අම්මේ, තාත්තේ, මාමේ, නැන්දේ, සීයේ, ආච්චියේ:

Letters For Black Lives
3 min readJun 17, 2020

--

This is the Sinhala version of the open letter created by Letters for Black Lives, an ongoing project for people to create and translate resources on anti-Blackness for their communities in solidarity with #BlackLivesMatter. The letter was written and translated collaboratively by hundreds of people who want to have honest and respectful conversations with their parents about an issue important to them.

මෙය අපි කථා කල යුතු අවස්ථාවකි .

ඔබ සමහර විට කළු ඡාතිකයින් සමග වැඩි ආශ්‍රයක් නොමැති වුවද, මම එදිනෙදා ඡීවිතයේ කළු ඡාතිකයින් සමග ඇසුරු කිරීම සහ ගනුදෙනු කිරීම කරනවා: ඒ අය මගේ මිතුරෝ, මගේ අසල්වැසියෝ, මගේ පවුලෙ අය වගේ. මට ඒ අයගෙ ඡීවිත ගැන එක්තරා බියක් පහල වුනා.

මෑතකදී, මිනසෝටා නගරයේ, සුදු ඡාතික පොලිස් නිලධාරියෙක් විසින් කළු ඡාතිකයෙකු වන ඡොර්ඡ් ෆ්ලොයිඩ් නැමැත්තාගේ බෙල්ලට මින්තු 9ක පමණ කාලයක් දණහිස තද කිරීමෙන් ඔහුව මරණයට පත් කළා- ඔහු කීප වතාවක්ම තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවය කියමින් බැගෑපත් වුනු ඉල්ලීම් නොසලකා හරිමින් ඔහුව මරණයට පත් කලා. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකූ ෆ්ලොයිඩ්ව බිමට හිර කර ගෙන සිටි අතර ආසියානු ඡාතික හතර වැනි නිලධාරියා මැදිහත් නොවී බලා සිටියා. ෆ්ලොයිඩ් මේ අපරාදයේ එකම නින්දිතයා නොවේ: මේ වසර ඇතුලත, පොලිස් නිලධාරීන් අතින් ඡීවිතක්ෂයට පත්වු ඉන්දියානා ප්‍රාන්තයේ ඩ්රීෂන් රීඩ්, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටෝනි මැක්ඩේඩ් (මැයි මස), සහ කෙන්ටකි ප්‍රාන්තයේ බ්‍රියෝනා ටේලර් (මාර්තු මස) තවත් කීප දෙනෙකි. හිටපු පොලිස් නිලධාරියෙකු විසින් ඉකුත් පෙබරවාරි මස ඡොර්ඡියා ප්‍රාන්තයේ අහාමඩ් ආබ්රි යන කළු ඡාතිකයාව ඝාතනය කරන ලදී.

මේ සියල්ල ඉතා පුළුල් ලෙස මාධ්‍ය විසින් ප්‍රචාරනය වුවද, කිසිදු කළු ඡාතික ඝාතන සම්බන්ධ වරදකට පොලිස් නිලධාරීන් දඬුවමට ලක්වී නැත. තව මෙවැනි වාර්තා නොකල වරද කොපමණ ඇතිදැයි සිතන්න.

කළු ඡාතිකයින් ඡීවත් වන්නේ මෙවැනි අවාසනාවන්ත සහ භයානක යථාර්ථයක බව තේරුම් ගන්න.

ඔබ සිතනවා ඇති: අපිත් සුළු ඡාතික කොටසක්, අපිත් ඇමෙරිකාවට කිසිම දෙයක් නැතුව ඇවිත්, පවතින වෙනස්කම් නොතකා අපේ ඡීවිත ගොඩනගාගත්තා, කළු ඡාතිකයින්ට බැරිඇයි කියලා.

මම ඇතුළුව, අපි සැම දෙනාටම, හොඳ ඡීවිත ගත කිරීම සඳහා, ඉතා ආදරයෙන් මෙය දකින ආකාරයට විස්තර කරන්නම්.

බොහොමත්ම වෙලාවට, අපි පාර තොටේ යන එන වෙලාවට, අපිව තර්ඡනයක් ලෙස මිනිස්සු දකින්නෙ නැහැ. නැවත ගෙදර එයිද කියන බියෙන් අපි පාරට යන්නෙත් නැහැ. පොලිසිය විසින් අපිව මරයිද කියන බිය අපිට ඇත්තෙ නැහැ.

කළු ඡාතිකයින්ට තිබෙන්නේ මෙයට වෙනස් හැඟීමකි.

අතිතයේ කළු ඡාතිකයින් ඇමෙරිකාවට ගෙන ආවේ තම කැමැත්තට එරෙහිව වහළුන් වශයෙනි. ශත වර්ශ ගණනාවක්ම මොවුන්ගේ ප්‍රඡාවන්, පවුල්, සහ සිරුරු අතවර වලට ලක් වූයේ ලාභ උපයන මාර්ගයක් වශයෙනි.

