ප්‍රත්‍යවේක්ෂා 02: ප්‍රත්‍යවේක්ෂාවෙහි වැදගත්කම(සතිය 1: දිනය 2)

Siri Shamendra
Dhamma Talks for Life
2 min readMay 9, 2020

මෙම සාරාංශගත සටහන පහතින් වන ධර්ම දේශනාව ඇසුරෙහි වන අතර අතර අපි අපගේ ධර්ම ගවේෂණය කරන අතර උකහා ගත් දෑ අන් අයටද ප්‍රයෝජනවත් වන ලෙස තැබීමට මෙලෙස උත්සාහයක් ගත්තෙමු.

දේශකයාණන් වහන්සේ: ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්යය අති පුජ්‍යය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ
මාතෘකාව :

මීට පෙර වැඩසටහන හා බැඳේ…

පෙර වැඩසටහනට දිඟුව.

බෞද්ධයෝ විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්මධර, ධර්මයෙහි පිහිටි පුද්ගලයන් වියයුතු බවට බුදුන්වහන්සේ බලාපොරොත්තු විය. එනිසා අපද ධර්ම කරුණක් සාකච්චා කරන විට එය ඒ මොහොතේම කිරීමට උත්සුක වෙමු.

අපගේ සංසාරගත පුරුදු අපගේ ජිවිතයට බලපෑම් කර ඇති ආකාරය ඉතාමත් නොයෙකුත් පිරිස් විසින් සිදුකරන කටයුතු වලදී පෙනී යන කරුණකි. එය තිරිසන්ගත සත්වයන්ගෙන්ද මොනවට පෙනීයයි. එම සංසාරගත පුරුදු වල වෙනසක් සිදුකරගැනීමට ඇති පහසුම අවස්ථාවකි මේ මිනිස් ජීවිතය සහ උරුමයක් ලෙස ලැබී ඇති බෞද්ධ ධර්මය.

රාහුලෝවාද සුත්‍රයෙන් මෙම කතිකාවතට පෙර වැඩසටහනෙන් ප්‍රවේශයක් ලබාගත්තේ ප්‍රත්‍යවේක්ෂාව ගැනයි. තම යම් ක්‍රියාවක් කරයිද එය අතීත, වර්තමාන සහ අනාගත යන කලාත්‍ර 3න් විමසීම කල යුතු අතර පහත ආකාර අනුවද විමසීම් කල යුතු වේ.

  1. පළමුව එම ක්‍රියාව කිරීමෙන් තමාට අහිතක් සිදු වන්නේද යන්න සිතිය යුතුය. කයෙන් මනසෙන් වචනයෙන් කරන අකුසල ණය ගත්තා හා සමාන වේ.එය බුදුන් වහන්සේ “ඉන” සුත්‍රයෙහි එලෙසම සඳහන් කර ඇත. මෙම දස කුසල් අපට නිතරම පීඩා ගෙන දෙන්නන් වේ.

වැදගත් කරුණක් වන්නේ දස කුසල් හා අට මහා කුසල් සමඟ පටලවා නොගත යුතුය. එසේම අටමහා කුසල් හා සැසඳීමේදී දස කුසල් කෙරෙන් විශාල ආනිසංස පවතින බව බුදුන්වහන්සේ “කුටධත්ත” සුත්‍රයෙහි සඳහන් කර ඇත.

2. දෙවනුව අනුන්ට මින් පිඩාවක් වන්නේදැයි විමසීමය.

3. තෙවනුව මේ දේවල් වලින් දෙපැත්තටම පිඩා ගෙන දෙන්නේදැයි විමසීමයි.

4. මේ කරන ක්‍රියාව අකුසලයක්ද යන්න තමාගෙන්ම විමසිය යුතුය. අකුසලයක් යනු ලෝභ ද්වේශ මෝහ යන දේවල්ය.

5. මෙම ක්‍රියාව දුක් රැස්කරන දෙයක්ද යනුවෙන් පස්වනුව විමසිය යුතුය. එකිනෙකාව තලා පෙලා පහත්කොට කතාකිරීමෙන් හෝ විවිධ ආකාරයෙන් අනුන් දුකට පත්විය හැකි දේ කිරීම ක්‍රමානුකුලව අඩු කරගත යුතුය.එය ඉතා සියුම් අන්මින් අප තුලින් මතුවන අතර සියුම්ව පිරික්සා තේරුම් ගෙන වළක්වා ගැනීමද සිදුකල හැක. ඒ සඳහා අප ස්වාමින්වහන්සේගේ “බෞද්ධයාගේ දිනපොත" සංකල්පය ඔස්සේ සටහනක් තබා ගැනීමෙන් වලක්වා ගැනීම සහ එයින් වැළකුණු ආකාරය හොඳින් නිරීක්ෂණය කල හැක.

ප්‍රත්‍යවේක්ෂාව තුලින් අපට නොදැනෙන ලොකු ලොකු දේවල් බිඳගත හැකිවන අතර එවිට ඊට වඩා කුඩා සියුම් දේවල් දැනෙන්නට,අවධාරණය වන්නට පටන් ගනී. එලෙස නිවන් මාර්ගය දක්වාම ප්‍රත්‍යවේක්ෂාව අත්‍යවශ්‍ය දෙයක් වේ.

6. අතීතය ප්‍රත්‍යවේක්ෂා කිරීම හා යම් වරදක් වී ඇතොත් “ආයති සංවරයෙහි” පිහිටන ලෙස එනම් තමා කළ වරද බුද්ධිමත් අයෙකුට ප්‍රකාශ කරන්නයි බුදුරජාණන් වහන්සේ මෙයින් වදාළ සේක.

--

--

Siri Shamendra
Dhamma Talks for Life

I design, code, and make complex applications and frameworks. But I believe “Simplicity is the ultimate sophistication!”