WePiggy ණය දීමේ ප්රොටෝකෝලය Oasis ජාලය සමග ඒකාබද්ධ වීමට කටයුතු කරයි

Aman Ashraf
Oasis Foundation
3 min readFeb 12, 2021

--

වගකීමෙන් මිදීමේ ප්‍රකාශනය: මෙම ලිපිය Oasis Network ප්‍රජාවේ සාමාජිකයන් හට කරන ලද ප්‍රජා පරිවර්තනයකි. නිවැරදි පරිවර්තන සැපයීම සඳහා දැඩි පරීක්ෂාවන් සිදු කරනු ලබන නමුත් වැරදීම් සහ මග හැරීම් වලට භාජනය විය හැකිය. පරිවර්තනය කරන ලද තොරතුරු වල නිවැරැදිභාවය,විශ්වාසනීයත්වය හෝ පරිවර්තනය වූ කාලවකවානුව සඳහා Oasis ජාලය වගකිවයුතු නොවේ.

මුල් ප්‍රකාශනය ඉංග්‍රීසියෙන්: WePiggy Lending Protocol Will Be Integrating With the Oasis Network

DeFi වත්කම් ණය දෙන වෙළඳපල ප්‍රොටෝකෝලයක් වන WePiggy, Oasis ජාලය සමඟ ඒකාබද්ධ වන බව නිවේදනය කිරීමට අපි සතුටු වෙමු.

WePiggy ආයෝජකයින්ට පොලී උපයා ගැනීම සහ ක්‍රිප්ටෝ ණයට ගැනීම සඳහා එක්-නැවතුම්-වෙළඳසැලක් (one-stop-shop) ලබා දෙයි. වෙනත් ණය දෙන වේදිකාවලට සාපේක්ෂව, ඔවුන්ගේ පරිශීලකයින්ට ප්‍රයෝජනවත් මූල්‍ය මෙවලම් කට්ටලයක් සන්නද්ධ කිරීම ඔවුන්ගේ ඉලක්කය වන අතර, ඒවායින් සමහරක් ඉක්මනින් දියත් කරනු ඇත, ඒවා අතර හදිසි ණය, ස්ථාවර පොලී අනුපාත ණය දීම, මූල්‍ය සුපිරි වෙළඳසැල් වේ. WePiggy සැමවිටම පරිශීලක කේන්ද්‍රීය නිෂ්පාදන අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කරන අතර අනාගතයේදී cross-chain වත්කම් හුවමාරුව සහ ණය දීම ද අත්කර ගනු ඇත. ඔවුන්ගේ ණය දෙන වෙළඳපල ප්‍රොටෝකෝලය මුළුමනින්ම විවෘත මූලාශ්රයකි.

මෑත කාලයේදී mainnet දියත් කිරීමත් සමඟ Oasis ජාලය දැන් සජීවීව හා හොඳින් ස්ථානගත වී ඇති අතර එහි පරිමාණ ප්‍රසාරණය කළ හැකිය, පෞද්ගලිකත්වය සක්‍රීය කළ සැලසුම සමඟ DeFi විප්ලවීය වෙනසක් සිදු කරයි. දත්ත සංකේතනය කර ආරක්ෂා කර ගැනීමෙන්, Oasis ජාලයට ඉදිරිපස ධාවනයෙන්(front running) ආරක්ෂා විය හැකි අතර, පුද්ගලයන්ගේ කීර්තිනාමය සහ ණය සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා බැංකු වාර්තා සහ මූල්‍ය ප්‍රකාශන වැනි සංවේදී දත්ත උපයෝගී කර ගන්නා විවෘත මූල්‍ය යෙදුම් නව පන්තියක් සක්‍රීය කරයි. Oasis DeFi පරිසර පද්ධතිය වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද Balancer,Meter,Stafi,Chainlink,Yfii සහ තවත් හවුල්කාරිත්වයන් ද ඇතුළත් වේ.

“පරිශීලකයින්ගේ අරමුදල්වල සුරක්‍ෂිතතාවයට ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණින්, අපි වඩාත් විවිධාංගීකරණ ණය දෙන වෙළඳපොළක් නිර්මාණය කිරීමට, Smart contract ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීමට ද සහ අපගේ ව්‍යාපාර විෂය පථය පුළුල් කිරීමට ද ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටිමු. ” මෙන් WePiggy මූලික සංවර්ධන කණ්ඩායමේ නායක රොන් පැවසීය. “ Oasis ජාලය යනු අප අවධානය යොමු කර ඇති විශිෂ්ට මහජන දාම(public chain) ව්‍යාපෘතියකි, මෙම ඒකාබද්ධතාවය මඟින් ප්‍රජා පරිශීලකයින්ට ආරක්ෂිත, විශ්වාසදායක, අධිවේගී, පිරිවැයදායි සහ පුද්ගලික පරිශීලක අත්දැකීම් ලබා දීමට ඉඩ සලසයි. මීට අමතරව, මූලික සංවර්ධන කණ්ඩායම සුදුසු වේලාවක ප්‍රජා යෝජනාවක් මගින් ROSE ලැයිස්තුගත කිරීමට යෝජනා කරනු ඇත. මෙය WePiggy ප්‍රජාව Oasis ප්‍රජාව හා සම්බන්ධ කිරීමට සහ DeFi පරිසර පද්ධතියට වඩා හොඳින් සම්බන්ධ වීමට ROSE කාසියට ඉඩ සලසයි. ”

