ROSE ස්ටේකින් [Bitpie පසුම්බිය සඳහා මාර්ගෝපදේශය]
වගකීමෙන් මිදීමේ ප්රකාශනය: මෙම ලිපිය Oasis Network ප්‍රජාවේ සාමාජිකයන් හට කරන ලද ප්‍රජා පරිවර්තනයකි. නිවැරදි පරිවර්තන සැපයීම සඳහා දැඩි පරීක්ෂාවන් සිදු කරනු ලබන නමුත් වැරදීම් සහ මග හැරීම් වලට භාජනය විය හැකිය. පරිවර්තනය කරන ලද තොරතුරු වල නිවැරැදිභාවය,විශ්වාසනීයත්වය හෝ පරිවර්තනය වූ කාලවකවානුව සඳහා Oasis Network ජාලය වගකිවයුතු නොවේ.
මුල් ප්රකාශනය ඉංග්‍රීසියෙන්: ROSE Staking [Guide for Bitpie Wallet]
හිතවත් Oasis Network ප්‍රජා සාමාජිකයනි,
ඔබ දන්නා පරිදි මෑත කාලයේදි Oasis Network තමන්ගේ main net එක දියත් කළේය.
මේ කාලය තුලදී අපට අසන්නට ලැබුණේ කෙසේද ROSE ටෝකන ස්ටේකින් කරන්නේ යන්නයි.
එම විස්තර ඔබට මෙහිදි දක්නට ලැබේ.Rose ටෝකනයට අයත් mainnet එක සතු පලමු මොබයිල් පසුම්බිය වන්නේ Bitpie ය.
පෙලක් සාමාජිකයන් හට ස්ටේකින් පිළිබඳව ප්‍රශ්න ඇති බැවින්,
මම අද ඔබලාට කෙසේද ROSE ටෝකන ස්ටේකින් කරන්නේ කියා පැහැදිලි කරන්නෙමි.
පියවර 1) මුලින්ම Bitpie පසුම්බිය බාගත කරගෙන ROSE පසුම්බි පද්ධතිය තෝරන්න. (Android සහ iOS)
පියවර 2) ඔබට ඔබගේ ROSE උපකරණ පුවරුව සහ ROSE පසුම්බියේ ලිපිනය දක්නට ලැබේ.
ඔබගේ ROSE තැන්පතු ලිපිනය දැක ගැනීමට "Receive" මත ක්ලික් කර ROSE ටෝකන තැන්පතු කරගන්න.
පසුව "Escrow" මත ක්ලික් කරන්න.
පියවර 3) "Escrow" හි ඉබට සම්පූර්ණ Validator ලැයිස්තුව දැක ගැනීමට ලැබේ.
එහි ඔබට අවශ්‍ය Validator ය තෝරන්න.
මෙම Validator ලැයිස්තුව Oasis Scan එකේද දක්නට ලැබේ.
පියවර 4) Validator යේ විස්තර සොයා බලා ඉන් පසුව ඔබට ස්ටේක් කිරීමට අවශ්‍ය ටෝකන ප්‍රමාණය ඇතුලත් කර ඉදිරිපත් කරන්න.
පියවර 5) එම ගනුදෙනුව ස්තාපිත කිරීමට Bitpie පසුම්බිය මගින් ඔබගේ රහස් අoකය හෝ ජෛවමිතික(biometric) උපයෝගි කර තහවුරු කරන්නට සිදුවෙයි.
සුභ පැතුම්, ඔබගේ ROSE ටෝකන ඔබ විසින් තෝරාගත් Validator ලිපිනය වෙත යොමු වී ස්ටේකින් ආරම්භ වී ඇත.
"my escrow" හි ඉබගේ ස්ටේකින් ටෝකන දැක ගැනීමට හැකිවේ.
ඔබ ස්ටේකින් කරන අතරවාරේ ඔබගේ ස්ටේකින් ත්‍යාග Oasisscan වෙබ් අඩවිය මගින් දැක ගැනීමට හැකිවේ.
ඔබගේ මතකයට! ඔබ ස්ටේකින් යෙදූ ටෝකන ඔබට අවශ්‍ය විට ඉවත් කරගත හැක.
ඉවත් කරගැනීමට "my escrow" තෝරා ඉන් පසුව ඔබගේ Validator ය මත ක්ලික් කරන්න.
ඔබට ඉවත් කිරීමට අවශ්‍ය ටෝකන ප්‍රමාණය ඇතුලත් කර ඉදිරිපත් කරන්න. ඉන් අවසන්. ටෝකන නැවත ඔබගේ ROSE ලිපිනයට ලැබීමට දවස් 14 ක පමණ කාලයක් ගතවේ.
එහි විස්තර "Debonding" මත ක්ලික් කිරීමෙන් දක්නට ලැබේ.