සතුටෙන් උපන් දුක්,සයුරෙන් එතෙර සිට සටහන් තබමින් —පළමු කොටස

Siri Shamendra
සංදේශය
Published in
1 min readMay 15, 2020

“තාත්තේ අර බලන්න…”

“තාත්තේ මේ බලන්න…”

“මෙන්න කොහා!”, පුංචි හොටයක් හදාගෙන නටලත් පෙන්නුවා. ඒ විදියට කෑ ගහලත් පෙන්නුවා.

තාත්තේ, තාත්තේ… තාත්තේ!

“හරි මන් එහෙනම් තියන්නම් පුතේ බුදු සරණයි. කෝ ආච්චිටත් කියන්න”. අනිත් පැත්තේ වීඩියෝ කෝල් එකෙන් සම්බන්ධ වූ අපේ අම්මාටත් “සාධු” කියවූ ළමයින්ගේ අම්මා අපිටත් තියන්නම් කියා ඇමතුම විසන්ධි කළාය.

මම, හාල්මැස්සෝ සහ ගෝව එකට දාල හදපු ව්‍යංජනය ඉතුරු වෙච්ච පරිප්පු එකට දාල තව මොනවදත් දාල මගේ නවාතැන් සගය රාත්‍රියට කන්න හදපු අමුතුම රසම රස ව්‍යාංජයත් එක්ක බත් කාල අත සෝදන ගමන්…

දුරකථනයට වට්ස් ඇප් මෙසේජ් එකක්. ළමයින්ගේ අම්ම ප්‍රශ්නයක් අහල.

මම ඉතින් පොඩි උත්තරයක් තිව්ව.

ඇඟ සෝදල කෑවෙ දැන්.

හ්ම්ම්, ඇඩුන තමයි.

එහෙම දුක් වෙනව කියන්නෙම දුර්වල කමක් බව දන්නව.

ලද දෙයින් සතුටු වෙනව විතරක් නෙමේ මේව ඔක්කොම අත් අරින්නත් පුලුවන් ඇති සමහර විට.

ඒ උනට පහු ගිය කතා කරපු දෙපාරම එයා මන් ගැන වෙනදට වඩා උනන්දුවනෙ.

බැදීම් කියන්නෙම දුකක් කියන්නෙ ඔන්න ඕකයි.

බලනව ඉතින් ඒ වෙලාවෙ සතුටක් වගේම දුකකුත් ආව එකම වෙලාවෙ.

ලග හිටියත් ලඟින් නැති වෙනකොට දුකක් එනවනෙ. ඒ උනාට පුදුමෙ ඒක මේ වගෙ එකම වෙලවෙ එන්නෙ නැති එක.

“ඉස්සර මෙහෙම දුරින් ඉඳපු තාත්තලට මේ වර්ගයේ දුකක් නැතුව ඇති. ෆොන් නැති කාලෙ!”

එකත් ළමයින්ගේ අම්ම,ඒ කියන්නේ මගේ ආදරණිය ජිවන හවුල්කරු කියපු දේකට මම දිපු උත්තරයක්.

--

--

Siri Shamendra
සංදේශය

I design, code, and make complex applications and frameworks. But I believe “Simplicity is the ultimate sophistication!”