අපි පන්සිල් රකිමු

Chanaka Fernando
Path To Nirvana
Published in
2 min readJul 1, 2019

--

මම මෙච්චර දවසක් මගේ medium ලිපි වලින් සාකච්ඡා කළේ තාක්ෂණික කරුණු. අද ඉඳන් මම බුදු දහම මම තේරුම් ගන්න ආකාරයට අනිත් අයත් එක්ක බෙදා ගන්න අදහස් කරනවා. මම ලියන ගොඩක් දේවල් අපේ අති පුජනීය සංඝ රත්නය දේශනා කරපු දේවල්. නමුත් ඒවා මගේ වචනෙන් තමයි මම ලියන්නේ.

මේ ලඟදී දවසක මම හරිම අපූරු ධර්ම දේශනාවක් ඇහුවා අපි පන්සිල් රකින ආකාරය ගැන. මේක අපේ පුජනීය උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ පවත්වපු දේශනාවක්. ඒකෙදි හාමුදුරුවෝ දේශනා කරනවා අපි පන්සිල් රැකීම අතින් මට්ටම් 4 ක ඉන්නවා කියලා.

  • යම්කිසි දෙයක් සිදුවුන ගමන් අපිට පහළ වෙන්නේ අකුසල චේතනාව විතරයි. ඒත් එක්කම සිල් පදය කඩලා දානවා
  • අපිට අකුසල චේතනා සහ ඒක වළක්වන සිතුවිලි එනවා. හැබැයි අපි ක්‍රියාත්මක කරන්නේ අකුසලය. සිල් කඩනවා.
  • අපිට අකුසල චේතනාව එනවා. හැබැයි ඒකට වඩා ප්‍රබල කුසල සිතුවිලි ඇවිල්ලා අකුසලය වළක්වන ලෙස කටයුතු කරනවා. සිල් රකිනවා.
  • අපිට අකුසල චේතනාව එන්නෙ නැහැ. සිල් රකිනවා.

මේක අපි උදාහරණයක් අරගෙන තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු ගෙදරට පොඩි සර්පයෙක් ආවා. එතකොට අපිට හිතෙන්නෙ ඒ සත්වයා මරන්න විතරයි නම්, අපි ඉන්නේ පලවෙනි මට්ටමේ. එහෙම නැතුව අපිට සිතුවිලි එනවා නම් මූව මරණ එක හොඳ නැහැ හැබැයි වෙන කරන්න දේකුත් නැහැ කියලා අපි මරණවා නම් අපි දෙවෙනි මට්ටමේ. අපි සත්වයා මරන්න සිතුවිලි ආවත් ඒක යටපත් කරනවා නම් අපි ඉන්නේ තුන්වෙනි මට්ටමේ. සත්වයා දැක්කම මරන්න හිතෙන්නේ වත් නැත්නම් අපි ඉන්නේ 4 වෙනි මට්ටමේ.

අපි තව උදාහරණයක් ගමු තුන් වෙනි සිල් පදය ගැන. අපි හිතමු අපිට කාමයේ වරදවා හැසිරෙන්න අවශ්‍ය වට පිටාව සකස් වෙලා තියෙනවා කියල. අපි කිසිම දෙයක් හිතන්නේ නැතුව වරදට පෙලඹෙන්නේ නම් අපි ඉන්නේ 1 වෙනි මට්ටමේ. හැබැයි අපි ක්‍රියාත්මක වෙන්න කලින් ටිකක් හිතනවා මේක වරදක් කියලා හැබැයි අන්තිමට ඒක කරනවා නම් අපි ඉන්නේ 2 වෙනි මට්ටමේ. අපි ට වරද කරන්න හිතුනත් කොහොම හරි අපි ඒක නොකර ඉන්නවා නම් අපි ඉන්නේ 3 වෙනි මට්ටමේ. හැබැයි අපි ඉන්න ඕනේ තැන තමයි 4 වෙනි මට්ටම. ඒ කියන්නේ අපිට කාමයේ වරදවා හැසිරෙන්න හිතෙන්නේ වත් නැහැ.

ඉතින් මම හිතනවා මේ ආකාරයට අපිට අනිත් සිල් පද ගැනත් තේරුම් ගන්න පුළුවන්.

අපිට පුළුවන් නම් අඩුම තරමේ සිල් රැකීම අතින් 4 වෙනි මට්ටම කරා ලඟා වෙන්න ආරම්භයක් ලෙස, එතනින් ඉස්සරහට යන්න අපිට ඒක ලොකු ශක්තියක් කර ගන්න පුළුවන්. හැබැයි මේක කරන්න නම් අපි gym එකට යන්න කාළය වෙන් කරලා තියෙනවා වගේම අපේ හිත සකස් කර ගැනීමට කාළය වෙන් කරන්න ඕනේ.

පහලින් තියෙන්නෙ අපි අපේ සිත හදන්න කාළය වෙන් කර ගන්න පුළුවන් යෝජනා කීපයක්.

  • උදේට කාර්යාලය වෙත එන වෙලාවට සහ හවසට ගෙදර යන වෙලාවට එක ධර්ම දේශනාව ගානේ අහන්න
  • Facebook, Instagram පාවිච්චි කරන්න හිතෙන වෙලාවට ධර්මය සම්බන්ධ දෙයක් කියවන්න
  • රූපවාහිනී නරඹන වෙලාව ධර්ම දේශනා සවන් දෙන්න වෙන් කරන්න

හැමටම තෙරුවන් සරණයි!

--

--

Chanaka Fernando
Path To Nirvana

Writes about Microservices, APIs, and Integration. Author of “Designing Microservices Platforms with NATS” and "Solution Architecture Patterns for Enterprise"