එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා SMS කෙටි පණිවිඩ

Jai Senathilake
ShoutOUT Blog in Sinhala
4 min readJun 15, 2021

එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා SMS කෙටි පණිවිඩ යැවීම මහත් උනන්දුවක් දක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙයට හේතුව ලොව පුරා බොහෝ රටවල් COVID19 සඳහා එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබීමයි. ඇත්ත වශයෙන්ම, පළමු හා දෙවන මාත්‍රාවල එන්නත් අනුපාතය වැඩි කිරීමට කෙටි පණිවිඩ හොඳ ක්‍රමයකි. එන්නත් කිරීමේ වැඩ පිළිවෙල වඩාත් හොඳින් සංවිධානය කිරීමට කෙටි පණිවුඩ නොහොත් SMS පැහැදිලි මෙන්ම පහසුම විසඳුම බවට පත්ව ඇත. වඩාත් නිවැරදිව කිවහොත්, ඊමේල් හි 20% විවෘත අනුපාතය (open rate) හා සසඳන විට කෙටි පණිවුඩයේ විවෘත අනුපාතය 98% කි.

ඔබට සම්පූර්ණ එන්නත ක්‍රියාවලිය සඳහා කෙටි පණිවිඩ භාවිතා කළ හැකිය. ලියාපදිංචියේ සිට පුද්ගලයන්ට තොරතුරු යැවීම දක්වා මෙය අදාළ වේ.

එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවලිය සඳහා කෙටි පණිවිඩ යැවීම

එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවලිය සඳහා කෙටි පණිවිඩ
එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා SMS කෙටි පණිවිඩ

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු, අවශ්‍ය සියලු තොරතුරු ShoutOUT SMS මෙවලමෙහි ඇත. එබැවින් ඔබට අවශ්‍ය පරිදි කෙටි පණිවුඩ යැවීම ආරම්භ කළ හැකිය.

පළමු එන්නත මාත්‍රාව සඳහා කෙටි පණිවිඩ යැවීම

එක් එක් පුද්ගලයාට ඔවුන්ගේ පළමු මාත්‍රාව සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ඇතුළත් කර එකවර සියලු දෙනාට SMS යැවීමට හැකිවේ. මෙම තොරතුරු වලට එක් එක් පුද්ගලයාගේ පුද්ගලික හැඳුනුම් අංකය, දිනය, වේලාව සහ ස්ථානය, හමුවීමේ අංකය ඇතුළත් කිරීමට හැකිය.

එන්නත් කිරීමේ විස්තර සඳහා SMS
එන්නත් කිරීමේ විස්තර සඳහා SMS

පළමු එන්නත් මාත්‍රාව පිළිබඳව මතක් කිරීම

එක් එක් පුද්ගලයාගේ එන්නත් කිරීමේ වේලාවට දිනකට හෝ පැය කිහිපයකට පෙර මතක් කිරීමේ කෙටි පණිවුඩයක් යැවීමෙන් ඔබට නොපැමිණීම් අඩු කර ගත හැකිය.

දෙවන මාත්‍රාව සඳහා කෙටි පණිවිඩය

ඉහත ආකරයෙන්ම ඔබට දෙවන මාත්‍රාව ලබා ගැනීම පිළිබඳවද සියලු දෙනාට SMS හරහා දැනුම් දීමට හැකිවේ

එන්නත්කරණය සඳහා පහසුවෙන් කෙටි පණිවිඩ පණිවිඩ යවන්නේ කෙසේද?

ShoutOUT SMS මෙවලම
ShoutOUT SMS මෙවලම

ShoutOUT SMS මෙවලම භාවිතයෙන්, ඔබට පහසුවෙන් මෙම කෙටි පණිවිඩ දැනුම්දීම් සියල්ලම යැවිය හැකිය. එහිදී ඔබට එක් එක් පුද්ගලයාට ගැලපෙන පරිදි පුද්ගලීකරණය කළ (personalized and customized) SMS පණිවිඩ තොග (bulk SMS) වශයෙන් යැවිය හැකිය. ඉහත රූපයේ ඔබට දැකිය හැකි පරිදි, ඔබට විවිධ පුද්ගල කණ්ඩායම් (contacts groups) නිර්මාණය කළ හැකිය. උදාහරණයක් ලෙස, ඒවා “පළමු මාත්‍රාව — (ප්‍රදේශයේ නම)”, “දෙවන මාත්‍රාව — (එන්නත් කරන ස්ථානය)”, යනාදිය විය හැකිය. ShoutOUT හි පුද්ගලයන් කණ්ඩායම් වලට බෙදීමේ අංගය (segmentation) භාවිතා කරමින්, ඔබට අවශ්‍ය සියලුම ලියාපදිංචි පුද්ගලයින් විවිධ කණ්ඩායම් වලට වර්ග කළ හැකිය. මේ ආකාරයෙන්, ඔබට මුළු ක්‍රියාවලිය පුරාම ඒවා පහසුවෙන් කළමනාකරණය කළ හැකිය. එමගින් අදාළ SMS අදාළ පුද්ගලයින් කණ්ඩායමට පමණක් යැවිය හැකිය.

