Kindergarten Courage

පොඩි ඉස්කෝලේ එඩිතරකම්

Small Fires
Small Fires
Published in
6 min readOct 27, 2022

--

Written by Dharshini Rodrigo, illustrated by Nea Valdivia and translated by Dhanusha Amarasinghe

[ English / ඉංංග්රීසි ]

Kimaya woke up feeling excited! Today she was moving a level up in her swim class. She had been a Goldfish for ages, and today she was going to be a Dolphin! She jumped out of bed and ran to get her swim bag.

When Papa came to get Kimaya for breakfast, he found her curled up on the windowsill with her swim bag next to her. Papa asked if she was ok.

“I’m scared about the new swim class today,” said Kimaya quietly.

“It’s ok to be scared Maya,”said Papa, sitting down with her. “Everyone feels scared about starting new things.”

“Even you?” asked Kimaya. “Of course! Me, Amma, everyone feels scared sometimes,” said Papa.

“But I don’t WANT to be scared! I want to be brave!” said Kimaya, jumping off the windowsill, her fists balled up.

Papa chuckled. “Don’t we all! You know, you are brave Maya. I’ve seen you be brave many times” said Papa.

“You have? When?” asked Kimaya suspiciously, climbing into Papa’s lap.

“Remember that time at the park, when some of your classmates were calling Jack names and you told them to stop it?” asked Papa. “That took courage.”

“What’s courage?” asked Kimaya, scrunching up her nose.

“At that time, courage was speaking up when you saw something wrong. But it can be other things too,” said Papa.

“Like what?” asked Kimaya curiously.

“A few Saturdays ago, you were playing ‘families’ with your friends after netball, and both you and Meena wanted to be mums? Meena said there can’t be two mums, but you said that there are families with two mums. You told your friends that there could be two mums, two dads, no kids, one grandpa and that there are lots of different families! I felt very proud when you said that, and when you all played together afterwards,” said Papa.

“But how is that being brave?” asked Kimaya.

“Sometimes telling people about things they don’t know takes courage,” said Papa.

“Hmm,” said Kimaya. “What else did I do that was brave?” she asked shyly.

Papa laughed. “Remember the time you came home and told us that some of the older kids in school started pushing you, Liam and Trisha around during recess?”

“Yeah, that was scary,” said Kimaya, her eyes wide.

“It sounded scary,” said Papa. “Do you remember what you did?”

“Yeah, I said ‘let’s get out of here’ to Liam and Trisha. But they wouldn’t leave, so I left and waited outside for them,” said Kimaya quietly.

“And when they came out, you asked if they were ok,” said Papa.

“That wasn’t brave,” whispered Kimaya.

“Yes it was Maya. Sometimes it takes courage to walk away. And you did something else that needed courage. You came home and told us; so Amma and I were able to report the incident to the school. Then they looked into it to make sure that all you kids are playing safely at recess,” said Papa. “Asking for help takes courage. Does that make sense?”

“I guess it does. I feel a BIT better. But I still don’t feel brave about swim class today,” said Kimaya nervously.

“It’s ok to be scared Maya. How about you go there, try your best, and if it’s too scary, you ask the teacher for a break?” asked Papa.

“That sounds good. I can do that! I feel better now Papa. Thank you!” said Kimaya, giving Papa a big cuddle.

“You’re welcome Miss Brave,” laughed Papa.

[ සිංංහල / Sinhalese ]

කිමායා අද උදේ අවදි වුණේ හරිම සතුටින්. අද කිමායාගේ පිහිනුම් පන්තියේ උසස් වීමේ දවසයි. බොහෝ කාලයක් “ගෝල්ඩ් ෆිෂ් මසුන්” මට්ටමේ පිහිනපු කිමායා අද ඔන්න “ඩොල්ෆින් මසුන්” මට්ටමට උසස් වෙලා. එක පිම්මට ඇඳෙන් පැන්න කිමායා දුවගෙන ගියේ එයාගේ පිහිනුම් බෑගය එල්ලගන්න.

උදෑසන ආහාර ගැනීමට පහලට එන්න කියන්න කාමරයට ගියපු තාත්තා දැක්කේ හැබැයි වෙනස් දෙයක්. පිහිනුම් බෑගය ළගින් තියාගෙන ජනෙල් පඩිය උඩ ගුලිගැහී සිටි කිමායාව දුටු තාත්තා, “කිමායා … ඔයා හොඳින්ද?” කියා ඇසුවේය.

“තාත්තා… අනේ මට අද අලුත් පිහිනුම් පන්තියට යන්න බයයි වගේ.” කිමායා තාත්තා දෙස කාරුණික බැල්මක් හෙලමින් මිමිණුවේ ය. “බය හිතෙන එක සාමාන්‍ය දෙයක්, මායා” කියමින් තාත්තා කිමායා ළගින්ම වාඩි විය. “අලුතින් දෙයක් පටන්ගනිද්දී අපි හැමෝටම බයක් දැනෙනවා තමයි මායා”… තාත්තා කිමායාට ආදරෙන් පැහැදිළි කළේය.

