අධ්‍යාපන ආයතන සහ උපදේශකයින් සඳහා SMS කෙටි පණිවුඩ — සිසුන්ට සහ දෙමාපියන්ට පණිවිඩ යවන ආකාරය

Jai Senathilake
ShoutOUT Blog in Sinhala
5 min readAug 19, 2021

විශේෂයෙන් මේ දිනවල ඉගැන්වීම් සහ ඉගෙනීම් සියල්ලම පාහේ අන්තර්ජාලය හරහා සිදු වේ. පාසැල් හා අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල, පෞද්ගලික උපදේශකයින්, සියලු දෙනා නිතර මුහුණ දෙන පොදු ප්‍රශ්නයකි, ඉක්මනින් හා පහසුවෙන් සිසුන් ට පණිවිඩ යැවීම.

මීට පෙර භෞතිකව, මුහුණට මුහුණලා, පන්තියේදී කළ සියල්ල දැන් දුරස්ථව, online සිදු කළ යුතුය. එම නිසා, සිසුන්, කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ ගුරුවරුන් සමග සන්නිවේදනය කිරීම සඳහා විකල්ප සන්නිවේදන ක්‍රමයක් සඳහා අවශ්‍යතාවය පැන නැගී ඇත.

සිසුන් හා දෙමාපියන් සමඟ සන්නිවේදනය කිරීමට SMS කෙටි පණිවිඩ භාවිතා කළ යුත්තේ ඇයි?

සරලවම කියනවානම්, එය ඕනෑම කෙනෙකු සමඟ කතා කිරීමට පහසුම ක්‍රමය වන බැවිනි! මිනිසුන්ට සෑම විටම දුරකථන ඇමතුම්වලට පිළිතුරු දිය නොහැක. එබැවින් පණිවිඩයක් මග හැරීමේ අවස්ථාව වැඩි ය. ඔවුන් පිළිතුරු දුන්නද, ඔවුන් වෙනත් වැඩ වල නිරත වන අතර පණිවිඩය වැරදියට වටහා ගැනීමට ඉඩ ඇත. ඊට සාපේක්ෂව, SMS පණිවුඩ අවශ්‍ය ඕනෑම වේලාවක බැලීම සඳහා දුරකථනයේ ගබඩා වී තිබේ.

ඊමේල්, සමාජ මාධ්‍ය හෝ අනෙකුත් ඇප් භාවිතා නොකරන්නේ මන්දැයි ඔබට ඇසිය හැකිය.

කෙටියෙන් කියනවානම්, ඕනෑම මාදිලියේ දුරකථනයකට SMS ලබා ගැනීමට හැකිවේ. නමුත්, ඊමේල් හෝ ඇප් මගින් සන්නිවේදනය කිරීම සඳහා සෑම විටම ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය වේ. අන්තර්ජාල සම්බන්ධතා සැමවිටම ස්ථාවර නොවේ.

සිසුන්ට සහ දෙමාපියන්ට පණිවිඩ යැවීමට SMS පණිවිඩ භාවිතා කරන්නේ කෙසේද?

ඔබේ පාසල, අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාලය හෝ පුද්ගලික පන්තිවල ඕනෑම ආකාරයක පණිවිඩ යැවීම සඳහා ඔබට SMS කෙටි පණිවිඩ භාවිතා කළ හැකිය. හොඳම දේ නම්, ඔබේ සම්බන්ධතා සියයක් හෝ දහසක් වෙත පණිවිඩ යැවීමට ඔබට අවශ්‍ය වන්නේ එක් SMS කෙටි පණිවිඩයක් පමණි.

සිසුන්ට SMS හරහා online class links යවන්න

සිසුන් සිය ගණනක් Zoom හෝ Google Meet පන්තියකට ඇතුළත් කිරීම පහසු නැත. නමුත්, SMS කෙටි පණිවිඩයක් හරහා class link යැවීමෙන් ඔබට එම ක්‍රියාවලිය පහසු කළ හැකිය. සිසුන්ට ද, මෙයා ඉතා පහසු ක්‍රමයක් වේ. හේතුව, පන්ති පිළිබඳ සියලු විස්තර ලබා ගැනීමට ඔවුන්ට අමතර ඇප් එකක් ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය නොවීමයි.

කාලසටහන් වෙනස් කිරීම් සහ පන්ති අවලංගු කිරීමේ දැනුම්දීම් යවන්න

හැකි ඉක්මනින් පන්ති කාලසටහන් වෙනස්වීම් සහ හදිසි අවලංගු කිරීම් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. ශිෂ්‍යයාගේ හෝ දෙමව්පියන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවය ක්‍රියා විරහිත කර හෝ ක්‍රියා නොකරන වේලාවක ඔබ වෙනත් පණිවුඩකරණ යෙදුමක් භාවිතා කරන්නේ නම්, එම පණිවිඩය නොලැබේ. මෙය දෙපාර්ශවයටම බොහෝ අපහසුතාවන්ට හේතු විය හැකිය. පහසුම හා ඉක්මන්ම ක්‍රමය SMS කෙටි පණිවිඩයකි.

