පහසු, ආරක්‍ෂිත සහ වේගවත් අන්තර් කාර්යාල සන්නිවේදනයක් සඳහා SMS පණිවිඩ පද්ධති

Jai Senathilake
ShoutOUT Blog in Sinhala
4 min readJun 23, 2021

කාර්යාල SMS කෙටි පණිවිඩ පද්ධතියක් යනු වර්තමානයේ කාර්යාලයකට අත්‍යවශ්‍යම දෙයකි. දැන් බොහෝ කාර්යාලවල සේවකයින් නිවසේ සිට වැඩ කරන බැවින්, කාර්යාල SMS කෙටි පණිවුඩ පද්ධතියක් භාවිතයෙන් ඔබේ වැඩ කාර්යක්ෂමව සිදු කරගත හැකි වේ. සේවකයින් භෞතික සේවා ස්ථානයට වාර්තා කළත්, හදිසි අවස්ථා වලදී නිසි සන්නිවේදන පද්ධතියක් තිබිය යුතු බවට මෑත සිදුවීම් අපට උගන්වා ඇත.

ඇත්ත වශයෙන්ම, වෘත්තිකයන්ගෙන් සියයට 80 ක් දැනට ව්‍යාපාරික අරමුණු සඳහා SMS කෙටි පණිවුඩ භාවිතා කරයි. ඒ අතරම, සේවකයින්ගෙන් සියයට 70 ක් අදහස් කරන්නේ අන්තර් කාර්යාල සන්නිවේදනය සඳහා කෙටි පණිවිඩ භාවිතා කිරීම වඩාත් සුදුසු බවයි (මූලාශ්‍රය: SHRM).

අන්තර් කාර්යාල සන්නිවේදනය සඳහා සන්නිවේදන මෙවලම් හෝ තෙවන පාර්ශවීය යෙදුම් භාවිතා කිරීම සුදුසු නොවන්නේ ඇයි?

  • සේවකයින් සමඟ සන්නිවේදනය කිරීම සඳහා ඔබට භාවිතා කළ හැකි බොහෝ කාර්යාල මෙවලම් තිබේ. නමුත් ඒ බොහෝ මෙවලම් සඳහා වෙනත් මෘදුකාංගයක් හෝ යෙදුමක් ස්ථාපනය කිරීම අවශ්‍ය වේ. ජංගම දුරකථනයේ අතිරේක ඇප් ස්ථාපනය කිරීම සාමාන්‍යයෙන් මිනිසුන් කැමති නැති දෙයකි.
  • සමාජ මාධ්‍ය යෙදුම් භාවිතයේදී කාර්යාලීය තොරතුරු තුන්වන පාර්ශවයන් අතරට යෑමට ඇති ඉඩකඩ වැඩි වේ.
  • හදිසි පණිවිඩ ලැබීමට බොහෝ දෙනෙකුට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වේ.
  • නව තාක්ෂණික මෙවලමක් ඉගෙන ගැනීම සේවකයින් හට තවත් එක් අතිරේක් කාර්යක් වේ.

තාක්ෂණික විසඳුමක් භාවිතා නොකර, දුරකතන ඇමතුම් හරහා සන්නිවේදනය කිරීම සුදුසු වේ ද?

ඉහත ඡායාරූපයේ දැකිය හැකි පරිදි, එක් එක් සේවකයාට දුරකතන ඇමතුම් හරහා පණිවිඩ ලබාදීමේදී අනවශ්‍ය කාලයක් ගතවේ. නමුත්, එක SMS පණිවිඩයක් භාවිතයෙන්, සියලු සේවකයන් එක වර දැනුවත් කිරීමට හැකිවේ.

SMS කෙටි පණිවුඩ පද්ධතියක් අන්තර් කාර්යාල සන්නිවේදනය සඳහා වඩාත් හොඳ තේරීමක් වන්නේ කෙසේද?