වහල්භාවයෙන් පසුවද, රජය සහ ආණ්ඩු විසින් ඔවුන්ගෙ ඡීවිත ගොඩ නගා ගැනීමට අවස්ථාව දුන්නේ, චන්ද බලයක්, අධ්‍යාපනයට අවස්ථාවක්, ව්‍යාපාර හෝ ඉඩම් අයිතියකටවත් අවසරයක් නොමැතිව සහ තර්ඡන මෙන්ම පුචන්ඩත්වයන් දිගටම පැවතෙන වාතාවරනයකයි. කළු ඡාතිකයින්ට බලපාන පීඩාවන් අවසන් වූයේ නැත; ආකෘතිය පමණක් වෙනස් වී ඇත.

කළු ඡාතිකයින් නොපසුබස්නා උත්සාහයෙන් අඛන්ඩව තම පරස්පරතා විරෝධීන්ට එරෙහිව ගමන් කර ඇත. අද අපි කවුරුත් භුක්ති විඳින මිනිස් අයිතිවාසිකම්, ඔවුන් විසින් පොලිසියෙ පහරට, හිර භාරයට සහ ඝාතනයට පවා ලක් වෙමින් සටන් කර ඇත. එකිනෙකා ගැටෙන ක්‍රම, අසාධර‍ණ සංක්‍රමන නීතියට තිත සහ වාරිගික වෙන්කිරීම් නැවැත්වීමට පවා ඔවුන් අපට උදව් කර ඇත.

යම් ප්‍රගතියක් දකින්නට තිබුණද, අසාධාරණ පද්ධතිය තවමත් ඡය ගනිමින් පවතියි. ශතවර්ශ ගණනාවකටත් පසු, ආණ්ඩු ක්‍රම පද්ධතිය මගින් කළු ඡාතිකයින් ඝාතනය කොට එයින් ගැලවෙයි.

ඔබ භීතියකින්, කනස්සල්ලෙන් පසුගිය කොල්ලකෑම් තත්වයන් සහ විනාශය බලාසිටින්නට ඇති. මදක් කල්පනා කරන්න…ඔබමුතුන්මිත්තන් සටන් වැදුනු අසාධාරණ තත්වයන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු නොවීම කෙතරම් වෙහෙසකාරීද? අප දරුවන්ගේඡීවිත මෙවැනි භෟතික දේ සමඟ සංසන්දනය කළ හැකිද? වසංගත තත්ව පවා නොසලකා විරෝධය පල කිරීමට එළඹීම කොපමණ නම්කෝපයකින් වෙන්න ඇතිද?

මේ සාධක හේතු කරගෙන අපි Black Lives Matter සංවිධානයට සහයෝගය දෙමු.

කළු ඡාතිකයින්ට නින්දිත වන පරිදි කථාවෙන් හෝ ක්‍රියාවෙන් හැසිරෙන සමාඡයේ හෝ පවුලේ අයට එරෙහිව කථා කිරීමද ඔවුන් වෙනුවෙන් කරන සහයෝගයයි. නිහඬව සිටීම අසාධර‍ණයකි.

දුප්පත් කම, වසංගත, භීෂණ සහ අපරාධ මෙරටට හඳුන්වා දුන් කොටසක් ලෙසට දෝෂාරෝපණයට ලක්වෙමින්, අගතිගාමී ඇමෙරිකානු සමාඡයකට මුහුණ දෙමින් අපේ සාර්ථක අනාගතය වෙනුවෙන් කල සටනට සදාකාලිකව කෘතඤතාවය පුද කරමු.

අපේ පවුල්, අසල්වාසීන්, ඇතුළු ප්‍රඡාවේ සෑම දෙනාගේම ආරක්ෂාව තහවුරු වන තුරු අපි මේ අරගලයේ කොටස් කරුවන් වීම පැහැදිලියි. අපි බලාපොරොත්තු වන්නේ භීතියෙන් තොර ලෝකයකි. මෙය මගේත්, ඔබගේත් අනාගත බලාපොරොත්තුව බව නොඅනුමානයි.

ආදරය සහ බලාපොරොත්තුවෙන්,

ඔබේ දරුවන්

Translated by: Kamani, Suts, Hiyanthi, Charuni, Thanushi

මෙය ‘කළු ඡීවිත වැදගත්’ යන තේමාව මත ලියවුණු ලිපියේ [සිංහල] පිටපතකි, මෙම අඛන්ඩ ව්‍යාපෘතිය කළු ජාතික විරෝධයට එරෙහිව, පොදුජනතාවගේ එකමුතුවෙන් # BlackLivesMatter ව්‍යාපාරය වෙනුවෙන් කරන පරිවර්තන වල එකතුවකි. මේ ලියුම සහ පරිවර්තන විශාල මහජන සහයෝගයකින් ඔවුන්ට වැදගත්වූ කරුණක් අවංක සහ ගෞරවනීය ලෙස ඔවුන්ගේ දෙමව්පියන් සමග සාකච්ඡා කිරීමට ඇති අවශ්‍යතාවයක් මත ලියන ලදි.

--

--

Letters For Black Lives

Letters for Black Lives: An Open Letter Project on Anti-Blackness.