Conflux Network සහ Oasis Foundation එක්ව තමන්ගේ පරිශීලකයින්ට පුද්ගලික දත්තවල හිමිකාරත්වය ලබාදීමට අවශ්‍ය වැඩසටහන් සක්‍රිය කරයි.

Aman Ashraf
Oasis Foundation
3 min readFeb 9, 2021

--

වගකීමෙන් මිදීමේ ප්‍රකාශනය: මෙම ලිපිය Oasis Network ප්‍රජාවේ සාමාජිකයන් හට කරන ලද ප්‍රජා පරිවර්තනයකි. නිවැරදි පරිවර්තන සැපයීම සඳහා දැඩි පරීක්ෂාවන් සිදු කරනු ලබන නමුත් වැරදීම් සහ මග හැරීම් වලට භාජනය විය හැකිය. පරිවර්තනය කරන ලද තොරතුරු වල නිවැරැදිභාවය,විශ්වාසනීයත්වය හෝ පරිවර්තනය වූ කාලවකවානුව සඳහා Oasis ජාලය වගකිවයුතු නොවේ.

මුල් ප්‍රකාශනය ඉංග්‍රීසියෙන්: Conflux Network and Oasis Foundation to Enable Private Data Ownership for Participants

Oasis Protocol Foundation සහ Conflux Network හවුල්කරු වී Oasis හි නව්‍ය පෞද්ගලිකත්වය සුරැකීමේ තාක්ෂණය Conflux Network තුළ ගෙන ඒමට කටයුතු කරයි. Conflux මත ගොඩනගා ඇති යෙදුම්වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම, වඩාත් කාර්යක්ෂම KYC ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සහ වඩාත් සුරක්‍ෂිත වෙළඳපොළවල් සමග නව වෙළඳපල සහභාගීත්වය සක්‍රීය කිරීම සඳහා මෙය ප්‍රධාන පියවරකි.

විශ්වාසය සහතික කිරීම සඳහා මහජන අවසර රහිත බ්ලොක්චේන් ජාලවල විනිවිදභාවයකින් යුත් ස්වභාවය අත්‍යවශ්‍ය වේ. මෙය ගිණුම්කරණය සඳහා ප්‍රබල මෙවලමක් වන අතර, පුද්ගලිකව පැවතිය යුතු ඇතැම් පෞද්ගලික තොරතුරු තිබේ. Oasis ජාලය මගින් පොදු සහ පෞද්ගලික දත්ත වෙන් කිරීමට හැකියාව ලබා දෙයි: ප්‍රතිඵලයක් ලෙස පරිශීලකයින් විසින් පාලනය කරන වෙබ් අඩවියක් වන අතර එහිදී පරිශීලකයින් ඔවුන්ගේ පුද්ගලික දත්ත සඳහා අවසර පාලනය කරන අතර ආරක්ෂිත පරිසරයක එම දත්ත වලට ප්‍රවේශ වීමට යෙදුම් වලට ඉඩ දෙයි: ප්‍රධාන කොටස වන්නේ දත්ත හුවමාරු වන අවස්ථාවක වුවත් පුද්ගලික දත්ත පුද්ගලිකව සිටීමයි.මෙයින් සමාගම් සහ පරිශීලකයින් අතර වඩා හොඳ සහයෝගීතාවයක් සඳහා සුසුදු පරිසරයක් නිර්මාණය කිරීම වේ.

“Oasis ජාලය පුද්ගලික දත්ත ප්‍රවේශය සහ බ්ලොක්චේන් තාක්ෂණය ඒකාබද්ධ කර අන්තර්ජාලයේ පුද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමට සහ කළමනාකරණය කිරීමට වඩා හොඳ ක්‍රම නිර්මාණය කරයි.මෙම හවුල්කාරිත්වය මගින් අපට දක්නට ලැබෙන්නේ තාක්ෂණ දෙක උපයොගි කරමින් වඩාත්ම සුදුසු KYC ක්‍රමවේදයන් සමඟ පැවතෙන වෙළඳපල සුරක්‍ෂිත කිරම්, පුද්ගලික දත්ත ආර්ථිකයන් වැනි නව වෙළඳපලවල් විවෘත කිරීම සහ cross-chain සහයෝගීතාවයෙන් web3 අවකාශය වර්ධනය කිරීම සඳහා වූ මාර්ගයක් ලෙසයි.”

