මොනවද මේ MOOCs?

Chandimal Adikari
Sinhalen
Published in
3 min readNov 19, 2020
Image by rawpixel.com

MOOC (Massive Open Online Course) යනු අන්තර්ජාලය හරහා ලබා දෙන පාඨමාලා වන අතර ලෝකයේ බෝහෝ විශ්ව විද්‍යාල මේ ආකාරයට එම විශ්ව විද්‍යාල වල පාඨමාලාවන් ඉගෙන ගන්න මෙලෙස අවස්තාව ලබා දෙනවා.සාමාන්‍ය විශ්ව විද්‍යාලයක මෙන් නොව බඳවා ගැනීම් අසීමිතව කල හැකි බැවින් සිය දහස් ගණනක් ශිෂ්‍යන්ට මෙම පාඨමාලාවලට ඇතුලත් වීමට පුළුවන්.

මෙම පාඨමාලා (MOOCs) සාමාන්‍යයෙන් වීඩියෝ පාඩම් (Video Lessons) , කියවීම් (Readings), ඇගයීම් (Assignments) සහ සාකච්ඡා(Discussions) වලින් සමන්විත වේ.

මෙම පාඨමාලා සාදන්නේ සාදන්නේ කවුරුන් ද?

බොහෝ MOOCs සාදා ඇත්තේ විශ්ව විද්‍යාල විසිනි. පළමු හා වඩාත් ක්‍රියාකාරී MOOC නිෂ්පාදකයින් වන්නේ ස්ටැන්ෆර්ඩ්(Stanford), එම්අයිටී(MIT) සහ හාවඩ්(Harvard) විශ්ව විද්‍යාලය. සමහර MOOC සැදීමට ඇත්තේ මයික්‍රොසොෆ්ට් හෝ ගූගල් වැනි සමාගම්ද දායක වී ඇත.

මෙම පාඨමාලා ලබාගත හැක්කේ කොහෙන්ද?

MOOCs විශ්ව විද්‍යාල විසින් නිර්මාණය කරන ලද නමුත් විශ්ව විද්‍යාල විසින් MOOCs බෙදා හරිනු ලබන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට, ඔවුන් පාඨමාලා මාලා සපයන්නන් මත රඳා සිටිති:

පාඨමාලාවක් නිමකිරිමෙන් පසු Coursera මගින් ලබාදෙන සහතිකයක්

Coursera

edX

FutureLearn

Udacity

මෙම පාඨමාලා කුමන මාධ්‍යකින් පැවැත්වේ ද ?

පාඨමාලා බොහෝ විට පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ උනත් සමහර පාඨමාලා ප්‍රංශ, ජපන් වැනි භාෂාවලින්ද දක්නට පුළුවන්.

මෙම පාඨමාලා ආරම්භ වන්නේ කවදාද?

සමහර පාඨමාලා ඕනෑම වේලාවක ආරම්භ කළ හැකිය. අනෙක් ඒවා පෙර දැනුම් දුන් නියමිත වේලාවන් වලට ආරම්භ වේ (සෑම සති කිහිපයකට හෝ මාසයකට වරක්). සමහර ඒවා වාර්ෂිකව පිරිනමයි.

පාඨමාලා නිමකිරීමට නියමිත දින නියමයන් තිබේද?

සමහර MOOCs ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.ඒවා අදාළ කාල සීමාව තුල නිම කලයුතුය. අනෙකුත් පාඨමාලා ඔබට අවශ්‍ය වේගයකින් ඉදිරියට ගෙනයාමට පුළුවන්.බොහෝ පාඨමාලාවල තොරතුරු පළමු දිනයේ සිට ලබා ගත හැක. බොහෝ MOOCs නම්‍යශීලී වේ: දිවා රෑ නොබලා ඔබට වඩාත් ගැලපෙන කාලයක ඔබ අධ්‍යයන කටයුතු සිදුකල හැක.

MOOC සම්පූර්ණ කිරීමට කොපමණ කාලයක් ගතවේද?

MOOCs පාඨමාලාවල දිග සති 1 සිට 16 දක්වා පරාසයක පවතී. සමහර උපාධි පාඨමාලා ද, පශ්චාත් උපාධි පාඨමාලාද, මෙලෙස MOOCs ලෙස පවති. මේවා අවුරුද්ද, අවුරුදු දෙක වැනි කාලයක් දක්වා දීර්ඝ විය හැක.

