන් භාවිතා කෙරේ. Parsel ක්‍රියා කරන ආකාරය ගැන වැඩි විස්තර මෙතැනින් ලබා ගත හැක.

Oasis පරිසර පද්ධතිය සමග සම්බන්ධ වන්න

Oasis ආරම්භ කරන ලද්දේ Berkeley හි සම්මානලාභී මහාචාර්ය Dawn Song විසින් වන අතර Andreessen Horowitz, Accel, Binance labs සහ තවත් බොහෝ අයගේ සහයෝගය සහ අනුග්‍රහය සමගයි. Oasis හි ජාලය තුළ ව්‍යාපෘති කිහිපයක්ම ගොඩනගා ඇති අතර Crypto Safe Alliance සමග Binance, Chainlink, Balancer, Meter සහ වෙනත් හවුල්කරුවන්ද සමග ය.

Cobalt වැඩිදියුණු කිරීම, Oasis-Eth ParaTime සහ Parsel SDK හි මුදාහැරීම ආරම්භය පමනක් වන බැවින් ඉදිරි මාස කිහිපය තුළදී ParaTimes හි විවිධ පරිසර පද්ධතියකට ආධාර කිරීම සඳහා අපි Oasis ජාලයේ හැකියාවන් තවදුරටත් පුළුල් කරන්නෙමු. අපේ වැඩෙන සංවර්ධකයින්ගේ ප්‍රජාවට සහ ඔවුන්ට අවශ්‍ය මෙවලම් හා ආධාර ඇතිව DeFi ව්‍යාපෘති වලට සහාය වීමද මෙයට ඇතුළත් වේ.

ඔබත් සංවර්ධකයෙකු නම්, ඔබේ ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු පරාසයක සංවර්ධනය ආරම්භ කිරීමට සහ පෞද්ගලිකත්වය සක්‍රීය කළ DeFi සහ දත්ත සංකේතකරණයට සහාය වීම සඳහා ඔබට ඩොලර් මිලියන 1.5 ක ROSE Bloom ප්‍රදාන වැඩසටහන උපයෝගී කර ගත හැකිය. සෑම යෝජනාවක්ම Rose ටෝකන වලින් ඩොලර් 50,000 දක්වා ලබා ගැනීමට සුදුසුකම් ලබයි. අදම ආරම්භ කිරීම සඳහා අපගේ සංවර්ධක ද්වාරය වෙත පිවිසෙන්න.

ඔබට කුමක් හෝ ප්‍රශ්න ඇත්නම් කරුණාකර අපගේ නිල නාලිකාවට/සමූහයට එකතුවන්.

--

--