නව පාඨමාලා සඳහා ඇතුළත් වීම සහ ගාස්තු මතක් කර යවන්න

සිසුන්ට සහ දෙමාපියන්ට නියමිත දින වකවානු අතපසු නොවීමට හා ගෙවීම් ප්‍රමාද නොවීම සඳහා SMS කෙටි පණිවුඩ යවන්න. එපමණක්ද නොව, ඔබට එකම SMS කෙටි පණිවුඩ දැනුම්දීමක් හරහා ලියාපදිංචි වීමට හෝ ගෙවීම් කිරීමට අවශ්‍ය online ලින්ක් ඇතුළත් කළ හැකිය.

නොපැමිණීම, ශිෂ්‍ය ප්‍රගතිය, ප්‍රශ්න සහ තවත් බොහෝ දේ ගැන දෙමාපියන්ට දැනුම් දෙන්න

දෙමව්පියන්ගේ රැස්වීම් සඳහා දෙමාපියන්ට තවදුරටත් පාසලට යා නොහැක. එනිසා, සිසුන්ගේ ප්‍රගතිය සහ පන්ති නොපැමිණීම පිළිබඳව SMS කෙටි පණිවිඩ මගින් දෙමාපියන්ට දැනුම් දිය හැකිය.

මේවා ඔබට සිසුන්ට සහ දෙමාපියන්ට පණිවිඩ යැවීමට SMS කෙටි පණිවුඩ භාවිතා කළ හැකි අවස්ථා කිහිපයක් පමණි. පාසල් හෝ මූලික වශයෙන් අධ්‍යාපන සම්බන්ධ ඕනෑම ආයතනයක් සඳහා bulk SMS කෙටි පණිවුඩ සේවා භාවිතයෙන් ඔබට තවත් බොහෝ දේ කළ හැකිය.

සිසුන් සහ දෙමාපියන් සමඟ සන්නිවේදනය පහසු සහ ඉක්මන් කළ හැකි bulk SMS කෙටි පණිවුඩ විශේෂාංග

“මගේ සිසුන්ට SMS කෙටි පණිවුඩ යැවිය හැකිද?”

මෙය ඔබට Facebook groups වල සහ online දැකිය හැකි පොදු ප්‍රශ්නයකි.

ඔව් ඔබට පුළුවන්!

ShoutOUT වැනි bulk SMS කෙටි පණිවුඩ සේවාවක් සමඟ, ඔබට සිසුන්ට, දෙමාපියන්ට හෝ ඔබට අවශ්‍ය ඕනෑම කෙනෙකුට SMS පණිවිඩ යැවිය හැකිය.

විවිධ සිසුන් / දෙමාපියන් කණ්ඩායම් වෙත කෙටි පණිවුඩ යවන්න

භෞතික විද්‍යා දේශන තොරතුරු පිළිබඳ ඉතිහාස සිසුන්ට යැවීමේ කිසිදු තේරුමක් නැහැ නේද? එය කාලය නාස්තියක් පමණක් නොව මුදල් ද නාස්තියකි. එමෙන්ම, එවැනි අදාළ නොවන SMS කෙටි පණිවුඩ අඛණ්ඩව ලැබෙන සිසුන්ට එය කරදරයක් වනු ඇත.

SMS කණ්ඩායම් ප්‍රයෝජනවත් වන ස්ථානය මෙයයි. ඔබේ සිසුන්, දෙමාපියන් හෝ සම්බන්ධතා ලැයිස්තුවේ සිටින ඕනෑම කෙනෙකුට ඔබට අවශ්‍ය තරම් කණ්ඩායම් වලට බෙදිය හැකිය: උදා: භෞතික විද්‍යාව 101, අවසන් වසර සිසුන්, දෙමාපියන්. එලෙස contacts වෙන් කර, අවශ්‍ය SMS පණිවිඩය අවශ්‍ය පුද්ගලයන්ට පමණක් යැවිය හැකිවේ.

ස්ව්‍යංක්‍රීයව පසුව යැවීම සඳහා කලින් දිනය සහ වේලාව සකස් කර තබන්න

ඔබට සෑම දිනකම හෝ සතියකම පන්ති මතක් කිරීමේ පණිවිඩ භාවිතා කිරීමට අවශ්‍ය නම් මෙය කදිම විශේෂාංගයකි.

පණිවිඩ යැවීම (send) පමණක් නොව, ලැබීමටද (receive) හැකියාව ඇත — two way messaging

බොහෝ bulk SMS ටූල්ස් වල ඔබට හැකියාව ඇත්තේ SMS යැවීමට පමණයි. නමුත්, ShoutOUT SMS ටූල් හි, ඔබට අවශ්‍ය නම් යවන SMS වලට ඔබේ සිසුන්ට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට පෙරළා ඔබට පිළිතුරු SMS එවීමට හැකිවන පරිදි සැකසිය හැකි වේ. මේ ආකාරයෙන්, සිසුන් හා දෙමාපියන් සමඟ ඉක්මනින් හා පහසුවෙන් සන්නිවේදනය කිරීම ඔබට පහසු කරයි.