  • තෙවන පාර්ශවීය සන්නිවේදන යෙදුම් ස්ථාපනය කිරීමක් නොමැත. SMS යනු ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ විශේෂාංග දුරකථනයක් වේවා ඕනෑම ආකාරයක ජංගම දුරකථනයක මූලික පහසුකමක් ලෙස පැමිණෙන විශේෂාංගයක් වේ.
  • සෑම දුරකථනයකම කෙටි පණිවුඩ ලැබීම ස්වයංක්‍රීයව සිදුවේ. SMS යැවීමට සේවකයින්ට අමතර පුහුණුවක් අවශ්‍ය නොවේ.
  • අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවන නිසා ඕනෑම දුරකථනයකට ඕනෑම වේලාවක කෙටි පණිවුඩ ලැබිය හැකිවේ.
  • යැවූ සහ ලැබුණු SMS සියල්ල සෑම විටම දෙපාර්ශවයේම දුරකතන වල ඇති අතර එය සේවකයාගේ හා සේවා යෝජකයාගේ වගකීම් සහගත බව වැඩි කරයි.

කාර්යාල SMS කෙටි පණිවිඩ පද්ධතිය — ඔබට එය භාවිතා කළ හැක්කේ කුමන ආකාරයේ කාර්යාල සඳහාද?

රජයේ කාර්යාල

සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින බැවින්, කාර්යාල කෙටි පණිවුඩ යැවීමේ පද්ධතියකින් රජයේ ආයතනයකට ලැබෙන ප්‍රතිලාභ විවිධාකාර වේ. රාජ්‍ය සේවාවන් පහසුවෙන් කළමනාකරණය කිරීම සඳහා ඔබට කෙටි පණිවුඩ භාවිතා කළ හැකිය.

අඩු වියදමකින් ඔබට පහසුවෙන් දෙපාර්තමේන්තු සහ ආයතන හරහා අන්තර් සන්නිවේදනය විධිමත් හා පහසු ආකාරයකින් විධිමත් කළ හැකිය. මෙය සෑම කෙනෙකුම දැන සිටිය යුතු හදිසි දැනුම්දීම් සඳහා විශේෂයෙන් භාවිතා කළ හැකිය.

විවිධ සේවක තනතුරු හරහා සිදුවන වැඩ කළමනාකරණය කිරීම සහ යාවත්කාලීන කිරීම පහසුය.

අමතර ප්‍රතිලාභ:

රජයේ කාර්යාලවලින් මහජනයා ඉල්ලා සිටින වාර්තා, ලේඛන, සහතික යනාදිය පිළිබඳව ඉක්මනින් යාවත්කාලීන කළ හැකිය. භාර ගැනීම සඳහා ලේඛන ඇති විට ඔවුන්ට කෙටි පණිවුඩයක් යැවිය හැකිය. ඒවා ඩිජිටල් ලියකියවිලි නම්, එම ලේඛන බාගත කළ හැකි වෙබ් අඩවි ලින්ක් එකක්ද ඔවුන්ට යැවිය හැකිය.

සෞඛ්‍ය ආයතන

සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු හදිසි සන්නිවේදනය වැඩි වශයෙන් සිදුවන පද්ධතියකි. එවැනි ක්ෂේත්‍රයක් සඳහා, ඔබ SMS වැනි වේගවත් මෙන්ම විශ්වාසදායක සන්නිවේදන මාධ්‍යයක් තෝරා ගැනීම වඩාත් සුදුසුය.

SMS භාවිතයෙන් වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලය යාවත්කාලීන කිරීමට හැකි වේ.

එමෙන්ම, හදිසි තත්වයන් පිළිබඳ, අත්‍යවශ්‍ය වෛද්‍ය සහ වෙනත් තොරතුරු නියමිත වේලාවට කෙටි පණිවුඩ හරහා ආරක්ෂිතව යැවීමට හැකිවේ.

එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා කෙටි පණිවිඩ යැවීම තවත් අවස්ථාවකි. කෙටි පණිවුඩ මගින් ලියාපදිංචි කිරීමේ සම්බන්ධතා, එන්නත් තොරතුරු යනාදිය යැවීමෙන් මහජනතාවට එන්නත් කිරීමේ වැඩසටහන් කාර්යක්ෂමව සංවිධානය කිරීමට හැකි වේ.

