Coursera ගැන දැනගමු

Chandimal Adikari
Sinhalen
Published in
3 min readNov 20, 2020
මුලාශ්‍රය : https://www.coursera.org/

අන්තර්ජාලය හරහා ලබා දෙන පාඨමාලා වන MOOCs ගැන අපි පසුගිය ලිපියේ දැන ගත්තා. Coursera කියන්නෙ එම පාඨමාලා මාලා සපයන්නෙක්. Coursera ආයතනය 2012 වසරේ දී Andrew Ng සහ Daphne Koller යන ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් (Stanford) විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු දෙදෙනෙක් විසින් ආරම්භ කරන ලද්දක්. 2020 වසර වන විට මෙම වෙබ් අඩවිය භාවිතා කරන ලද පිරිස මිලියන 60 ඉක්මවනවා. ඊට අමතරව ආයතන 2400කට ආසන්න සංඛ්‍යාවක් මෙම ආයතන ඔස්සේ තම ආයතන වල සේවය කරන්නන්ට අධ්‍යාපනය ලබාදෙන්න තරම් විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. මේ වන විට Coursera ඔසසේ පාඨමාලා 4200ට අධික සංඛ්‍යාවක් ඉගැන්වීම සිදුවෙනවා.

Coursera වෙබ් අඩවියේ දත්ත (statistics) from https://blog.coursera.org/about/ on 21/05/2020

Coursera වල පාඨමාලා ආකාර කිහිපයක්ම තියෙනවා.

1.Courses (පාඨමාලා)

පාඨමාලා කියන්නේ Coursera වල තියෙන කුඩාම අධ්‍යන ආකාරයයි.සාමාන්‍ය වශයෙන් සති දෙකක් , මාසයක් අතර කාල පරාසයක් Coursera වෙතින් පාඨමාලාව සදහා වෙන් කරනු ලබනවා. නමුත් අපගේ වේගය අනුව එය ඊට ඉක්මනින් අවසන් කිරීමේ හැකියාවද තියෙනවා . මෙම පාඨමාලාවල, ස්වයංක්‍රීය ශ්‍රේණිගත ප්‍රශ්නාවලි(Auto-graded Quizs), Peer-feedback assignments (වෙනත් ශිෂ්‍යයන් විසින් හුවමාරුව මගින් ලකුණු ලබාදෙන පැවරුම්) අන්තර් ගත වෙනවා. මේවා සියල්ල සමත් විමට අවශ්‍ය ලකුණු ප්‍රමාණ ඇතුව නිම කලොත්, Coursera මගින් පාඨමාලා සම්පූර්ණ කිරීමේ සහතිකයක් (Course Completion Certificate) උපයා ගත හැකිය.

Coursera මගින් ලබාදෙන පාඨමාලා සම්පූර්ණ කිරීමේ සහතිකයක් (Course Completion Certificate)

2.Specialization (විශේෂීකරණ)

විශේෂීකරණයක(Specialization) පෙර සදහන් කල පාඨමාලා 2ක් හෝ කිහිපයක් අන්තර් ගතවෙනවා. විශේෂීකරණයට අදාළ පාඨමාලා සියල්ල නිම කිරිමෙන් විශේෂීකරණ සහතිකයක් (Specialization Certificate) Coursera මගින් ලබාගත හැක. බොහෝවිට විශේෂීකරණයක කාල සිමාව මාසයකට වැඩියි. නමුත් කලින් කිව්වා වගේම, අපගේ වේගය අනුව එය තීරණය වෙනවා.

Coursera මගින් ලබාදෙන විශේෂීකරණ සම්පූර්ණ කිරීමේ සහතිකයක් (Completion Certificate for a Specialization)

3. Professional Certificate (වෘතීය සහතිකත්ව පාඨමාලා )

බොහෝවිට යම් ආයතනයක් මගින් යම් හැකියාවක් ප්‍රගුණ කිරීමකට වන පාඨමාලා මෙම ගණයට අයත් වෙනවා . උදා : IBM Applied AI Professional Certificate මේවාද Specialization (විශේෂීකරණ) ආකාරයෙන්ම පාඨමාලා 2ක් හෝ කිහිපයක් අන්තර් ගතවෙනවා. අදාළ පාඨමාලා සියල්ල නිම කිරිමෙන් වෘතීය සහතිකත්වයක් (Professional Certificate) Coursera මගින් ලබාගත හැක. මෙයත් විශේෂීකරණ සහතිකයකයකට (Specialization Certificate) බොහෝ සෙයින සමානයි.

4. Master Track Certificate

විශ්ව විද්‍යාලයක අධ්‍යනවාරයක (Semester) අඩංගු තරම් වන පාඨමාලා ප්‍රමාණයක් අන්තර් ගතවෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ මෙහි ලබාගන්නා ලකුණ ඇතැම් විශ්ව විද්‍යාලවල අදාළ විෂයන්ට ලකුණක් ලෙස භාවිතා කල හැකි විමයි. (Credit Transfer). මේවාට බොහෝ විට මුදල් ගෙවිමට සිදුවේ.

5. Degrees (උපාධි )

Online ආකාරයට විශ්ව විද්‍යාල මගින් Coursera හරහා පිරිනමන ප්‍රථම උපාධි (Bachelor’s Degrees) සහ පශ්චාත් උපාධි (Masters Degrees) මේ ගණයට අයත් වෙනවා. මේවාටද බොහෝ විට මුදල් ගෙවිමට සිදුවෙනවා.

Coursera මගින් පිරිනමන පරිගණක විද්‍යා උපාධි කිහිපයක්

මේ ආකාරයට තම Coursera වල, පාඨමාලා බෙදී තිබෙන්නේ . අපි ඊලග ලිපියෙන් බලමු, මේවායේ නොමිලේ සතියක් ලැබෙන ආකරයට ගිණුමක් පටන් අරන් අධ්‍යන කටයුතු කරන විදිය.

--

--

Chandimal Adikari
Sinhalen

Passionate about innovative solutions from Information Technology.