සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්- Stakeholders of Tourism Industry

ලොව වටා සංචාරය කරන පුද්ගලයින් පිරිස්හට අවශ්‍ය සේවා සැපයීම මුල්කොට ගෙන සංචාරක කර්මාන්තය බිහිව ඇත. එම කර්මාන්තයේ බලපෑමට සෘජුව හෝ වක්‍රව හසුවන පිරිස් එහි පාර්ශවකරුවන් වේ. ක්ෂේත්‍රය පිළිබදව මනා අවබෝධයක් ලබාගැනීම වෙනුවෙන් මෙකී පාර්ශව සැකෙවින් හෝ හදුනා ගැනීම වැදගත්ය.

සෘජු පාර්ශවකරුවන්

· සංචාරකයින්

· හෝටල් සහ ඒවායේ සේවකයින්

· සංචාරක සමාගම් සහ ඒවායේ සේවකයින්

· රජය

· සැපයුම්කරුවන්

· සංචාරක ආකර්ශණයට ලක්වන අනෙකුත් කර්මාන්ත වල නිරතවන පුද්ගලයින්. (උදා — මැණික්, කුළුබඩු කර්මාන්ත)

සෘජු නොවන පාර්ශවකරුවන්

· සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සේවකයින්ගේ පවුල්

· සංචාරක ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්

· පරිසර සංරක්ෂණ කණ්ඩායම්

· සංස්කෘතික සංරක්ෂකයින්

· ආගමික ස්ථාන

මේ අනුව සංචාරක ව්‍යාපාරය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධකම් පිරිස් වෙත මෙකී කර්මාන්තයේ බලපෑමට දැඩිව ලක්වේ. උදාහරණයක් ලෙස අලුතින් සංචාරක ආකර්ෂණයට ලක්වූ ප්‍රදේශයක් වෙත දැවැන්ත සංචාරක හෝටල් සමාගම් ආකර්ෂණය වේ. මේ හේතුව නිසා ආදාළ ප්‍රදේශ වල ඉඩම් මිල ඉහළ යයි. මෙය එකී ප්‍රදේශවල ජීවත්වන සාම්ප්‍රදායික පිරිසට අභියෝගයක් වේ. වෙනත් පළාත්වලින් හෝ වෙනත් රටවලින් පැමිණි සුවිසල් සමාගම් වැඩි මිලට ඉඩකඩම් ලබාගැනීම නිසා ස්වදේශික පිරිස් වෙතින් ඉඩම් අයිතියි ගිලිහේ. අනෙක් අතට සාම්ප්‍රදායික ඉඩම් හිමිකරුවන්ගේ ඉඩම් වලට වැඩි මිලක් හිමිවීමේ වාසිය අත්වන අතර රැකියා අවස්ථා සුලබවේ.

වාසි අවාසි ගැන සැකෙවින්

එක්පසෙකින් මුදල් ඇති පිරිස් (අතිරිකත ධනය වැඩි පිරිස්) ලොව පුරා සංචාරය කිරීමේ අවස්ථාවන් සලසා ගන්නා විට අනෙක් පසින් සුවිසල් හෝටල් සමාගම්, සංචාරක පහසුකම් සපයන සමාගම් එකී කර්මාන්තයේ සෘජු ප්‍රතිලාභ ලබාගනී. ක්‍රමවත් නොවූ රැකියා මගින්, දුෂ්කර කාලරටාවන් මැද අඩු මුදලට ශ්‍රමය සූරාකන අතරමඅදාළ ප්‍රදේශ වල සිටින ජනතාවගේ ජීවන වියදම ඉහළ යෑමද සිදුවේ. සංචාරක ආකර්ෂණය ලබන ප්‍රදේශවල ඇති අදාළ ස්ථාන දැඩි පිරිස්කගේ පැමිණීම නිසා ක්ෂය වී යන අතරම ප්‍රාදේශීය සංස්කෘතීන් ඛාදනයට ලක්වූ අදාළ පිරිස්වල සමාජ ජීවිත දැවැන්ත ලෙස මූල්‍යකරණය වීම නිසා පරිහානියට පත්වේ. ඒ අනූව සංචාරක ව්‍යාපාරය මුදල් ඇති පිරිස් විසින් දුෂ්කර රටවල ඉතිරිව ඇති ආකර්ෂනීය ස්ථාන අවශෝෂණය කරගැනීමට ගොඩනැගුණු ව්‍යාපාරයක්ය යන තර්කය ගොඩනැගිය හැකිය.

අනෙක් පසින් දැවැන්ත ආදායම් අතිරික්තයක් ඇති පොහොසත් රටවල පිරිසගේ ආදායම අඩු ආදායම් ලබන රටවලට පොම්පවන, එමගින් අදාළ දුෂ්කර රටවල් ප්‍රදේශවල යටිතල පහසුකම් ගොඩනැංවෙන, තාක්ෂණය බෙදාහැරෙන, රැකී රක්ෂා නගරයට පමණක් නොව දුෂ්කර ප්‍රදේශයන් තුළ සුලබ කෙරෙන ඉතා ප්‍රගතිශීලී කර්මාන්තයක් ලෙසටද සංචාරක කර්මාන්තය හැදින්විය හැකිය. දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණ පා ඇති ශ්‍රී ලංකාවේ තෙවෙනි විශාලතම විදෙස් විනිමය සපයන්නා බවට සංචාරක ව්‍යාපාරය පත්ව ඇති අතර අනෙක් අතර දළ ජාතික නිෂ්පාදනයට සෘජු සහ වක්‍ර ලෙස 12%ක පමණ දායකත්වයක් ලබා දීමට සමත්ව ඇත.

මේ අනූව සංචාරක ව්‍යාපාරය දැවැන්ත ලෙස සංවාදයට ලක්විය යුතු මාතෘකාවක් බව පැහැදිලිය. එය සෑම ස්ථරයක්ම ආවරණය වන ලෙස සිදුවිය යුතුය. තව දුරටත් එය නිශ්චිත සමාජ පංතියකට අයත් කර්මාන්තයක් නොවේ.වාසි හා අවාසි වලට එකසේ නිරාවරණය වී ඇති සංචාරක කර්මාන්තයේ අවාසි මගහරහා වාසි ලබාගැනීම පිළිබදව ගැඹුරු සාකච්ඡාවක්, අධ්‍යනයක් අත්‍යවශ්‍යය.

Like what you read? Give Sankha Ranadheera a round of applause.

From a quick cheer to a standing ovation, clap to show how much you enjoyed this story.