ලාංකේය සංගීත කර්මාන්තයේ වත්මන් තත්වය

Harshadewa
Seriously Music by Colombo Music School
2 min readJul 16, 2020

State of Sri Lankan Music Industry: Analog Radio + TV performance royalties — 2020 July

This is a part #2 of the Music Copyrights Series written by Harshadewa. Check out the Part #1: Who Owns a Song to know the making of copyrights and related rights in a song.

State of Sri Lankan Music Industry: Analog Radio + TV performance royalties — 2020 July
  • ලංකාවේ TV හෝ Radio Station එකක පැයකට වාදනයවන ගීත ගණන ආසන්න වශයෙන් ගීත 6ක් ලෙස ගතහොත් සහ
  • ලංකාවේ මුළු TV සහ Radio Stations ගණන ආසන්න වශයෙන් 40ක් ලෙස ගතහොත්
  • පැයකට මෙම සියලුම Stations වල ගීත 240 ක් පමණ වාදනය කෙරෙනවා
  • ඒ අනුව දවසකට ගීත 5,760 ක්
  • මසකට ගීත 172,800 ක්
  • අවුරුද්දකට ගීත 2,073,600 ක් වාදනය වෙනවා

එනම්:

  • එක් ගීතයකට රුපියල් 50ක් (කිරි තේ එකක මිල?) කතෘභාග ගෙවුවොත් (Performance Royalties only).
  • මිනිත්තුවකට රු. 200 හෝ පැයකට රු. 12,000 හෝ දවසකට රු. 288,000 වැනි මුදලක් අපේ ලාංකේය සංගීත කර්මාන්තයට නැවත ලබාගැනීමට පුළුවන්.
  • එය මසකට රු. 8,640,000 (අසූ හය ලක්ෂයක් පමණ) හෝ අවුරුද්දකට රු. 103,680,000 (කෝටි දහයක් පමණ) වේ.
  • ඒ අනුව අප තව අවුරුදු 5ක් මේ කතෘ භාග ලබාගත්තේ නැතිහොත්, අඩුම තරමේ, රු. 518,400,000 (කෝටි පනස් එකක්) ඉදිරි අවුරුදු පහේදී අපට නැතිවීමට නියමිතයි.

සැබවින්ම 17වැනි සියවසේ සිට ලෝකයේ බොහෝ රටවල් ප්‍රකාශන හිමිකම් සහ කතෘභාග නීතිගත කර, යාවත්කාලින කර, බුක්ති විඳිමින් සිටී.

ලංකාවේ බුද්ධිමය දෙපල පනත මගින් මෙම නීති පනවා තිබුනත් (Intellectual Property Act, №36 of 2003 — Sri Lanka) එය හරි හැටි පනගැන්වී තිබේද?

“2020 අද වනවිට අප දැනටමත් අවුරුදු 200ක් ප්‍රමාද වී ඇත.”

මෙතරම් දියුණු ලෝකයක ජීවත් වන අපට, අවුරුදු 200කට අධික කාලයක් වෙනත් රටවල් පහසුවෙන් කරගෙන යන දේ කරගැනීමට තව කොපමණ කාලයක් ගතවේවිද?

සාමුහික ප්‍රයත්නයක් මගින් මෙය හරිගස්වා ගැනීමට පුළුවන් වේවි කියා අප විශ්වාස කරමු.

--

--