එපමණක්ද නොව, ඔබට අදාල දුරකතන අංකය ට යවන SMS එකෙහි එක් එක් පුද්ගලයාගේ නම ඇතුලත් කිරීමට හැකිවේ. තවද, එක් එක් පුද්ගලයාට අනුව SMS එකෙහි වෙනස් විය යුතු තොරතුරු, උදාහරණයක් ලෙස එන්නත් කිරීමේ අංකය සහ වේලාව ආදිය, අදාළ SMS එකට ස්ව්‍යංක්‍රීයව එකතු කිරීමේ හැකියාවද ShoutOUT SMS මෙවලමෙහි ඇතුලත් වේ.

එපමණක්ද නොව, සියලු කෙටි පණිවුඩ Templates ලෙස ShoutOUT SMS මෙවලෙමෙහි save කර තබා, පසුව නැවතත් අවශ්‍ය වාර ගණනක්, අවශ්‍ය නම් වෙනස් කම් සිදු කොට, භාවිතා කිරීමට හැකිය.

Shoutout Messaging Platform හරහා ඉහත සඳහන් කළ සියලුම අංග මෙන්ම ඔබට භාවිතා කළ හැකි තවත් විශේෂාංග පරීක්ෂා කිරීමට පහත රූපය දෙස බලන්න.

ShoutOUT SMS මෙවලම
ShoutOUT SMS මෙවලම

එන්නත් කිරීමේ ක්‍රියාවලිය සඳහා SMS පණිවිඩ යැවීම තෝරා ගත යුත්තේ ඇයි?

එන්නත්කරණ වැඩසටහන් සඳහා SMS භාවිතා කිරීමේ වාසි
එන්නත්කරණ වැඩසටහන් සඳහා SMS භාවිතා කිරීමේ වාසි

සාමන්‍ය ආකාරයෙන් එන්නත්කරණ වැඩසටහන් සංවිධානය කිරීමේදී, ඔබට දිගු පෝලිම්වල මිනිසුන් තබා ගැනීමට සිදුවනු ඇත. ලියාපදිංචිය සහ එන්නත ඇතුළු සියලුම ක්‍රියාවලීන් සඳහා මෙය අදාළ වේ. මෙය ඔබේ වෛද්‍ය ආයතනයට පමණක් නොව පැමිණෙන පුද්ගලයින්ටද සෞඛ්‍ය අවදානමක් ගෙන එයි. විශාල පුද්ගලයින් සංඛ්‍යාවක් සමග ගණුදෙනු කිරීමේදී සහ ඔවුන්ගේ දත්ත සටහන් කරගැනීමේදී ඇතිවීමට හැකි අතපසුවීම්ද බොහෝ වේ. එපමණක් නොව, සඳහා අනවශ්‍ය කාලයක්ද වැයවේ.

එසේ නොමැතිව, ඔබ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා කෙටි පණිවිඩ භාවිතා කළහොත් ඔබට මෙම සියලු සෘණාත්මක කරුණු ඉවත් කළ හැකිය.

සියලු පුද්ගලයින්ට රෝහලට හෝ වෛද්‍ය ආයතනයට නොගොස් ලියාපදිංචි විය හැකිය. ඔබට ඔවුන්ගේ විස්තර කාර්යක්ෂමව හා නිවැරදිව සටහන් කරගත හැකිය. ඔබ එක් එක් පුද්ගලයාට ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති කාල පරාසය කලින් දැනුම් දී තිබීම නිසා, එන්නත්කරණ දිනයේදී පෝලිම් ද නැත.

ඔබ COVID19 හෝ ඕනෑම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් වන වෛද්‍ය ආයතනයක්ද? ඔබේ ආයතනයේ එන්නත් කිරීමේ වැඩසටහන සඳහා කෙටි පණිවිඩ යැවීම සඳහා, ShoutOUT වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කිරීමට ලියාපදිංචි වන්න. වැඩි විස්තර දැන ගැනීමට, කරුණාකර 076 617 3344 හරහා අප හා සම්බන්ධ වන්න.

--

--