අමතර ප්‍රතිලාභ:

වෛද්‍ය හමුවීම් තහවුරු කිරීම්, විස්තර, අවලංගු කිරීම්, මතක් කිරීම් යනාදිය රෝගීන්ට නියමිත වේලාවට යවන්න. ගෙවීම් පහසුවෙන් සිදු කිරීම සඳහා ඔබට අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමට ලින්ක් යැවිය හැකිය.

වෛද්‍ය සායනවලින් හෝ රසායනාගාරවලින් වෛද්‍ය වාර්තා ලබා ගත හැකි විට කෙටි පණිවුඩ මගින් රෝගීන් යාවත්කාලීන කරන්න.

සෞඛ්‍ය සේවා අංශයේ කෙටි පණිවුඩ දැනුම්දීම් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්න.

වෘත්තියමය සේවා

මානව සම්පත් සහ සමාගම් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම් පිළිබඳ සේවකයින් යාවත්කාලීන කරන්න.

කෙටි පණිවුඩ දැනුම්දීම් භාවිතා කර හදිසි දැන්වීම් යවන්න.

හදිසි අවස්ථා, උපකරණ අක්‍රීය වීම ආදී අවස්ථා වලදී SMS භාවිතා කර අත්‍යවශ්‍ය සේවකයන් දැනුවත් කිරීමට හැකිවේ.

සතිපතා / දිනපතා රැස්වීම් සහ සම්මන්ත්‍රණ ඇමතුම් ඔවුන්ට දන්වන්න.

කාර්යාලයෙන් පිටත සේවය කරනා සේවකයින් සමඟ පහසුවෙන් සන්නිවේදනය කරන්න.

අමතර ප්‍රතිලාභ:

බැංකුකරණය වැනි සේවාවන් සඳහා, ගනුදෙනුකරුවන්ට ණය සහ හර ගනුදෙනු ක්ෂණිකව හා ආරක්ෂිතව තහවුරු කිරීම සඳහා ඔබට කෙටි පණිවිඩ භාවිතා කළ හැකිය.

ඔබට කෙටි පණිවුඩ හරහා ආරක්ෂිතව OTP (One Time Password) යැවිය හැකිය.

අධ්‍යාපන ආයතන

පාසල්, විශ්ව විද්‍යාල, ඉගැන්වීමේ සේවා යනාදියට ද සේවකයින් අතර පහසුවෙන් සන්නිවේදනය කිරීම සඳහා කෙටි පණිවුඩ භාවිතා කළ හැකිය.

හදිසි වසා දැමීම් සහ කාලසටහන් වෙනස් කිරීම පිළිබඳ කාර්ය මණ්ඩලය යාවත්කාලීන කරන්න.

කාර්ය මණ්ඩල රැස්වීම් පිළිබඳව ගුරුවරුන්ට දැනුම් දෙන්න.

අමතර ප්‍රතිලාභ:

සිසුන්ගේ ප්‍රගතිය පිළිබඳව දෙමාපියන් සහ සිසුන් සමඟ සන්නිවේදනය කරන්න.

අධ්‍යයන ගාස්තු ගෙවිය යුතු දිනයන් පිළිබඳව සිසුන්ට මතක් කරන්න.

අධ්‍යාපන ආයතන සහ උපදේශකයින් සඳහා ඔබට කෙටි පණිවුඩ භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ වැඩිදුර කියවන්න.

අවසාන වශයෙන්, අන්තර් කාර්යාල සන්නිවේදනය සඳහා ආයතනයක් ලෙස ඔබට ක්‍රියාත්මක කළ හැකි පහසුම, ඉක්මන්, වඩාත්ම ආරක්‍ෂිත මෙන්ම ලාභදායී සන්නිවේදන ක්‍රමයක් ලෙස SMS හඳුන්වා දිය හැකිවේ. ShoutOUT අපගේ කෙටි පණිවුඩ මෙවලම හරහා විශ්වාසදායක සේවාවක් සමඟ ලාබදායී SMS පැකේජ ලබා දෙයි. ඔබගේ ආයතනය සඳහා නොමිලේ ගිණුමක් දැන්ම ආරම්භ කරන්න.

--

--