ආදරණීය lovely girls

ආදරවන්තයින්ගේ දිනය නැත්නම් වැලන්ටයින් දිනය.මීට ටික කාලෙකට කලින් එක පැත්තකින් ආදරය නාමෙන් රොද බැඳ ගත්තු වෙළෙන්දන් එක්ක ආදරය ට එරෙහිව සදාචාරයේ සීතාම්බර පට සලු පැලඳ ගත්ත ආදරය නොකරපු (කරන්න බැරි කමක් තියෙන) සංස්කෘතික පොලිසීය වෙන වෙනම සටන් කරා.ඒත් පෙරමුණු දෙකක.වෙන වෙනම.ඒත් අද එහෙම නෑ.හැමෝටම එපා වෙලා .සමහර විට අද ආදරය වෙනුවට කො‍ටු පැනීම ආදේශනය වෙලා තියෙන හින්දාද දන්නේ නෑ.

අද මං කියන්න හදන්නේ උණු කැවුම් වගේ කතාවක්. මේක සිද්ධ වෙලා වැඩි කාලයක් නෑ.කොහොමවුනත් මට මේ සිද්ධියේ ප්‍රතිඵලයක් විදිහට මොන විදිහේ තුන් කොන් සටනක් කරන්න වෙයිද දන්නේ නැති හින්දා මේක ලියලම දානවා.

අපේ කොම්පැණියේ ප්‍රධාන කාර්යාලයේ ඉන්න ලොක්කෙක්ගේ ඔපීසියට මේ ලඟදී ලේකම් බට්ටියෙක් ගත්තා.ඒ අංගනාවගේ නම මල්කි කියමුකෝ.ඇත්තටම මේ කෙලි පොඩ්ඩි රෝස මලක් වගේ ලස්සනයි.(මට හොඳේ, අනික් එවුන්ට ක‍ටු විතරක් පේනවද දන්නේ නෑ)

rocketswag.com

අපේ තියෙන වැඩ කටයුතුත් එක්ක මං තුමාට නිතරම මේ ඔපීසිය පැත්තෙත් යන්න වෙන හින්දා මං ඉතින් ඒ පැත්තේ දවස ගානේ කැරකෙනවා කියමුකෝ.ඒ අතරතුරේ මේ මල්කිගේ විස්තරත් මට ටික ටික ආරංචි වුනා.කෙල්ල යන්තම් ඉස්කෝලෙන් එලියට ආවා විතරයි,පළවෙනි ‍රැකියාව.මේ කෙල්ල සම්මුඛ පරීක්ෂණේට ආවාම කන්න වගේ බලං හිටපු ලොක්කා තමයි මල්කිව තමන්ගේ ඔපීසියට ‍තෝරන් තියෙන්නේ.

කොහොමහරි ඔහොම ගියා කියමුකෝ.අපේ ඒ ලොක්කා අපේ වෙබ් අඩවිය හොඳට නග්ගලා ගන්න යෝජනා විමසුවා කියලා මට නිකං ඕපාදූපයක් ආවා.මාත් ඉතින් head office ගිය ගමන් කට නිකං තියා ඉන්න බැරිව වාචාලකමට කියලා ආවා එකෙක්ට “”මල්කිගේ පොටෝ ටිකක් දැම්මා නම් වෙබ් එක නැඟී හි‍ටු කියලා”””කියලා.

අහෝ දුකකි,ඉරකි තිතකි.කවුරුහරි ගොට්ටෙක් මේක අහන් ඉඳලා මට කෙළවෙලා යන්න ලොක්කට කියලා.මට ආරංචියම ආවා ඇතුලෙන්ම කියලා පැය දෙක තුනක් යද්දි.මං දැන් දැනගත්තා අනිවා ලොක්කා මට දැන් මොකක් හරි බයිටක් සෙට් කරනවම තමයි කියලා.මක් කරන්නද විසෙන් විස නසී කියනවනේ.මං එදා ඕනකමින්ම රිපෝට් වගයක් දෙන්න කියලා head office දිව්වා.

