SMS Alerts for Woocommerce Customers- සම්පූර්ණ මාර්ගෝපදේශය

Jai Senathilake
ShoutOUT Blog in Sinhala
4 min readJul 22, 2021

ඔබ woocommerce ව්‍යාපාරික වෙබ් අඩවියක් තිබෙන අයෙක් හෝ woocommerce ව්‍යාපාරික වෙබ් අඩවියක් ආරම්භ කිරීමට සැලසුම් කරන අයෙක් ද? ඔබේ ගනුදෙනුකරුවන් සඳහා කෙටි පණිවුඩ දැනුම්දීම් භාවිතා කරන්නේ කෙසේද යන්න හෝ ගනුදෙනුකරුවන්ට SMS යවන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබ දැනුවත් ද? මෙම ලිපිය ඔබගේ සියලු ප්‍රශ්න සඳහා උපකාරී වේවි.

ව්‍යාපාර සන්නිවේදනය සඳහා SMS භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට පෙර, ඔබේ woocommerce ව්‍යාපාරය සඳහා SMS කෙටි පණිවුඩ භාවිතා කරන්නේ කෙසේදැයි මම ඔබට පෙන්වන්නම්.

සිල්ලර වෙළඳසැලක්, ඇඳුම් සාප්පුවක් හෝ අවන්හලක් / ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් (food delivery service) වැනි ඕනෑම ව්‍යාපාරයක, ගනුදෙනුකරුවකු විසින් සිදු කරනු ලබන විවිධ පියවර තිබේ.

1. ඇණවුමක් මිලට ගැනීම / තැබීම (Order Placement)

2. ඇණවුම් තහවුරු කිරීම (Order Confirmation)

දුරකථන ඇමතුම් හෝ ඊමේල් නොමැතිව, ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ඇණවුම සාර්ථකදැයි විමසීමට හැකිවේ

3. ඇණවුම් සැකසුම් (Order Processing)

ඇණවුම සැකසෙන බවට ඔබේ පාරිභෝගිකයා දැනුවත් කරන්න. මෙය ඇණවුම් තත්ත්වය පිළිබඳව විමසන බොහෝ දුරකථන ඇමතුම් අඩු කරයි.

4. ඇණවුම් යැවීම (Order Dispatch)

ඇණවුම් භාර දීමේ කිසිදු අපහසුතාවයක් ඇති නොවනු ඇත. ඔබේ ගනුදෙනුකරු ඇණවුම භාර ගැනීමට පහසු වන ආකරයට ඔවුන්ගේ දවසේ වැඩ කටයුතු සැලසුම් කරනු ඇත. එමඟින් බෙදාහැරීමේ පුද්ගලයාටද පහසු වේ.

5. ඇණවුම් භාරදීම (Order Delivery)

6. ඇණවුම පිළිබඳ ගනුදෙණු කරුගේ ප්‍රතිචාර (Customer Feedback)

ඇණවුම ලබා දෙන විට ඔබට සහ පාරිභෝගිකයාට සහතික වීම සැමවිටම හොඳයි. එමගින්, යම් ගැටළුවක් ඇත්නම්, එය නිරාකරණය කිරීම පහසුවේ. එපමණක්ද නොව, ඔබේ නිෂ්පාදන පිළිබඳ පාරිභෝගිකයාගේ ප්‍රතිචාරය එකම කෙටි පණිවුඩයක් හරහා ලබා ගත හැකිය.

Woocommerce සඳහා SMS හොඳම විසඳුම වන්නේ ඇයි?

වෙනත් සන්නිවේදන ක්‍රමයකට වඩා SMS කෙටි පණිවුඩ ඉක්මන් වේ.

පාරිභෝගිකයින්ට තෙවන පාර්ශවීය App බාගත (download) කිරීම අවශ්‍ය නොවේ

පාරිභෝගිකයින්ට ස්මාර්ට් ජංගම දුරකථන අවශ්‍ය නොවේ

ඔවුන්ගේ ඇණවුමේ තත්වය පරීක්ෂා කිරීමට පාරිභෝගිකයින්ට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවේ (විද්‍යුත් තැපැල් (email) දැනුම්දීම් හා සසඳන විට)

සරලව කිවහොත්, SMS කෙටි පණිවුඩ දැනුම්දීම් වේගවත් සහ පහසු වේ!

Woocommerce SMS සකස් කරන්නේ කෙසේද

පියවර 1

1. පළමුව, ඔබේ වර්ඩ්ප්‍රෙස් (WordPress) ගිණුමට පිවිසෙන්න.

2. ඉන්පසු toolbar තීරුවේ ඇති “Plugins” මත ක්ලික් කරන්න.

3. ඊළඟට pop-up tab හි “ShoutOUT” යන්න ටයිප් කර search කරන්න. එවිට ඔබට “ShoutOUT SMS for Woocommerce” plug-in එක සොයාගත හැකිය.

4. ඔබගේ ගිණුමට plug-in එක ස්ථාපනය (install) කිරීමට “Install Now” ක්ලික් කරන්න.

(ShoutOUT plug-in එක install කිරීමට පෙර ඔබ woocommerce install කර තිබිය යුතුය)

පියවර 2

plug-in එක install කළ පසු, plug-in එක සක්‍රිය කිරීමට “Activate” මත ක්ලික් කරන්න.

පියවර 3

සක්‍රිය කිරීමෙන් පසු plug-in එක configure කිරීමට “Configure” මත ක්ලික් කරන්න

පියවර 4

  1. API key එක ඇතුළත් කරන්න.

*API key එක ලබා ගැනීමට ඔබගේ ShoutOUT ගිණුමට ලොග් වී “Profile” මත ක්ලික් කර API key ලබාගන්න

2. නව ඇණවුම් පිළිබඳ SMS alerts ලබා ගැනීම සඳහා admin ජංගම දුරකථන අංකය රටේ කේතය (country code) සමඟ ඇතුළත් කරන්න.

(* අත්‍යවශ්‍ය නොවේ — පරිපාලකයාට නව ඇණවුම් සඳහා SMS alerts ලැබීමට අවශ්‍ය නම්)

3. ඉන්පසු ඔබට SMS alerts සක්‍රීය කිරීමට අවශ්‍ය, පාරිභෝගිකයාගේ ඇණවුම් තත්ත්වයන් මත ක්ලික් කරන්න.

4. අවසාන වශයෙන් SMS කෙටි පණිවුඩ අන්තර්ගතය පුරවන්න.

ඔබට දැන් ඔබේ වර්ඩ්ප්‍රෙස් උපකරණ පුවරුවේ (WordPress dashboard) දැකිය හැකි පරිදි, ඔබට විවිධ අවස්ථා වලදී ගනුදෙනුකරුවන්ට SMS යැවිය හැකිය.

ඔබේ ගනුදෙනුකරුවන් ඔබ කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න පෙන්වන්න! ShoutOUT සමඟ SMS යැවීමට ආරම්භ කරන්න. ඔබේ woocommerce plugin සැකසීමේදී ඔබ කිසියම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම් හෝ මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර ShoutOUT අමතන්න.

--

--