ඔබේ ආයතනයේ නමින් හෝ ඒ සඳහාම වෙන්වූ දුරකථන අංකයකින් SMS යවන්න

ඔබේ ආයතනයේ නමින් හෝ ඒ සඳහාම වෙන්වූ දුරකථන අංකයකින් SMS යවන විට, ඔබේ SMS හඳුනාගැනීමට පහසුයි. එවිට, ඔබේ ශිෂ්‍යයන් හෝ දෙමාපියන් නිසැකවම ඔබගේ පණිවිඩ කියවනු ඇත. ShoutOUT මගින්, ඔබට ඉලක්කම් 10 ක අංකයක් හෝ අක්ෂර 11 ක හෝ ඊට අඩු, ආයතන නමින් Sender ID එකක් ලබා ගත හැකිය.

එකවර unlimited numbers ගණනකට SMS කෙටි පණිවිඩ යවන්න

පණිවුඩකරණ යෙදුම් / ඇප් හරහා bulk SMS කෙටි පණිවුඩ භාවිතා කිරීමේ දී විවිධ සීම පැනවේ. එවිට ඔබට අවශ්‍ය ලෙස විශාල පිරිසකට එක වර පණිවිඩ යැවීමට නොහැකිවේ. තවද, එවැනි ඇප් වල groups සෑදිමේදීද විවිධ සීමා තිබේ. උදාහරණයක් ලෙස, වට්ස්ඇප් group එකක් සාමාජික සංඛ්‍යාව 256 දක්වා සීමා කරයි. එමෙන්ම, විශාල ගෲප් ප්‍රමාණයක් තිබෙන නිසා පණිවිඩ නිසි ලෙස නොබැලීමේ ප්‍රවණතාවයක්ද තිබේ. මෙය පාසලකට, විශ්ව විද්‍යාලයකට හෝ විශාල අධ්‍යාපන ආයතනයකට ප්‍රමාණවත් නොවේ. ප්‍රායෝගිකද නොවේ. කෙසේ වෙතත්, ShoutOUT SMS tool එක සමඟ, ඔබට අසීමිත සංඛ්‍යාවකට SMS කෙටි පණිවිඩයක් යැවිය හැකිය.

පාසල්, විශ්ව විද්‍යාල, අධ්‍යාපන ආයතන සහ පෞද්ගලික උපදේශකයින් සඳහා ShoutOUT SMS Tool

සෞඛ්‍යාරක්ෂාව, බැංකුකරණය වැනි වෙනත් බොහෝ සේවාවන් online ක්‍රමයට අනුගත වී ඇති අතර ඔවුන්ගේ SMS receivers, එනම්, රෝහලක නම් රෝගීන් හා කාර්ය මණ්ඩලය, බැංකු ආයතයනයක නම් එහි සේවාලභීන් හා කාර්ය මණ්ඩලය, සමඟ සන්නිවේදනය කිරීම සඳහා SMS කෙටි පණිවුඩ භාවිතා කරයි. ලෝකයේ වර්තමාන තත්වයත් සමඟ, online ඉගෙනීම සහ ඉගැන්වීම සෑම තැනකම හදිසි වැඩිවීමක් දක්නට ලැබුණි. තවද, මා කලින් සඳහන් කළ පරිදි, මෙය ඉදිරියටත්, තව දුරටත් වර්ධනය වනු ඇත.

මෙයින් අදහස් කරන්නේ, අධ්‍යාපන ආයතන සහ උපදේශකයින් වශයෙන් ඔබත් මෙම පූර්ණ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (fully online education system) තුළ ක්‍රියා කිරීමට සූදානම් විය යුතු බවයි. එපමණක් නොව, ඔබේ ශිෂ්‍ය පිරිස වර්ධනය වන විට, ඔවුන් සියල්ලන් සමඟ කළමනාකරණය කිරීම හා සන්නිවේදනය කිරීම තවත් අපහසු වේ. ආරම්භයේ සිටම අවශ්‍ය මෙවලම් / tools වලට ඔබ හුරු වීමට පටන් ගත් විට එය වඩාත් පහසු වේ.

ඉතින්, දැන් ඔබ bulk SMS විශේෂාංග සහ ශිෂ්‍යයන් සහ දෙමාපියන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා SMS කෙටි පණිවුඩ භාවිතා කළ හැකි ආකාර පිළිබඳ දැනුවත් වී සිටින නිසා, පාසල්, විශ්ව විද්‍යාල, පෞද්ගලික උපදේශකයින් සහ වෙනත් ආශ්‍රිත ආයතන සඳහා පහසුම bulk SMS කෙටි පණිවුඩ tool එක වන ShoutOUT SMS tool එක භාවිතා කර ලබන්න.

නොමිලේ ලියාපදිංචී වීමට / ගිණුමක් ආරම්භ කිරීමට — https://getshoutout.com/signup

--

--