යද්දි ලොක්කා නෑ.පොඩි බොස් හෙවත් මල්කි ඉන්නවා අසුන අරා එයාගේ.ෂුවර් එකටම ලොක්කා දන්නවා කියන්නේ කෙල්ලත් දන්නවා කියන එකනේ.මං කෙලින්ම කතා කරා මල්කිට.කෙල්ලත් පැන ගෙන ඕන එකෙක් එක්ක කතාවට එනවනේ.පැය භාගයක් විතර ලෝකේ නැති පිස්සු ටිකක් දොඩවලා කෙල්ලව හොඳට මුරුංගා අත්තේ තියලා මං කියවපු ටික ශේප් කර ගත්තා කියමුකෝ.ඒත් ආයි පාරක් මගේ වාචාල කට ඉස්සර වුනානේ.අන්තිමට එන්න ලං වෙලා මං කෙල්ලට හිමීට කිව්වා “”මොනවා වුනත් මං කිව්වේ ඇත්තනේ.ඔයා අද ඇත්තටම ලස්සනයි “”කියලා.(මොකද මං අර කියවපු ධනාත්මක චින්තන පොතක එහෙම කෙල්ලෙක්ව වර්නනා කරනවා තිබුනා මට මතක තිබුනා) එදා කෙල්ල ඇඳන් ඇවිත් තිබුනේ සුදු පාට ඔසරියක්.ඒ බොසාට ඔය සාරි පටලවන් එන කෙල්ලන්ව අරහං.මිනිහා එදා මොකක් හරි එකකට මල්කිට හොඳට දෙසලා තිබිලා.ඒ අවුල අස්සේ ඉන්න ගමන් මං ගිහිල්ලා මල්කිව හොඳට මුරුංගා අත්තේ තිබ්බම අප්සෙට් එකේ හිටපු කෙල්ල නෝමල් වෙලා.මං ඒ මදිවට අද ලස්සනයි කිව්වම ඒකිට මාර happy.

pakistanigirls.com.pk

ඔන්න මංතුමා ආවා කියමුකෝ ආපහු.ඊට පස්සේ දවසෙ ආයිමත් head office ගියා මං.මෙන්න යකෝ අපේ එවුන් මං ආවම නිකං කින්ඩියට වගේ බලනවා.සමහර කොල්ලො මං දිහා හරියට උන්ගේ කෙල්ල එක්ක යාලු වෙන්න ආපු එකා දිහා බලනවා වගේ රවනවා.මට මාර අවුල්.ඇයි යකෝ මුන්ගේ දවසින් දවස වෙස් පෙරළෙනවද කියලා කල්පනා කරං මං යද්දි මෙන්න එනවා මට කෝල් එකක්,මගේ නිල නොවන අයිතිකාරියගෙන්.

ඔ‍ෆිස් වෙලාවේ කෝල් ගන්න එපා කියලා එතුමියම කියලා තියෙද්දි ඇයි යකෝ කෝල් ගන්නේ මොකක් හරි කේස් එකක් කියලා ෆෝන් එක උස්සපු මට තේරුනා සම්පූර්ණ කතාව.කවුරුහරි එකෙක් මගේ කෙල්ලට දීලා හොඳ රස නිව්ස් එකක් උදේම, මං මල්කිත් එක්ක යාලුයි කියලා.

මං ඊයේ මල්කිත් එක්ක දොඩවපු එක මගේ කෙල්ල කොහොමද දන්නේ කියලා කල්පනා කරපු මං මොකුත් නොදන්න ගානට කටින්ම කතාව අල්ල ගත්තා.

මං ඊයේ මල්කිත් එක්ක දොඩවපු එක මගේ කෙල්ල දන්නේ නෑ.(මාත් ඔලුව කල්පනා කරලා හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නුවේ නෑ)

අද උදේ මල්කිට කවුරු හරි එකෙක් රෝස මල් පොකුරක් එවලා.කරුමෙට ඒකේ එවපු එකෙක් දාලා නෑ.ඉතින් මල්කි හිතලා ඊයේ මං ලස්සනයි කියලා එහෙම කියපු එකේ මං තමයි මේ වැඩේ කරලා තියෙන්නේ

--

--