“ඔයත් එහෙම බයද…?” “ඇත්තෙන්ම ඔව්!” තාත්තා කිමායට පිළිතුරු දුන්නේය … “මම, අම්මා විතරක් නොවේ, අපි හැමෝම සමහර වෙලාවන් වලදි බය වෙනවා.”

“ඒ වුණත් මම බය වෙන්න කැමති නෑ! මට නිර්භීත වෙන්න ඕනෑ!”… යැයි කියමින් දෑතත් මිටිකරගත් කිමායා ජනෙල් පඩියෙන් බිමට පැන්නාය.

“අපි කවුරුත් එහෙම තමයි නේද”… මුහුණේ ආදරණීය සිනහවක් රඳවගෙන තාත්ත පැවසුවේය. “ඔයා දන්නවාද මායා, ඔයා හරිම නිර්භීත ළමයෙක් කියලා? මම දැකලා තියෙනවා ඔයා බොහොම නිර්භීතව වැඩකරපු අවස්ථා ගොඩාක්.”

“දැකලා තියෙනවා…?… මේ මම?… කවදද?” පුදුමයෙන් මෙන් අසමින් කිමායා තාත්තාගේ උකුලට නැග්ගාය.

“මතකද දවසක් ඔයාගේ පන්තියේ යාළුවන් කීපදෙනෙක් පිට්ටනියෙදී ජැක්ට එක එක නම් කිව්වා? එතකොට ඔයා එහෙම කියන්න එපා කියලා, ජැක් දුකෙන්ද ඉන්නේ කියලත් අහලා බැලුවා…?”තාත්තා කිමායගෙන් එසේ අසමින්, “එහෙම කරන්න ගොඩාක් එඩිතර කෙනෙක් වෙන්න ඕනෑ” කියලා කීවේය.

“එඩිතර කියන්නේ මොකක්ද තාත්තා?” කට උල්කරගනිමින් කිමායා තාත්තාගෙන් ඇසුවේය.

“ඒ වෙලාවෙ නම් එඩිතර කියලා කීවේ, වැරැද්දක් දැක්කම ඊට එරෙහිව නිර්භීතව කතා කිරීමයි; හැබැයි වෙන විදිහයන් වලටත් එඩිතර වෙන්න පුළුවන්,” තාත්තා කිමායට කීවේය.

“වෙන කොහොමද එඩිතර වෙන්නේ?” කිමායා කුතුලහෙන් ඇසුවාය.

“හරි. ඔයාට මතකද මීට සති කීපයකට කලින් සෙනසුරාදාවක දැල් පන්දු සෙල්ලම් කරලා ඉවරවෙලා, ඔයා යහළුවන් එක්ක ‘අම්මා’ සෙල්ලම් කළා? එතකොට ඔයාගේ යාළුවා මීනාටයි ඔයාටයි දෙන්නටම ඒ සෙල්ලමේ අම්මලා විදිහට සෙල්ලම් කරන්න ඕනෑ වුණා මතකද? ඒ වෙලාවේ මීනා කිව්වම ‘එහෙම කොහොමද එක පවුලට අම්මලා දෙන්නෙක් ඉන්නේ’ කියලා, මතකද ඔයා කිව්වා ‘අම්මල දෙන්නෙක් ඉන්න පවුල් තියෙනවා…. ඒ වගේම තාත්තලා දෙදෙනෙක් ඉන්න, බබාලා නැති, සීයා කෙනෙක් පමණක් ඉන්න වගේ එක එක විදියේ පවුල් තියෙනවා’ කියලා…? එහෙම කියලා දෙන්නම ඒ සෙල්ලම එලෙසම කරගෙන ගියාම, මට ඔයා ගැන ලොකු ආඩම්බරයක් ඇති වුණා” තාත්ත ආඩම්බරයෙන් කීවේය.

“ඒත් ඒක එඩිතර ක්‍රියාවක් වෙන්නේ කොහොමද…?” කිමායා ඇසුවාය.

“මෙහෙමයි… සමහර වෙලාවට මිනිස්සු නොදන්නා දෙයක් ඒ අයට කියාදෙන්න ගොඩක් එඩිතර වෙන්න ඕනෑ. වැඩිහිටියන්ටත් එහෙමයි, මොකද මම දන්නවා මමත් එහෙමයි කියලා…” තාත්තා කිමායට කීවේය.

