Go සිංහලෙන් — 1 — හැදින්වීම

Chandimal Adikari
Sinhalen
Published in
2 min readNov 20, 2020

Google සමාගමේ, රොබට් ග්රිසිමර් (Robert Griesemer),රොබ් පයික් (Rob Pike),කෙන් තොම්සන් (Ken Thompson) යන ය 2007 වසරේ GO පරිගණක ක්‍රමලේකන භාෂාව (Programming Language) වෙත මුලික අඩිතාලම දැමුවා. එය ආරම්භ වුනේ, ඔවුන්ගෙන් කෙනෙක් C++ හෝ C යන භාෂාවන් ලිව්වා නම් කෙස් ඒවා ලියයිද යන්න වාදයත් සමගයි. කෙස් හෝ මෙයත් සමගම ඔවුන් නව පරිගණක භාෂාවක වැඩ ආරම්භ කරනවා. එය 2009 දී මුල්ම GO එලිදක්වීම(Version) විවුර්ත කේත(Open Source) ආකාරයට එලි දක්වනවා. ඒ විදියට දත්තාම නම් GO කියන්නේ තරමක්, ලපටි පරිගණක භාෂාවක් . එහෙම උනාට GO පරිනත පරිගණක භාෂාවල බොහොම හොද ලක්ෂණ පෙන්නුම් කරනවා . උදාහරණයක් විදියට Docker, Kubernetes වගේ පරිගණක තාක්ෂණ යෙදුම් ක්‍රමලේඛනයටත් GO පාව්විචි කරලා තියනවා .එත් එක්කම ගූගල් සමාගමේ ගොඩක් තැන්වල ක්‍රමලේඛනය සදහා GO තමා භාවිතා වෙන්නේ. අපි මීලගට බලමු GO භාෂාවේ තියෙන ලක්ෂණ මොනවද කියල.

GO මුලින්ම Design කරලා තියෙන්නේ System Language එකක් විදියට හරියට C වගේ. නමුත් GO වල විකාශනයත් සමගම දැන් නම් High Level Language එකක් විදියට Web Servers වල භාවිතයටත් දැන් ප්‍රසිද්ධයි. කොටින්ම කියනවා නම් GO කියන්නේ දැන් General Purpose Language එකක් . C වල ආභාෂය තියෙන නිසා ගොඩක් GO syntax හරියට C වගේමයි. ඒ උනත් GO, C වලට වඩා සරල කරලා තියනවා. උදාහරණයක් විදියට ගත්තාම GO වල keywords 25 ක් වගේ තමයි තියෙන්නේ.

GO වලට Google සමාගම පිවිසෙන්න කලින්, Google සමාගමේ මූලික වශයෙන් පරිගණක භාශා 3ක් භාවිතා උනා. ඒ JAVA, Python සහ C++ . මේ හැම භාශාවකටම එවාට අනන්‍ය වූ, හොද සහ දුර්වල ලක්ෂණ තිබුනා.

C++ : ඉතාමත් වේගවත්, Data types භාවිතා වෙනවා නමුත් Compile වීම තරමක් සෙමින් විම සහ අමාරු Syntax එකක් තිබීම.

Java: ඉක්මනින් Compile වෙන එක, ඒත් එක්කම Data types භාවිතා වීම Java වල ප්‍රරමුඛ් උනත් ජාවා වෙනම Eco System එකක් උඩ රන්වීම, එහි දුර්වලතාවයක් විදියට, GO භාශාව ක්‍රමලේඛණය කරන අය දුටුවා.

Python: ඉතාමත් ලේසියෙන් වැඩක් කරගන්න, Python බොහෝ තැන් වල භාවිතා වෙන්වා. නමුත් Python, Type Safe (Data Types භාවිතාවීම) නැති නිසා, Developers ලා අපහසුතාවයට ලක් උනු තැන් තිබුනා.

Google සමාගමට මෙම භාශාවල තියෙන දුර්වලතා මගහැරගෙන, මේවාගේ ශක්තිමත් තැන් එකතු කරලා අලුත් භාශාවක් සාදාගන්න ඕන උනා. ඉතින් මෙහෙම හැදුනු මේ භාශාවට තමා GO නැත්නම් GoLang කියන්නෙ. GO වල ලක්ෂණ කිහිපයක් අපිට මේ විදියට කියන්න පුලුවන්.

  • Compile වෙන භාශාවක් වීම. ( Compile වෙන භාශා වල performance එක, තරමක් වැඩියි යැයි සැලකෙනවා)
  • ඉක්මනින් Compile වීම (Testing වලට මෙය ඉතාමත් වැදගත් (Green — Red Development))
  • Strongly Typed (Data Types භාවිතාවීම) භාශාවක් වීම.
  • GO ස්වාභාවිකවම concurrent වීම
  • Garbage Collected භාශාවක් වීම

මෙම ලිපියෙන්, GO පිලිබද මූලික දැනුමක් ලබාගන්න ඇති කියල මම හිතනවා. ඊලග ලිපියෙන් අපි, GO වල මුල්ම කේතය ලියලා වැඩ පටන් ගමු!

--

--

Chandimal Adikari
Sinhalen

Passionate about innovative solutions from Information Technology.