MOOCs වල විභාග තිබේද ?

සෑම පාඨමාලාවකම වාගේ ශිෂ්‍යයන්ගේ දැනුම මනින පරීක්ෂණ දක්නට ලැබේ. ඒවා පහත ලෙස වර්ගී කරණය කල හැක.

  • ස්වයංක්‍රීය ශ්‍රේණිගත ප්‍රශ්නාවලි(Auto-graded Quizs) — එනම්, බහුවරණ ප්‍රශ්න වැනි ඉදිරිපත් කිරීම් මත ස්වයංක්‍රීයව ලකුණු ලබාදෙන ප්‍රශ්නාවලි.
  • Peer-feedback assignments — එනම්, වෙනත් ශිෂ්‍යයන් විසින් හුවමාරුව මගින් ලකුණු ලබාදෙන පැවරුම්

මෙම පැවරුම්වල ඔබගේ ලකුණු ඔබගේ සමස්ත පාඨමාලාවේ මාලා ශ්‍රේණිය තීරණය කරයි.බොහෝවිට උපදේශකයින් MOOCs හි සිසුන්ගේ පැවරුම් ශ්‍රේණිගත නොකරයි. ඔබ සමත් ශ්‍රේණියක් (Pass Grade) සමඟ MOOC අවසන් කළහොත්, ඔබට පාඨමාලා සම්පූර්ණ කිරීමේ සහතිකයක් (Course Completion Certificate) උපයා ගත හැකිය. සමහර විට, සහතිකය නොමිලේ ලබාගත හැකි නමුත් බොහෝ විට, ඔබ ඒ සඳහා ගෙවිය යුතුය.

සමහර පාඨමාලා නොමිලේ අත්හදා බැලීම් කාල සිමා (Free Trail Periods) ලබා දෙයි. (උදා : Coursera)

MOOC ලබා ගැනීම සඳහා ශිෂ්‍යාධාර තිබේද?

සමහර MOOCs පාඨමාලා සපයන්නන් ඔබට මූල්‍ය ආධාර හෝ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ ලබා දේ. ශිෂ්‍යාධාර ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, නොමිලේ හෝ නියමිත මිලට වඩා අඩු මුදලකට පාඨමාලාව නිමකොට, සහතිකයක් ලබා ගත හැකිය.

MOOC ප්‍රවේශයට වෙනත් සීමාවන් තිබේද?

සමහර පාඨමාලා සපයන්නන්, වයස අවුරුදු 13 ට අඩු ළමුන් ඇතුළත් කර ගැනීම සීමා කරයි. වෙළඳ සම්භාධක හෝ රජයේ ප්‍රතිපත්ති නිසා සමහර MOOCs විශේෂිත රටවල නොතිබිය හැකිය.

MOOC උපදේශකවරුන් සහ ශිෂ්‍යන් අතර සම්බන්ධය කොයි ආකාරයක් ගනීද?

උපදේශකයින් සහ සිසුන් අතර සම්බන්ධතාවය MOOC වල ඉතාමත් අවමයි. බොහෝ පාඨමාලා සඳහා උපදේශකවරුන් අධීක්ෂණය පමණක් සිදු කරයි. ඇතැම් විට උපදේශකයින් සාකච්ඡාවලට (Discussions) දායක විය හැකිය. ප්රශ්නවලට පිළිතුරු දීමෙන් එකිනෙකාට උදව් කිරීමට සිසුන් දිරිමත් කරනු ලැබේ. එකිනෙකා අතර ප්‍රයෝජනවත් සම්පත් (Resources) නිර්දේශ කරගැනීම සිදුකරනු ලැබේ.

MOOCs ඔබට අවශ්‍ය වන්නේ ඇයි?

extracted on 20/05/2020 from https://www.coursera.org/professional-certificates/gcp-cloud-architect

මෙම පාඨමාලා මගින්, ඔබට අමතර දැනුමක් ලබාගන්නවා පමණක් නොව, ඔබ ලබාගන්නා දැනුම සදහා සහතික පතක්ද හිමි වෙනවා . එය ඔබට,වෘත්තීන් මාරු කරන්න,උසස්වීමක් ලබා ගන්න වගේ දේවල් වලට වැදගත් වෙන්න පුලුවන්.

--

--

Chandimal Adikari
Sinhalen

Passionate about innovative solutions from Information Technology.