- Eden Dhaliwal, Conflux Network කළමනාකාර අධ්‍යක්ෂක

ඔයාසිස් පදනම සමඟ හවුල් වීමෙන්, අපි Conflux ජාලයෙහි යෙදුම්වල අධිවේගී ක්‍රියාකාරිත්වය Oasis ජාලයේ රහස්‍යතා තාක්‍ෂණය සමඟ ඒකාබද්ධ කරමින් පරිශීලකයින්ට ඔවුන්ගේ දත්ත පාලනය කිරීමට සහ කළමනාකරණය කිරීමට ඇති හැකියාව විවෘත කරමු.

වෙබ් අඩවියන් තම පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු කළමනාකරණය කරන ආකාරය වඩාත් ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පමණක් නොව තවත් යම් සේවාවක පාර්ශවකරුවන් අතර වඩාත් සහයෝගී සබඳතා ඇති කිරීම සඳහා වැඩිදියුණු කළ යුතුය. මෙම දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා Conflux සමඟ එක්වීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා.

- Luca Cosentino, Oasis Network DeFi අධීක්ෂක

Oasis ජාලය පිළිබඳව

බ්ලොක්චේන් හි ඊළඟ පරම්පරාව සඳහා නිර්මාණය කර ඇති Oasis ජාලය විවෘත මූල්‍ය සහ වගකිවයුතු දත්ත ආර්ථිකයක් සඳහා පුද්ගලිකත්වය සක්‍රීය කළ බ්ලොක්චේන් වේදිකාවක් වේ. එහි ඉහළ ප්‍රතිදානය සහ සුරක්‍ෂිත නිර්මාණ ශිල්පය සමඟ ඒකාබද්ධව, Oasis ජාලයට පුද්ගලික, පරිමාණ කළ හැකි DeFi බල ගැන්වීමටත්, විවෘත මූල්‍ය විප්ලවීය වෙනසක් කිරීමටත්, වෙළඳුන් හා මුල් කාලීනව භාවිතා කරන්නන්ගෙන් ඔබ්බට මහා වෙළඳපොළකට ව්‍යාප්ත කිරීමටත් හැකි වේ. එහි අද්විතීය රහස්‍යතා විශේෂාංග මගින් DeFi නැවත අර්ථ දැක්වීම පමණක් නොව, ටෝකනීකරණය කරන ලද දත්ත නමින් නව ආකාරයේ ඩිජිටල් වත්කමක් නිර්මාණය කළ හැකි අතර එමඟින් පරිශීලකයින්ට ඔවුන් විගණනය කරන දත්ත පාලනය කිරීමට සහ යෙදුම් සමඟ එය ගබඩා කිරීම සඳහා ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේ - පළමු වගකිවයුතු දත්ත ආර්ථිකය නිර්මාණය කිරීම.

Conflux ජාලය පිළිබඳව

චීනයේ අනුමත කරන ලද මහජන, අවසර රහිත බ්ලොක්චේන් ව්‍යාපෘතිය වන Conflux ජාලය යනු ඊළඟ පරම්පරාවේ විවෘත වාණිජ්‍යය, විමධ්‍යගත යෙදුම්, මූල්‍ය සේවා සහ වෙබ් 3.0 සඳහා ඉහළ පරිමාණයක්, ආරක්ෂාව සහ විස්තීරණතාවයක් ලබා දෙන විවෘත මූලාශ්‍රයකින් යුත් , Layer -1 බ්ලොක්චේන් Protocol යකි. Turing සම්මානලාභී ආචාර්ය Dr.ඇන්ඩෲ යාඕගේ නායකත්වයෙන් යුත් ලෝක මට්ටමේ ඉංජිනේරුවන් සහ නව්‍ය පරිගණක විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් Conflux ජාලය අධීක්ෂණය කරනු ලැබේ. ව්යවසායකත්වය සහ නවෝත්පාදනයන් පෝෂණය කරමින්, Comflux කර්මාන්ත හා මහාද්වීප හරහා ආරම්භක සහ සංවිධාන අර්ථවත් වියාපාරික හා සමාජීය බලපෑමක් සඳහා විමධ්යගත වෙළඳපොලවල් සහ ඩිජිටල් වත්කම් උත්පාදනය කරයි. 2018 දී ආරම්භ කරන ලද Conflux විසින් Seqouia China,Metastable, Baidu Ventures, F2Pool, Huobi, IMO Ventures, and the Shanghai Municipal Science and Technology Commission ඇතුළු ප්‍රමුඛ ආයෝජකයින්ගෙන් ඩොලර් මිලියන 35 ක ප්‍රාග්ධනයක් ලබා ගෙන ඇත.

--

--