Teachers or cheaters

ලංකාවේ ගුරු වෘත්තිය කියන්නේ පඩි අතින් ගත්තොත් අඩුම මට්ටමක තියෙන ඒත් ප්‍රතිලාභ අතින් උපරිම මට්ටමක තියෙන රස්සාවක්.ඒ හින්දා ඒක අර ‍රැකියාවක් විදිහට මොකක් හරි කරගෙන ඉන්න ඒ කියන්නේ ශේප් එකේ ඉන්න අයගේ සොඳුරු රජ දහනක් වෙලා.තමන්ට අනික් අයට උගැන්වීමේ හැකියාව තියෙන නිසා නොව විවේකයෙන් රස්සාවක් කරන්න ඕන හින්දා ගුරු වෘත්තියට ආපු අය ගුරුවරු විදිහට පන්තියට ගියාම ඒ අයගේ පුද්ගලික ඕනම ප්‍රශ්නයක් ලමයි පිටින් යනවා.අනික ගුරුවරයා කියන තත්ත්වය තුලම නායකත්වයක් ඔබ්බවන හින්දත් ඒ නායකත්වය කිසිම පෞරුෂයක් නැති නපුංසකයෙකුට දරා ගන්න බැරි හින්දත් ඒ නපුංසකයො ඉස්කෝලවල ලමයි මරාගෙන කන්න හදනවා.අපචාර කරනවා.

ඉස්කෝලෙට තෙල් ගාගෙන එන්න හොඳ නම් ජෙල් ගාන්න නරක ඇයි?

ඉස්කෝලෙට ලමයින්ට ජංගම දුරකථන අරං එන්න නරකයි නම් පන්ති කාමරේ ටීචර්ලා මල් කඩන්නේ ඇයි?

ලමයි අසභ්‍ය වචන කතා කරන්න හොඳ නැත්නම්, ඉස්කෝලවල staff room වල කුණුහරුප කතා පිරී ඉතිරී යන්නේ ඇයි?

ගුරුවරු කරන්නේ ඉගැන්වීම/ඉගෙන ගැනීමට මඟ පෙන්වීම නම් ඊට ඉස්සර ඒ ගුරුවරයාට ඒ විෂය ඉගෙන ගන්න බැරි ඇයි හරියට?

ලංකාවේ ප‍ටුම සිතුම් පැතුම් ඇත්තේ ගුරුවරුන්ටද?

පාසල් වියේදී ඇතිවන ප්‍රේම සබඳතාවන්ට අත දාලා ඒ ලමයි සමාජය ඉදිරියේ අපරාධකාරයො කරවන්න ඒ ගුරුවරුන්ට අයිතියක් තියෙනවා නම් සිසුවො ඒ ගුරුවරුන්ගේ ප්‍රේම සබඳතාවන්ට අත දැම්මොත් මොකක් වෙයිද?

����^8Xg 

--

--