අපූරු ඉස්කෝලේ මහත්තයා — ටීපෝ එක

Siri Shamendra
සංදේශය
Published in
2 min readMay 5, 2020

සත්‍ය කතා කිහිපයක් ඇසුරින්...

© ගොළු තාත්තා රුපවාහිනී ටෙලියෙන්

“මල්ලී මං යනවා වැලිගම ඉස්ටෙෂන් එකට. අම්මට කියන්න මං ගියා කියල”.

අලුත්ම හම්බර් වර්ගයේ බයිසිකලයේ ඉස්ටෑන්ඩ් එක අකුලා ගත් ඔහු එහි වූ බයිසිකලයටම ඇමිනු බාස්කට්එකේ තවත් බෑගයක් ඔබා ගනිමින් කිවේය.

අඩ හෝරාවකින් පමණ නිවසට පැමිණි හෙතෙම ගෙට ගොඩවූයේ අම්මාගෙන් කහට කෝප්පයක්ද ඉල්ලමිනි. “මොකෝ අය්යේ ඉස්ටෙෂන් එකට ගියේ හදිසියෙම?”

“ම්ම්හ් ඔය සයිකලේ පිටිපස්සේ පොඩි ටීපෝ කැල්ලක් ඇති. බලන්නත් බැරි උනා. පෝර උරයක් කපල බැඳලා පටවල තියෙන්නේ.”

ඒ ඔහු කලින් සේවය කල ඉතාම දුෂ්කර වූ හල්දුම්මුල්ල ග්‍රාමවාසින්ගෙන් ලැබූ තුටු පඬුරුය. හොඳම වර්ගයේ ලී වලිං කැටයම් කපා නිමවූ එහි කකුල් සිංහ කකුල් මෙන් හැඩ ගස්වා තිබුණි. නිහතමානී ගති පැවතුම් වලින් හෙබි ඔහු ලාබාල අවධියේම ගුරු වෘත්තියට අවතීර්ණ වූයේ ඉගෙනීමට මෙන්ම ඉගැන්වීමටද වූ දක්ෂතාවය නිසාමය. ඒ නවසිය හැටේ දශකය සහ ආශ්‍රිත කාලයයි. ලද පළමු පත්වීමෙන්ම කැළෑ මල් රැසකට පිපිමට අවැසි හිරු එලිය වූ යේය. නැවත ඔහු දෙවන පත්වීමෙන් මාරුවක් ලබා එන විට මුලින් තම ළමයින් පාසල් යැවීමට විරුද්ධවූ ගම්මුන් ඔහු එම පාසැලෙන් වෙනත් පාසැලකට යනවාට විරුද්ධ විය.

දිනක් අප නිවසට පැමිණියේ රටම හොඳින් හඳුනන පුද්ගලයෙකි. ඔහුද අකුරු කර ඇත්තේ ඔහුගෙනි. ඇත්තෙන්ම මේ සියල්ලන්ම අකුරු කල එකම පුද්ගලයා මොහු නොවන බව සත්‍යයකි. නමුත් ඔවුන් කතා කරන්නේ ඔවුන් ජිවිත කාලයම ඉගෙන ගත්තේ ඔහුගෙන් සේය. මෙතන ඇති රහස කුමක්ද? මිනිසුන් හදුනාගැනීම සහ ඔවුන් වෙනුවෙන් දක්වන්නා වූ කැපවීමම එය බව මා පසුව පසක් කොට ගත්තේය.

ඒ දැක්ම සහ කැපවීම ඔහුගේ සැන්දෑ කාලයේ අතපය වාරු නැති වන තෙක්ම පැවතිනි. එයට මා ඉඳුරාම සාක්ෂි දරයි.

--

--

Siri Shamendra
සංදේශය

I design, code, and make complex applications and frameworks. But I believe “Simplicity is the ultimate sophistication!”