“හා…වෙන මොනවද මම කරලා තියෙන එඩිතර දේවල්…?” පොඩ්ඩක් ලජ්ජාවෙන් වගේ කිමායා තත්තාගෙන් ඇසුවාය.

තාත්තා සිනාසෙමින් කිමායට මෙසේ මතක් කළේය, “මතකද දවසක් ඔයා ගෙදර ඇවිල්ල කිව්වා ඉස්කොලේ වැඩිමහල් ළමයින් වගයක් ඔයාවයි, ලිලීවයි, ට්‍රිෂාවයි තල්ලු කළා කියලා…?”

“ඔව්…! ඒ වෙලාවේනම් මම ගොඩාක් බය වුණා” ඇස් දෙක ලොකු කරගනිමින් කිමායා කිව්වාය.

“ඔව්…! ඒක හරිම බියජනක අවස්ථාවක් වෙන්නා ඕනෑ. හැබැයි ඔයාට මතකද ඔයා ඒ වෙලාවේ කරපු දේ…?” තාත්තා ඇසුවේය.

“ඔව්…මම ලිලීටයි, ට්‍රිෂාටයි කිව්වා ‘එන්න අපි මෙතනින් යමු කියලා.’ හැබයි ඒ දෙන්නා ආවේ නැහැ…. ඉතින් මම එළියට ගිහින් ඒ දෙන්න්නා එනකම් බලාගෙන හිටියා” කිමායා හිමිහිට කීවාය.

“හරියටම හරි… ඒ විතරක් නෙවේ, ඒ දෙන්නා එළියට ආවහම එයාලා හොඳින්ද කියලත් හොයලා බැලුවා නේද?” තාත්තා එලෙස ඇසු විගස … “ඉතින් ඒක එඩිතර කමක් නෙවේනේ” කියා කිමායා හෙමිහිට මිමිණුවා ය.

“ඒක එඩිතර කමක් තමයි මායා. සමහර වෙලාවට අපි සිටින තැනකින් ඉවත් වෙන්න අපි එඩිතර වෙන්නා ඕනෑ. ඒ විතරක් නොවෙයි, ඔයා එතනදි තවත් එඩිතර දෙයක් කළා.. ඔයා ගෙදර ඇවිත් ඒ වුණ දේ මටයි අම්මාටයි කිව්වා. එහෙම කියපු හින්දා අපිට පුළුවන් වුණා ඒ සිදුවීම ඉස්කෝලෙට වාර්තා කරන්න. එහෙම වර්තා කරපු නිසා ඉස්කෝලෙට ඒ ගැන හොයලා බලලා, සෙල්ලම් කරන වෙලාවට හැම ළමයෙකුටම එකසේ පරිස්සමින් සෙල්ලම් කරන්න ඉඩ හදල දෙන්න පුළුවන් වුණා” යැයි කියා දෙන ගමන්… “දැන් තේරෙනවා නේද මේවත් එඩිතරකම් කියලා?” තාත්තා කිමායගෙන් ඇසුවේය.

“ඔව්… මට හිතෙන්නේ මට තේරෙනවා. දැන් මට පොඩ්ඩක් හිතට හොඳයි… හැබැයි අද පිහිනුම් පන්තිය ගැන නම් එච්චර නිර්භීත කමක් තාම දැනෙන්නේ නැහැනේ,” කිමායා පොඩ්ඩක් කලබලෙන් මෙන් කීවාය.

“බය දැනෙන එකේ කිසිම වැරද්දක් නැහැ මායා” තාත්තා ආදරෙන් කීවේය. “හරි, අපි එහෙනම් මෙහෙමේ කරමු…! ඔයා අද පිහිනුම් පන්තියට ගිහිල්ලා පිහිනන්න උපරිමයෙන් උත්සහ කරන්න. එහෙම කරලත් හිතට බයක් වගේ දැනෙනවානම්, අදට පිහිනන්නේ නැතිව ඉන්න පිහිනුම් ගුරුවරයාගෙන් අවසර ඉල්ලන්න…” යැයි තාත්තා කිමායට යෝජනා කළේය.

“ඒකනම් හොඳයි. ඒක මට කරන්න පුළුවන්. දැන් නම් මගේ හිතට හොඳයි.” බොහොම ස්තූතියි තාත්තා…” කියන ගමන් කිමායා දෑත් දිගුකරමින් තාත්තාව බදාගත්තාය.

“මගේ එඩිතර කෙල්ල!” ලොකු සිනහවක් මුහුණට එක්කරනගනිමින් තාත්තා කිමායට කීවේය.

Kindergarten Courage is part of Campfire Stories: short-form stories that celebrate all of us. Subscribe to get heart-warming goodness delivered straight to your inbox or mailbox.

--

--

Small Fires
Small Fires
0 Followers
Editor for

Small Fires makes stories, games and toys that help people learn about different cultures and languages.