WePiggy ප්‍රොටෝකෝලයෙහි ROSE ලැයිස්තුගත කර තිබීම ROSE ටෝකන් දරන්නන් සඳහා මෙම ප්‍රබල මූල්‍ය මෙවලම් අගුළු හරිනු ඇත - ඔවුන්ගේ ROSE ට එරෙහිව ණය ලබා ගැනීමට සහ පොලී උපයා ගැනීමට සහ විවිධ බලවත් හා ප්‍රායෝගික මූල්‍ය මෙවලම් අත්විඳීමට ඔවුන්ට හැකි වේ. Oasis ජාලය ගැන එතරම් දැනුමක් නැති ටෝකන හිමියන්ට ROSE ටෝකනයට ප්‍රවේශය සහ නිරාවරණය ලබා ගැනීමට ද එය ඉඩ සලසා දෙයි. අනාගතයේ දී, WePiggy විසින් සමස්ත බ්ලොක්චේන් ප්‍රජාවට විමධ්‍යගත රහස්‍යතා-පළමු ණය දීමේ ප්‍රොටෝකෝලයක් ගෙන ඒම සඳහා පරිමාණ ප්‍රසාරණයේ හැකියාව සහ රහස්‍ය පරිගණකකරණය වැනි Oasis හි නවීන තාක්ෂණයන් යොදා ගනී.

WePiggy ප්‍රොටෝකෝලය Oasis ජාලය සමඟ ඒකාබද්ධ කිරීම සහ WePiggy හි ණය දෙන වෙළඳපොලේ ROSE එකතු කිරීම දැකගන්නට අපි දැඩි උනන්දුවකින් සිටිති.Oasis භූමියේ DeFi පරිසර පද්ධතිය පරිමාණ කිරීම සඳහා WePiggy වැනි අපි විශිෂ්ට කණ්ඩායම් සමඟ දිගටම කටයුතු කරන්නෙමු.

Oasis පදනම පිළිබඳව

Oasis පදනම (www.oasisprotocol.org) යනු Oasis ජාලය අවට සංවර්ධනය හා පරිසර පද්ධතියට සහාය වන සංවිධානයකි. Oasis ජාලය යනු විවෘත මූල්‍ය සහ වගකිවයුතු දත්ත ආර්ථිකයක් සඳහා පුද්ගලිකත්වය සක්‍රීය කළ බ්ලොක්චේන් වේදිකාවකි. පරිශීලකයින්ට ඔවුන්ගේ දත්ත සහ මූල්‍ය ස්වෛරීභාවය නැවත පාලනය කිරීම සහ හිමිකම ලබා දීම සඳහා නිර්මාණය කර ඇති මෙම පදනමේ මෙහෙවර වන්නේ මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන ව්‍යාපෘති, සංවර්ධකයින් සහ ප්‍රජා සාමාජිකයින්ට අවස්ථාව ලබා දීමයි. Oasis ජාලය පිළිබඳව වැඩිදුර දැන ගැනීම සඳහා oasisprotocol.org වෙත පිවිසීමෙන් හෝ පදනමේ Twitter හෝ Telegram හි අනුගමනය කරන්න.

WePiggy පිළිබඳව

WePiggy යනු විවෘත-මූලාශ්‍ර, භාරකාර නොවන, ක්‍රිප්ටෝ වත්කම් ණය දෙන වෙළඳපල ප්‍රොටෝකෝලයකි. WePiggy හි වෙළඳපල තුළ, පරිශීලකයින්ට ඔවුන්ගේ ක්‍රිප්ටෝ වත්කම් පොලිය උපයා ගැනීම සඳහා තැන්පත් කළ හැකිය, නැතහොත් පොලිය ගෙවීමෙන් වෙනත් ක්‍රිප්ටෝ වත්කම් ණයට ගත හැකිය. WePiggy හි අරමුණ වන්නේ cryptocurrency හි නිදහසේ සහ විනිවිදභාවයේ ප්‍රතිලාභ වඩාත් පුළුල් පරිශීලක ප්‍රජාවට වඩාත් මිත්‍රශීලී හා සරල ආකාරයකින් ව්‍යාප්ත කිරීම මෙන්ම ධනය කළමනාකරණය සඳහා ඔවුන් සඳහා හොඳ හවුල්කරුවෙකු වීමයි.

Website: https://wepiggy.com
Twitter: https://twitter.com/wepiggydotcom
Medium: https://wepiggy-com.medium.com
Forum: https://gov.wepiggy.com
Discord: https://discord.gg/pew9k58
Github: https://github.com/WePiggy

--

--