මොනවද මේ මෙගා සුනාමි ?

Chandimal Adikari
Sinhalen
Published in
2 min readNov 20, 2020
scene from Movie 2012, directed by Roland Emmerich

2017 ජුනි 17 වෙනිදා ග්‍රින් ලන්තයේ අමුතු සිදුවීමක් සිදු වුනා. “නුගට්සියක් “(Nuugaatsiaq) යන ධීවර ගම්මානය මෑත ඉතිහාසයේ විශාලතම සුනාමි රළ පහරින් විනාශ වී ගියා. එම රළ පහර උස මීටර් 100ක් ලෙසයි සටහන් උනේ. ඇමරිකාව ලිබර්ට් ප්‍රතිමාව තරම් උස මෙම රළ පහරින් නිවාස 15ක් හා මිනිසුන් 4 දෙනෙක් මෙයට ගොදුරු වුනා. එම රළ පහර කොතරම් බල සම්පන්න කියනවානම් එම රළ පහර වැදී යාම රිච්ටර් මාපකයේ 4.1 ලෙස සටහන් වෙලා තියෙනවා. ඒ වුනත් ඒ අසල කිසිදු භුචලනයක් වාර්තා වෙලා නම් නෑ.මෙම සුනාමියට හේතු වී ඇත්තේ නාය යාමකින්, විශාල පස් ප්‍රමාණයක් කිලෝමීටර් 30ක් ගම්මානයට එහායින් වු වෙරළට කඩා වැදිමෙන්. මෙම රළ පහරේ උස නිසා මෙගා සුනාමියක් ලෙස හදුන්වනවා .

රල පහරින් යටවූ “නුගට්සියක් “(Nuugaatsiaq) ධීවර ගම්මානය

මීට අමතරව 1958 ජුලි 9 වනදා “ඇලස්කාවෙ” (Lithuya) බොක්කේ ඇතිවුන රිච්ටර් මාපකයේ 7.8ක් වූ භුචලනයෙන් ද මෙගා සුනාමියක් ඇති වූ බව සදහන්. භූ චලනයක් නිසා ටොන් මිලියන 82ක් පමණ පස් ප්‍රමාණයක් බොක්කට එක් වීමෙන් මීටර් 524ක මෙගා සුනාමියක් ඇති වූ බව සදහන්.

මෑත ඉතිහාසයේ තරමක් ඈතට ගිහින් බලන විට අවුරුදු 73000 කට පෙර බටහිර “ෆෝගො” (fogo) ගිනිකන්දේ පැත්තක් නාය යාමෙන් මීටර් 170ක් උස මෙගා සුනාමියක් ඇති වූ බව විද්‍යාඥයන් අනුමාන කරනවා.

මීටත් වඩා විශාල සුනාමියක් මීට වසර ලක්ෂයකට පෙර හාවායි දුපත් වල පිහිටි ලනායි වෙත ලගා වූ මීටර් 300ක් උස වුනු මෙම සුනාමිය අයිෆ්ල් කුලුනටත් වඩා උසයි. මීටර් 326කට වඩා උස වූ හුනු ගල් (limestone) නිසා තමයි විද්‍යාඥයන්ට මේ පිලිබඳව හෝඩුවාවක් ලැබුනේ. මොකද හුණුගල් තිබෙන්නේ මුහුදු පතුලේ වීමත්, මෙපමණ උසකට හුණුගල් පැමිණියේ කෙසේද යැයි විපරම් කිරීමේදී තමයි මේ ගැන සොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

මීට අවුරුදු මිලියන 66 කට පෙර ඩයිනෝසරයන් වද වූ යැයි සැලකෙන උල්කාපතය

මීට අවුරුදු මිලියන 66 කට පෙර ඩයිනෝසරයන් වද වූ යැයි සැලකෙන උල්කාපතයක් මෙගා සුනාමියක් ඇතිකලා යැයි අනුමාන කරනවා. ඇස්ටරොයිඩයේ කම්පනය නිසා මීටර් 1500ක් උස මෙගා සුනාමියක් ඇති වූ බව ගනණය කර තිබෙනවා.

කෙසේ වුනත් මෙගා සුනාමියක් බොහෝ වෙලාවක් තියෙන්නේ නෑ. බොහෝ වෙලාවට ආසන්න ප්‍රදේශයට පමණයි හානි කරන්නේ. මෙතෙක් කල් මෙගා සුනාමි බොහොම කලාතුරකින් සිදුවුණු දෙයක් වුනත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ග්ලැසියර් දියවීම මගින් ඇති වන නාය යාම නිසාමෙගා සුනාමි ඇතිවිය හැකියි.

මුලාශ්‍ර :

https://www.nature.com/news/island-boulders-reveal-ancient-mega-tsunami-1.18485

https://science.sciencemag.org/content/226/4680/1312

https://www.theatlantic.com/science/archive/2015/10/traces-of-an-ancient-mega-tsunami/411970/

https://www.nature.com/news/huge-landslide-triggered-rare-greenland-mega-tsunami-1.22374

--

--

Chandimal Adikari
Sinhalen

Passionate about innovative solutions from Information Technology.